Saturday, May 12, 2012

අප සියල්ලොම උපතින් ...

අප සියල්ලොම උපතින් යම් යම් ශාරීරික අඩු ලූහුඩුකම් වලින් පිරී ඉතිරී උත්පත්තිය ලබන්නටත් උපතින් පසු යම් යම් වැරදීම් තුළින් ස්වකීය ශාරීරික අවයවයන් අහිමි වන්නටත් නොයෙකුත් අවස්ථාවන් තුළදී එළඹෙනු ඇත. ඒ හැම අවස්ථාවක්ම අප පිලිගත යුතතේ ශෝකාකූල මුහුණුවරකින් හෝ දුක්ඛිත මානසිකත්වයකින් නොවේ යන අදහස මා මුලින්ම ඔබට සිහිපත් කරන්නට කැමැත්තෙමි. ඒ මන්ද යත්? අප සියල්ලෝම මේ විශ්වය තුළ උපත ලබන මොහොතේ සිට අද දක්වා තවෙකෙකුගේ කරපිටින් පිය නැගූ ගමනක් නැති නැසාවෙනි. සමහරෙකුට මෙය මහා පුදුමයකට තුඩු දෙන අදහසක් වන්නට ඉඩ ඇත . එහෙත් අප පුදුම විය යුතු නොවේ. අප තවත් ධෛර්යට පත්වී උත්සාහයෙන් යුතුව ලොව ජයගන්නට වෙර දැරිය යුතුය. ඉපදුන මොහොතේ අප සතුව හිටියේ දෙමාපිය දෙපල පමණකි එසේම ඔවුන් දෙදෙනා අප සැමගේ ශාරීරික අවයව සියල්ලක්ම මැනවින් නිර්මාණය කරදී ඇත. එසේම ඔවුන්ට කළ හැක්කේද එයම පමණි. අප අපගේ දෙපායුග දණ ගාමින් හා බඩ ගාමින් පෙරට යන්නටත් නැගිටින්නටත් වෙර දරා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද ඔබ සිටින තත්වයට පත්වී ඇත . ඔබ පංචි අවදියේදී ඒ අයුරින් වෙර නොදැරුවා නම් අද ඔබ සිටින්නේ කවරාකාර ඉරියව්වකද යන වග මැනවින් නුවණ මුහුකුරා ගියහුට සිතාගත හැකිය.

ලෝකය තුළ උපත ලබා අප දැනුම් තේරුම් ඇති පුද්ගලයෙකුගේ මට්ටමට පැමිණෙන කල්හී මේ සංසාර ගමන තුළ මැරි මැරී නැවත නැවත ඉපදෙමින් දුක හා සතුට විදිමින් දිව යන්නට වෙර දැරීම එතරම් සුදුසු කාර්යක් නම් නොවනු ඇත . අප හැම මොහොතකම මේ ෂඩ්ඉන්ද්‍රියන් පිනවමින් ගෙවන ජීවිතය යම් මොහොතක අපට අප්‍රිය වනු ඇත . ඒ අප්‍රිය වීමේ ප්‍රතිඵලයක් අයුරිනි විඤ්ඤාණය නැමති මායාකාරයා මේ පංචස්ඛන්ධය හැර වෙනත් පංචස්ඛන්ධයක් කරා ගමන් කරන්නේ. එසේ නම් අප තවත් පංචස්ඛන්ධයක් ගොඩනගන්නට අවැසි පාරිසරික වටපිටාවක් නිමවන්නේ කුමක් නිසාද? අප සියල්ලම මුලිනුපුටා දමන්නට වෙර දැරිය යුතු නොවේද? මේ විෂමාකාරවූ පංචස්කන්ධයක් මුල් කරගනිමින් එය පිරිසිදු කරමින් ආහාරපානාදියෙන් සන්තර්පනය කරමින් මේ සිදුකරන්නේ නය ගෙවීමක් වැනි ක්‍රියාවලියක් නොවේද? ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශණා කරන්නට යෙදුනේ කුමක්ද?


