https://www.facebook.com/%E0%B7%83%E0%B7%92%E0%B6%AD-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A-1643879689175985/?ref=aymt_homepage_panel




සිහලුනේ මේ අහපල්ලා මහ ජාතිය පිරිහෙන්නේ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ අනෙක් සුලූ ජාතීන්. එතකොට සුලූ ජාතීන් තව තවත් ශක්තිමත් වෙනව. ශක්තිමත් වෙනව විතරක් නෙවෙයි මහ ජාතියෙ ඔලූවට අත හෝදන්නත් එනව. අපේ මේ සිංහලය වෙලා තියෙන්නෙත් ඒකයි බොලව්. උඹල උඹලගෙ වංසෙ කබල් ගාපල්ලා. අරූ ගොයිගම අරූ දුරාවේ අරූ කරාවේ එහෙම කියල හතර පැත්තකට බෙදිල උඩ රට පහත රට කියල දෙපැත්තකට බෙදිල මේ රටේ දේශපාලකයො බදාගෙන පක්‍ෂ වලට බෙදිල උඹලගෙ හාමුදුරු ගොල්ලො කොරන්නෙත් ඔය ටිකම තමයි. එක එක නිකායවල් වලට බෙදිල බණ එක එකාගේ භුක්තියට ලියාගෙන එක කොස් ඇටයක් වී ඇටයක් හිටවන්නෙ නැතුව සුද්දන්ගෙ පාන් පිටි ටික එනකන් මුහුද දිහා කට අයාගෙන බල හිටපල්ල. උන් උඹලට බජිරි දීල මේ රටේ දේපල ටික සූරගෙන යනකන් බලා ඉදපල්ල. උඹලට ඒවා පෙන්නෙත් නැහැ. ගෙදර ඉන්න එළ වැස්සිගෙ ඛිරි ටික විකුණලා පරදේශක්කාරයින්ගෙ ඛරවල ටික ගෙනැල්ල කාපල්ල දයාතීලා ඩල්සිල වෙලා පියදාසල පීටර්ල වෙලා. බලාපල්ලා මුස්ලිම් ජාතිකයො දිහා. උන් අනුන්ගෙ ඔක නමක්වත් දාගන්නවද? බලාපල්ල දෙමළ ජාතිකයො දිහ. උන් අනුන්ගෙ ඔක නමක්වත් අරගෙන තියෙනවද? උඹල මස් කෑල්ලට රැුවටිලා ආගම වෙනස් කරල. ජාතියක් ජන්මයක් නැති එවුන් ගානට වැටිල. කෝ උඹලගෙ තිබුනු සංස්කෘතිය? සභ්‍යත්වය? ශිෂ්ටාචාරය? කෝ උඹලගෙ තිබුනු මනුස්සකම?ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩ ගෝසතරයට උඹලගෙ ශ්‍රේෂට ඉතිහාසය පාවදුන්න නේද?වැඩි කලක් යන්න මත්තෙන් උතුරෙ මිනිස්සු කියාවි උතුර උන්ට අයිති කියල. මඩකලපුවෙ මිනිස්සු කියාවි මඩ කලපුව උන්ට අයිති කියල. ඊට පස්සෙ අනක් ජාතීන්ට දොස් කියන්ට එපා. සිංහල බෞද්ධයගෙ තියෙන දුර්වලකම හිතල දැන්වත් හරියකට වැඩ කරපල්ල. දැන් සුද්ද උඹලට නිදහස දෙන්න යන්නෙ උඹලට තියෙන ආදරයට නෙවෙයි. උන් හිතාගෙන ඉන්නෙ ලංකාව උන්ගෙ තේවත්ත කියයල. මතක තියාගනිල්ල සුද්දො කවදාහරි දවසක මේ රට දාල යනව එදාට උන් යන්නෙ නිකන් නෙවේ. උන්ගෙ දරුවො වගේ කලූ සුද්දො තිස් හතලිස් දාහක් මේ රටේ බිහි කරල. එදාට මේ රට පාලනය කරන්නෙ අන්න ඒ කලූ සුද්දො තමයි. උන් සිංහල භාෂාවට සිරිත් විරිත් වලට වෛර කරනව. උන් උඹලගෙ දරුවන්ට උගන්වාවී ජාති භාෂා ආගම් අතර භේදයක් නෑ කියිල. ඉංගී‍්‍රසි ජාතිකයින් මුස්ලිම් ජාතිකයින් දෙමළ ජාතිකයින් මේ ඔක්කොම එතයි කියල උගන්වාවී. උන් කියාවි අපේ රට මේ හැමොටම අයිති කියල. එහෙම කියල උන් ඉංගී‍්‍රසියම රජ කරාවි. පන්සල් වටේට පල්ලි කොවිල් හදාවි. උඹල උඹලව බේරගන්න දියසේන කුමාරය ඉපදෙනකන් බලා ඉදපල්ල. ඉපදෙන්න ඉන්න දියසේන කුමාරයින්වත් මේ සුද්දන්ට තිඹිරි ගෙයිදීම මරල දාන්න පුලූවන්. එාදට අපේ හාමුදුරුවන්ටත් ඉනා බේත් දේවී. ඊට පස්සෙ උඹලගෙ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගෙ ධත නියො නියො ඉන්න සිද්ධ වෙනව. භේද භින්න පක්‍ෂ පාට කුල මල ගොත් අත් හැරල සිංහල ජාතියක් විදියට එකට ගොඩ නොනැගුනොත් මේ සිංහල ජාතිය වදවන දවස වැඩි ඈතක නොවේ

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::