ඔබ ස්වභාව දහමට නතු නොවන්නේ නම් ස්වභාව දහම ඔබට දඩුවම් දෙනු ඇත


විශ්ව සම්මත ධර්මතාවයට අනුකූලව මේ ලෝකය තුළ උපත ලබන අප සියලූම සත්වයින් උපතින් ස්වභාවික ශරීරාවයවයන් ප‍්‍රමාණයක් උරුමකර ගන්නෙමු. එනම්

ඇස රූප
කන   ශබ්ද
නාසය ගන්ධ
දිව රස
සරීරය ස්පර්ශ

මේ ස්ථානයන් සන්තර්පණය කරමින් ජීවත්වන අප සියල්ලෝම සිතට දැනෙන සියල්ල මොලයට දැනුම් දීමෙන් අප සතු පංච ඉන්‍ද‍්‍රියන් හරහා ඒ සියල්ලම සපුරාගන්නේ කොටස් දෙකකට බෙදමිනි. එනම්

දුුක suffering
සතුට happy
මේ ක‍්‍රියාවලිය නිතරම එකම අයුරකින් පිහිටුවාගන්නට කොතරම් උත්සහ කළත් එය අද පවතින සමාජය තුළ ඒ අයුරින්ම පවත්වා ගන්නට නොහැකි බව අපට මැනවින් දැනේ. එහෙත් අප සන්සුන් නිවහල් මානසිකත්වයකින් කටයුතු කරන්නට වෙර දැරිය යුතුය. ලෝකයේ අප සතු යහපත් ශිෂ්ටාචාරය විනාශ කරන්නට වෙනත් රටවල උදවිය කෙතරම් මාන බලමින් සිටිනවාද යන්න ඔබ මදක් හෝ සිතනවාද. ඒ ඔවුන් අපගේ ශිෂ්ටාචාරය විනාශ කරලන්නට හේතුව කුමක්ද? මීට දශක 6ට පමණ පෙර ශ‍්‍රී ලංකාව ආහාර නිශ්පාදනය අතින් සංවර්ධිත රටකි. එහෙත් අද මේ රට පරපෝෂිත රටකි. අපේ හෙලදිවට පෙර දින පරදේශක්කාරයෝ ආමන්ත‍්‍රණය කලේ ස්වයංපෝෂිත සංවර්ධිත රටක් යනුවෙනි. ඒ නිසාමයි මීට වසර ගණනකට පෙර සිංගප්පූරුවේ ජනාධිපති ලංකාවට පැමිණ ප‍්‍රකාශ කලේ සිංගප්පූරුවත් ලංකාව වගේ නිර්මාණය කරනව කියල. ඔහු එදාකියපු කාරණය ඒ අයුරින්ම සිදුකර හමාරයි. එහෙත් අප අද සිටින්නේ කොතනද? උපට අවශ්‍යය බත් ඇටයේ පටන් සියල්ලම පරදේශක්කාරයන්ගෙන් ගෙන්වයි. යම් මොහොතක ඔවුන් අපට ආහාරපාන සැපයීම ප‍්‍රතික්ෂේප කරන්නේද? එදාට අප සියලුම දෙනාට හාමතේ මියෙන්නට මිසක් වෙන කිසිදු කාර්යක් ඉතිරිව තිබේද?  අපි හිතනව එතකොට අපි මැරිල ඉදීවි කියල. එහෙත් අපේ දරු මුනුබුරන් ජීවත්වන්නේ කොහොමද. ඔවුන්ට නිදහස් නිවහල් රාජ්‍යයක් උදාකර තිබෙනවාද? දැන් හෙලදිව බතුත් නැහැ බුලතුත් නැහැ. එහෙත් අපි හැමොම කියාගන්නව බත බුලතින් සරු රටක් කියල. කෝ ධර්මද්වීපය?
පුද්ගලයෙක් සංවර්ධනය වීමට අවශ්‍යය කරුණු දෙකකි. එනම්
සිත
ප‍්‍රඥාව
මේ ද්විත්වය විනාශවන්නේ යම් මොහොතකද? එතන මහා ගිනි ජාලවක් නිර්මාණය වනු ඇත. එය නිමන්නට සමත් වන්නේ කෙසේද? එසේ නම් පරදේශක්කාරයෝ මේ කියන සිත හා ප‍්‍රඥාව විනාශ කලේ කොහොමද?

