ඔබ නැණවතෙකි එහෙත් ඔබ....................................?


දිනන්නට මිස පරදින්නට අප කිසිවෙක් මේ විශ්වය තුළම අකැමැත්තෙමු. එහෙත් අප නිතරම එකම කි්‍රයාවලියක නියැලෙමින් හිද අපේ අනාගත බලාපොරොත්තු මල්ඵල ගන්වන්නට හැකිදැයි ඔබ ඔබගෙන්ම සිතන්න. ඒ මන්ද? ඔබ නීතීඥයෙක් වන්නට නම් එයට අදාල දැනුම ලද යුතුය. එසේම ගුරුවරයෙක් වන්නට නම් එයට අදාළ දැනුම මැනවින් ලද යුතුය. ගොවියෙකු වන්නට නම් එයට අදාළ දැනුමද මැනවින් ලද යුතුය. සොරෙකු වන්නටද ඒ දැනුම ඒ අයුරින්ම නොලදහොත් කෙදිනක හෝ හිරේ විලංගුවේ වැටෙන්නට අවකාශය ලැබුණත් එයටද මනා දැනුමක් නොලදහොත් ඉක්මනින්ම හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවේ. එසේමය අනිකුත් වෘත්තීන්හී නියැලෙන්නටද මනා දැනුමක් නොලබන්නේ නම් තමන් මහා ගැටලූ රාශියක හිමි කාරයෙකි. එසේමය සමාජය තුළ මැනවින් යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වන්නට නොදන්නේ නම් එවිටද මහා ගැටලූ රාශියකි. අප නිතරම දතයුතු යම් අදහසක් ඇත . එනම්? ඔබ එකම කි්‍රයාවලියක් තුළ නියැලෙමින් හිද වෙනත් ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න. එසේ බලාපොරොත්තු වන්නේ නම් ඔහු උමතු පුද්ගලයෙකි. එහෙත් ඔබ අනුගමනය කරන ක්‍රියාවලිය වෙනස් කරන්නේ නම් අනාගතේ ලැඛෙන ප්‍රතිඵලයද වෙනස් වේ. ඒ තල වපුරා තලම ලබන්නාක් මෙනි. 
අද බොහෝ පිරිසක් සුන්දර අයුරින් ගෙවන්නට ඇති දිවිය තුළ ගින්දර අවුලාගෙන ඇත්තේ සුදුසු කලදි සුදුසු කටයුතු කිසිත් මැනවින් සපුරා නැති නිසාවෙනි. අප සෑම කි්‍රයාවක්ම සිදුකරන්නට යාමේදී ප්‍රථමයෙන්ම එය සුලූ සුලූ වැරදීම් වලින් යුතුවේ. සර්ව සම්පූර්ණව සිදුකරගත හැකි නොවේ. එහෙත් එය වැරදුනා යැයි සිතා අප එය පසෙකට දැමීමද නොකළයුතුය. ඒ මන්ද යත්? වැටි වැටී නැගී සිටීමෙන් මහා ශක්තිමත් පුද්ගලයෙකු ගොඩනැගිය හැකි නිසාවෙන්මය. පංතියේ ගණන් හදන්නට බැරියැයි සලකා පංතියේ පසෙකට වී බලා සිටියදී පංතියෙන් පිටමන් කළ තෝමස් අල්වා එඩිසන් අදවන විට අදුර දුරුකරන විදුලි බල්බය ඇතුලූ විද්‍යා භාණ්ඩ 100ට අදික ප්‍රමාණයක් නිමවන ලද්දේ වැරදීම් සිදුවීමෙන් හා ඒ වැරදි නැවැරදි කරගැනීමෙනි. වැරදීම ලෝකයේ සියලූම දෙනාට සිදුවන්නකි. එය ස්වෝත්සාහයෙන් ජයගෙන පෙරට යන්නට වෙර දරන්නේ නම් ඒ තුළින් මුලූ ලොවම දිනිය හැක. ඒ හැකියාව ඔබ සතුව ඇත . අවශ්‍ය වන්නේ නොසැලෙන උත්සාහය තුළින් ප්‍රඥාව මෙහෙයවා කටයුතු කිරීම පමණි. අප මෙලොවට ජනිත වන විට හරියට එඩන්නටවත් නොදත්තෙමු. එහෙත් නිතර නිතර හැඩීමෙන් හඩන්නටත් අනිකුත් කි්‍රයාවන් නැවත නැවත සිදු කිරීමෙන් අද සිටින තත්වයටත් පැමිණ ඇත . එහෙත් අප කිසිත් නොකර මට කිසිත් නැත කිසිවක් නොහැකි යැයි සිතා හා කියමින් පසෙකටවී හිදින්නේ නම් ලැබුණු මොලය හා ස්නායු පද්ධතියද අකි්‍රයවී මන්ද මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙක්ම වනු ඇත . එබැවින් ඔබට බැරියැයි සම්මත හා සතුට හා වාසනාව අහිමියැයි නොසිතන්න. අප සියල්ලන්ටම සියල්ල හිමී. අප ඒ කරා යන්නට අවැසි මග මැනවින් සකසා ගතයුතුයි. එය ඔබ සතුයි.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::