~~ කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් ~~

 කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් අනිකා ඒ සතුටින් සිටින පුද්ගලයාගේ සතුට නසන්නට මහත් වෙහෙසක් ගනී. ඒ වෙහෙසේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමහර විට තවෙකෙකුගේ ජීවිතයේ අවසානයද විය හැක. කෙතරම් දුරට සිතනන්නට හා විමසන්නට විමසුම් බුද්ධියෙන් පිරිපුන් මිනිසුන් උවත් අප සියලූම දෙනා කටයුතු කරන්නේ නොවිමසුම් බුද්ධියෙන් පිරිපුන් අමනයන් අයුරින් නොවේද?
එයට මූලික හේතුව කුමක්ද? පස්කම් සැපතකටම පමණක් ස්වකීය මානසික චින්තනය හුරු පුරුදු කරගෙන තිඛෙන නිසා නොවේද?  එය එසේමය. එහෙත් අප පස්කම් සැපතක් තුළින් වින්දනය කරන සැනසීමක් තිබේද? ඒ සැපත කෙතරම් දුරට සතුටුදායකද? මුලූමහත් විශ්ව ධාතුව තුළම අද දිවි ගෙවන්නාවූ බොහෝ පිරිසක් අනුසෝතගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරයි. එහෙත් අප ඒ තුළින් ලබන්නනේ අපගේ මානසිකත්වයට සැබවින්ම එකග වන සැනසීමක්ද යන වග අප මදක් විමසුම් බුද්ධියට යොමු කළ යුතු කාලය නොවේද මේ?

බුදුන්වහන්සේ වැඩ සිටි දවස කොසොල් රජු දුටු සිහින 16න් එකක් නම් මහා සදුන් වනයක් පල්වී දුගද හමන කිරි හට්ටියකට මිල කෙරිණි. එහි විපාකය කුමක්දැයි බුදුන් වහන්සේගෙන් විමසන කල්හී දේශණා කරන්නට යෙදුනේ ලාබ සත්කාර හා අනිකුත් සැපසම්පත් අපේක්ෂාවෙන් ධර්මය දේශණා කරන්නට පෙළඛෙයි. එසේම ඒ දේශණාවන් තුළ සත්‍යය මෙන්ම අසත්‍යයද සැගව ඇත. එනිසාම මිනිසුන් නොමගට යවන්නට ඒ තුළින් බොහෝ ඉඩ ප්‍රස්ථාවක් අද සමාජය තුළ ගොඩ නැගී ඇත.

Comments

Post a Comment

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