මත් ද්‍රව්‍යය
කිරිපිටි                                              ප‍්‍රඥාව
කෘෂි රසායන ද්‍රව්‍යය
විද්‍යුත් උපකරන

ආශාව
තරහ                                                 සිත
නොදැනීම
ඉහත සදහන් සියලූම හේතුසාධකයන්ගෙන් ජීවියාගේ ප‍්‍රඥාව හා සිත විනාශයට පත්වෙයි. එලෙසම මොලයට සම්බන්ධ පසිදුරන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපණ වෙයි. ඒ හමුවේ සිත පමණක් තනිවම සුසුම් හෙලා මේ සිරුර අතහැර විශ්වයට එකතු වන්නේය. නැවතද කවර හෝ රූපයකට පණ පොවයි. එහෙත් කිසිදු සත්‍යයක් අවබෝධ කරගෙන නොමැත. ජීවියාගේ මුල් අවදිය තුළ ඉහත සදහන් දෑ අනුගමනය කලේ ස්වකීය චින්තනයටම හා ස්වකීය අධ්‍යාත්මයටම අනුකූලවමයි. එහෙත් අද ඔවුනොවුන් සියලුම දෙනාට එකිනෙකා පෙන්වන්නට නොහැකි මානසිකත්වයක් ගොඩ නගා හමාරය.
මේ විශ්ව ධර්මතාවයේ ක‍්‍රියාකාරිත්වය මැනවින් තේරුම්ගෙන කටයුතු කරන සියලුම මිනිසුන්ට කායික මානසික ඒකාග‍්‍රතාවයකින් දිවිගෙවිය හැක. එහෙත් එයට පරිබාහිරව ගමන් ගන්නා සියලුම දෙනා අන්‍යයන්ටද හානි පමුණුවමින් පෙරට ගමන් ගනී. එය මේ ස්වභාවදහමේ වෙනසට මහත් රුකුලකි. ලෝකය තුළ එක් එක් කාලපරාශයන් තුළ රට පාලනය කලයුතු අසිපත අතට ගනුයේ එයට සුදුසු ගුණ දහම්හී නොපිහිටනවුන් නම් එතනදි මුලූ විශ්වයම වෙනස්වී සුනු විසුනුවනු ඇත. එය බුදුරජාණන් වහන්සේ විසින් චක්කවත්ති සීහනාද සූත‍්‍රය තුළ මැනවින් දේශනාකොට ඇත. ස්වභාව දහමට අනුකූලව දිවිිගෙවන්නේ නම් ඔහුට සප්ත රත්නයක් උරුමවනු ඇත. එනම්
1. ඇත්
2. අස්
3. රිය
4. පාබල
5. ස්තී‍්‍ර
6. මැණික්
7. චක‍්‍ර
ඉහත සදහන් වස්තූන් සියල්ලටම මහත් ආශ්චර්යමත් කි‍්‍රයාවන් සිදුකළ හැකිය. මේ සප්ත රත්නය ඇත්තේ යම් ස්ථානයක්ද ඒ ස්ථානය තුළ මුලූ ලෝකයම මැනවින් හසුරවන්නට හැකි ශක්ති කදම්බයක් ගොනුවී ඇත. එසේ් වස්තූන් ලබන්නට දස කුශල්හී මැනවින් දිවි ගෙවිය යුතුය. එසේ නොවන්නට සියල්ලෙන්ම පරිහානියට පත්වනු ඇත. අප මේ විශ්වය තුළ අද බලාපොරොත්තු වනුයේ තාවකාලික සැනසීමක්ම පමණක් වන නිසා බුදුුරජාණන් වහන්සේගේ දහමට පිටුපා නොමගක යන්නට පුරුදු වී ඇත. ඒ නිසාම අප දුක්කිත පීඩාකාරි මානසික දිවිි පෙවෙතකට උරුමකම් කියන්නෙමු. මෙය අපට වෙනස් කළ නොහැකිද?
අප සියලූම සත්වයින් ඒ ඒ අවස්ථාවන් තුළදී අනුගමනය කළ යම් යම් අරමුණු හමුවේ මහත් ආන්දෝලනාත්මක ගැටලූ රාශියක් අප හමුවේ අද නිමැවී ඇත. මේ සියල්ල නිවැරදි කරන්නට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මාර්ගයම අනුගමනය කරමින් සහනයක් ලබාගත හැකිය. ඒ කෙසේද?