කම්මස්සකා මානව සත්තා කම්ම යොනි කම්ම බන්ධු කම්ම පටිසරණා යංකම්මං කරිස්සාමි කල්යානං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති........................ මේ ආදි වසයෙන් දේශණා කරන ලද්දේ තම තමන් විසින් සිදුකරන ලද හොද හා නරක යන සෑම ක්‍රියාවකම ප්‍රතිඵලය අප පසුපසු පැමිනෙන බවත් එය මුල්කොට උත්පත්තිය සිදුවන බවත් අය නිසාම නෑදෑ හිතමිතුරන් නිමැවෙන බවත් එයම පිළිසරණ කොට වාසය කරන්නට සිදුවන බවත්ය. මෙය නිතරම අසන හා දකින අප සියල්ලොම එය මැනවින් සිහිකල්පනාවෙහි නොතබමින් කට යුතු කරන්නට පෙළඹෙන නිසාම මහත් පීඩිත මානසිකත්වයකට ලක්වී ඇත . අප හැම පුද්ගලයෙකුගේම හැම ගැටලූවකටම මූලික හේතුව මෙලොව ජනිත වීම බව අප දනිමු. එසේ නම් ඒ ජනිතවීමට අප විසින් සිදු කරන ලද වරද කුමක්ද? ලෝකයේ යථාස්වභාවය ඒ අයුරින් නොදැකීමම නොවේද? එය හා එය දැන ඒ අනුව කටයුතු කරන්නට නොපෙලඹිමයි.

සිතමුල් කරගනිමින් අප සියල්ලොම මේ ශරීරය විසින් අයදිනලද හැම අයැදීමක්ම සන්තර්පණය කරන්නට පෙළඹී ඇත . ඒ යම් ඉල්ලීමක් හෝ සන්තර්පණය නොවුනහොත් එහි ප්‍රතිඵලය කෙතරම් ඛේදජනකද යන වග මේ විශ්වය තුළ සිදුවන සිදුවීම්  දෙස බලන කල්හී සිහි ගැන්වෙනු ඇත .


01. පිරිමියෙක් කාන්තාවක්ගෙන් ආදරය බලාපොරොත්තු වේ. එහෙත් ඇත්තටම ඔහු ඇයගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය යනුවෙන් කුමක්ද?


02. ගැහැණියක් පිරිමියෙකුගෙන් ආදරය බලාපොරොත්තු වේ. එහෙත් ඇත්තටම ඇය ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය යනුවෙන් කුමක්ද?


උප සියල්ලොම උම්මත්තකයින් බව ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශීතය. ඒ දේශණාව තවත් ප්‍රත්‍යක්ෂ  කරන්නටම මේ විශ්වය තුළ දිවි ගෙවන්නවුන් තවත් වෙර දරනු මිසක් එය නසන්නට වෙර නොදරන්නේ කුමක් නිසාද? ඉහත සදහන් වන කරුණු පදනම් කරගෙන නොවේද? අප සියලූම දෙනා සතුව පවතින ෂඩ්ඉන්ද්‍රියන්ගේ පිනවීම සදහා අනුගමනය කරනු ලබන එක් වාචික කියාදාමයක් පමණි එය. ඒ වදන මුල්කරගෙන මේ විශ්වය තුළ කෙතරම් ගැටලූ සමූහයක් නිමැවෙනවද? ඒ හැම ගැටලූවකම මූලික අවශ්‍යතාවය ෂඩ්ඉන්ද්‍රියන්ගේ පිනවීම නොවේද? එයමයි. ඒ පිනවීමට ගොස් මුලූ මහත් ජීවිත රාශියකටම සැනසිල්ලේ ගෙවන්නට තිබෙන මානසික සැනසිල්ල අහිමි කරනව නේද? එසේ සිදුවන්නේ සෑම පුද්ගලයෙකුම උම්මත්තකයන් නිසාම වෙති.


උප සියල්ලොම වෙර දරන්නේ නම් මේ උමතු බව නසන්නට මේ විශ්වය මීටත් වඩා ලස්සන වෙනු ඇත


No comments:

Post a Comment