Monday, September 30, 2013

පිපෙන්නට වෙර දරයි එහෙත් ඒ මල මලානිකයි. ඒ මන්ද යත්?


ජීවිතය දිනන්නට මෙන්ම ජීවිතයට සවිමත් පියගැට පෙළක් නිමවන්නට බොහෝ දූදරුවන් පිරිසක් වෙර දරයි. එහෙත් ඒ වෙර දැරීම කෙතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන වග අද මුළු ලෝකය දෙසම බලන කල මැනවින් පසක් වනු ඇත. දැනමින් පෝෂණය වුවත් යහගුණයෙන් නොපිරිපුන් නිසාම සෑම දරුවෙකුටම මානසික ආතතීන්ගෙන් ග්‍රහණය වූ පරිසරයක් නිමැවි ඇත. අප ප්‍රථමයෙන් සිතිය යුත්තේ පුංචිම පුංචි පැලයක් ගැනම පමණයි. පුංචි පැලයකට අවශ්‍යය වන්නේ වාතය,ජලය,පොහොර සහ සුව පහසුවෙන් වැඩෙන්නට අවැසි ස්ථානයක් පමණයි.

වාතය
ජලය
පොහොර
ස්ථානය
මේ සියල්ලම නිසි පරිදි ඇත්නම් ඒ පැලය මැනවින් රෝපණය වෙන්නේ ඉබේමය. එහෙත් එයට නොයෙකුත් ආකාරයේ කෘතිම පොහොර ගෙනැවිත් එකතු කරන්නේ නම් එහි ඇති වටිනාකම හීනවී යනු ඇත. එලෙසමය අප සමාජයේ දිවිගෙවන්නාවූ පුංචි මල් කැකුළු වන් හය හතර නොතේරෙන දරු දැරියන්ට ඔවුන්ගේ වයසට නොගැලපෙන අයුරින් නොයෙක් දේ පරිශීලනය කරන්නට දීම නිසා හා දෙමාපියන් විසින් ඔවුන්ට දිය යුතු වන

මෙත් සිත
කරුණික බව
සතුටු සිත
මැදහත් සිත
ආදරය
ආරක්ෂාව
ආදර්ශය
යන කරුණු හත මැනවින් මව හා පියා තුළ නොමැති බැවින් අද ගැටළු වලින් පිරිපුන් සමාජයක් බිහි වී අත. ඉහත සදහන් කරුණු සතෙන් මුල් කරුණු සතර මව සතු විය යුතුය. අනිකුත් කරුණු තුණ පියා සතු විය යුතුය. පැරණි සමාජය තුළ හැදුන වැඩුන දූදරුවන් හරි හොදයි. දැන් ඉන්න දරුවන් යක්ෂයන් වැනි යැයි ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. හොද්දට අවශ්‍යය කලමණාකරන සියල්ල අඩු වැඩියකින් තොරව යොදන්නේ නම් ඒ හොද්ද රසයෙන් අනූනය. අන් සියල්ලද එබැවින්මය.

හොද හිත පතුරමින් යහගුණ   දැණුම දිදී
හදනා දරුවො වැඩඹෙයි  ලොව සුවද දිදී
පත්වන විපත් දැක දුරදිම    පැහැයෙ රිදී
සන්තක සිතින් වැඩකරලමු     සිතින් රැදී