දස කුසල්                                                 දස අකුසල්

සතුන් නොමැරීම සතුන් මැරීම
සොරකම් නොකිරීම සොරකම් කිරීම
කාමය වරදවා නොහැසිරීම කාමය වරදවා හැසිරීම
බොරු නොකිම බොරු කීම
කේලම් නොකීම කේලම් කීම
හිස්වචන නොකිම හිස් වචන කීම
පරුෂ වචන නොකීම                           පරුෂ වචන කීම
අන් දෑට ආශා නොකිරීම අන්දෑට ආශා කිරීම
ද්වේශ නොකිරීම ද්වේශ කිරීම
නිවැරදි දැකීම වැරදි දැකීම
ඉහත සදහන් ගුණ දහම් තුළ මැනවින් හැසිරෙන්නේ නම් ඒ පුද්ගලයා හා ඔහු දිවිි ගෙවන සමාජය යහපත් අයුරින් බබලයි. ඔහු තුළ කිසිදු මානසික අතෘප්තියක් ඇති නොවේ. එසේම බුදුුරජාණන් වහන්සේ විසින් දේශිත සප්ත අපරිහානීය ධර්මයන් මුලූමහත් සමාජය තුළ ක‍්‍රියාවට නන්වන්නේ නම් ඒ සමාජයද වලා ගැබින් මිදි පුන්සද මෙන් බබලයි.
සප්ත අපරිහානී ධර්මයෝ

1.     දැහැමි පාලකයා සියල්ලටම ඉහළින් නීතිය රජ කරවිය යුතුවේග නීතියේ අපක්ෂපාතිත්වය හා සාධාරණත්වය තහවුරු කරමින් එහි රැකවරණය සියල්ලන්ට සමව සැලැසිය යුතුය
2. වැඩිිහිටියන්ගේ අවවාද අනුශාසනා ගැනීම හා ඔවුන්ට ගරු බුහුමන් කිරීම
3. කුල කාන්තාවන් රැුකීම හා ඔවුන්ට ගරු කිරීම
4. පූජ්‍ය පූජකාදීන්ට ගරුබුහුමන් කිරීම හා අනුශාසනා පිලි පැදීම
5. පවතින පූජනීය ස්ථාන සුරැකීම හා ගොඩ නැගීම
6. රටේ පාලකයන් සමගිව නිතර රැුස්වීම
7. පාලකයන් නිතර සමගිව රැුස්වී සමගිව කතාකර සමගිව විසිර යාම
මේ ගුණ දහම් අද සමාජය තුළ මැනවින් අනුගමනය කරනවාද. නහැ. එය අනුගමනය නොකරන නිසා ගැටුම් ඇතිවී තිබෙනවා නොවේද. ඔව්. රටේ හැම පාලකයෙක්ම අන්‍යයන්ගේද අදහස් වලට ඇහුම්කන් නොදෙන්නේ නම් එතනදී මහත් පිරිහීමක් සිදුුවනු ඇත . එය මෙනයින් පහදනු ඇත .
දස රාජ ධර්ම
1. දානය සිව්පසය
2, පරිත්‍යාගය තමාගේ ශ‍්‍රමය
3. ශීලය සිත කය වචනය
4. තපස ආත්ම දමනය
5. අවිහිංසාව                          මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව
6. අක්‍රෝධය වෛරය ඉරිෂියාව කෝපය
7. සෘජු බව අට ලෝ දහමට කම්පා නොවීම/ මලක් මෙනි   / ගලක් මෙනි
8. මෘදුු බව පර දුුක්හී උණුවීම ගැඹුරු වීම
9. ඉවසීම වීරිය
10 අවිරෝධතාව අන්‍යයන්ගේ නිවැරදි වදන්වලට ඇහුම්කන් දීම

