නිල තල බලයන් ඇතිමුදු නැත පල


සසරේ බියකරු බව දැන හදුනා
මිතුරේ කළ පව් නැසුමට සොදිනා
වතුරේ පාවෙන ඔරුවකි සිතිනා
නිතරේ භව ගැන සිතමැන         නැණිනා

නිල තල බලයන් ඇතිමුදු නැත         පල
කලබල නැති සිත තුළ ඇත හැම බල
දොලවල ගලනා දියබිදු දෙස බල
ගල ගල යනමුදු නැතිවෙද හැඩ      තල

නිසසල සසරේ රූසිරි දකිමින්
පනනල තණ අග රැුදි දිය බිද මෙන්
දනබල සිදලා ඒ ගැන නැණසින්
නිකසල වන්නට හැකිවෙයි මනසින්

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න