දස සක්විති වත්

1. ධර්මය ඇසුරු කරමින් ධර්මය ගුරුකොට ගනිමින් ධර්මයම කොඩියක් කොට ගනිමින් ධර්මයම අධිපති බවෙහි තබමින් අඹුදරු මෙන්ම ස්වකීය ජනයා පිළිබදවද එසේම සිතිය යුතුයි
2. ක්ෂත‍්‍රීය ජනයා පිළිබදවද එසේම සිතන්න
3. බ‍්‍රාහ්මණ ගෘහපතියන් පිළිබදවද එසේමය
4. නියම්ගම් ජනපද වැසියන් ගැනද එසේම සිතන්න
5. මහණ බමුණන් ගැනද එසේම සිතන්න
6. සතුන් ගැනද එසේම සිතන්න
7. රටතුළ අදැහැමි ක‍්‍රියා නොවීමට වග බැලීම
8. රටෙහි ධනය නැති අයට ධනය හා වස්තුව බෙදා දීම
9. සිත දියුණු කරන මහන බමුණන් වෙත එළඹ සුවදුක් විමසීම හා අනුශාසනා ලැබීම
10. අකුසල් බැහැර කර කුසල්හී නියැලීම

මේ අයුරින් කටයුතු කරන ස්වකීය සතුටම පමණක් නොසිතන රාජ්‍යය නායකයාට දෙව්ලොව දෙවියන් පවා ආශිර්වාද කරයි. ස්වභාව දහමේ ආශිර්වාදය මැනවින් ලැබේ. එවිට ්ක්‍ ගෙවල් තුළ සැගවෙමින් මුරකාවල් දමමින් සිටිය යුතු නොවේ. බුද්ධ කාලය තුළ එවැන්නක් නොතිබුණි.  එහෙත් අද අප සියල්ලෝ තුළම යම් යම් සුලු හෝ වැරදි අඩු දුහුඩුකම් ඇති නිසා මහත් බියකින් හා චකිතයකින් දිවි ගෙවන්නෙමු. මෙයට විසදුම කුමක් විය යුතුද.
අධනානං ධනේ අනුප්පදීය මානේ දාළිද්දියං වේපුල්ල මගමාසි
  දාළිද්දියෙ වේපුල්ලං ගතේ අදින්නාදානං වේපුල්ල මගමාසි
         අදින්නාදානෙ වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ල මගමාසි
        සත්ථෙ වේපුල්ලං ගතේ පණාතිපාතෝ වේපුල්ල මගමාසි
  පාණාතිපාතේ වේපුල්ලං ගතේ මුසාවාදො වේපුල්ල මගමාසි  ”

”  ධනය නැති දිළින්දන්ට ධනය ඇති ධනෝපායන මාර්ග අහිමිවීම නිසා දුප්පත්කම වැඩි විය. දුප්පත්කම වැඩිවීම නිසා සොරකම ඇතිවිය. සොරකම ඇතිවීම නිසා භයානක ආයුධ ඇතිවිය. ආයුධ ඇතිවීම නිසා ප‍්‍රාණඝාතය ඇතිවිය. ප‍්‍රාණඝාතය නිසා බොරු කීමට පෙළඹිය. ඉන් අනතුරුව ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ආදී දුසිරිත් බහුල වී එහි ප‍්‍රතිඵලයක් ලෙස ආයුෂ පිරිහී විපත් වැඩිවිය ”
මේ ගාථා පාඨයෙන් මේ මුලූ විශ්වයේම විනාශයට හේතුව කැටි කරල මුසු කරල මැනවින් දේශිතය. එසේ නම් මේ අදහස් ටික සිතට ගෙන අද පටන් මුලට ගමන් කිරීමට කාලය එළඹ ඇත . හෙලදිව ගම් නියම් තුළ වැරදි කරන මිනිසුන් හමුවේ ඔවුනොවුගේ අතින් වැරදි සිදුවන්නට මූලිකම හේතුව කුමක්ද යන්න සොයා බලා එයට පිලියම් කල යුතයි. එවිට සියල්ල විසදෙනු ඇත. එවැනි නිවහල් නිර්මල සමාජයක් පුන්සද එළියෙන් ආලෝකමත් වනු දැකීම අපගේ එකම පරමාර්ථයයි.



Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::