ජීවිතය තුළ ජීවත් වන සුලූ කාල පරාශය තුළදී ජීවිතය යනු කුමක් දැයි

ජීවිතය තුළ ජීවත් වන සුලූ කාල පරාශය තුළදී ජීවිතය යනු කුමක් දැයි මැනවින් තේරුම් ගන්නට නොහැකි නම් ඔබ මහත් ගැටලූ රාශියකට මුහුණ පානු ඇත. ලෝකයේ ඇති සියුලූම වස්තූන් වෙනස් වන්නේ නිතරම වෙනස් වන සුලූ සතර මහා භූතයින්ගෙන් සැදුම්ලත් නිසාවෙනි. එබැවින් ඒ සියල්ලම වෙනස් වන විට ස්වකීය චින්තනයට මහත් වේදනාවක් මුසු වන්නේ මමත්වය ගොඩ නගාගෙන කටයුතු කරන්නට නියැලෙන මොහොත තුළදීමය. එසේ නම් ඔබ මමත්වයෙන් තොර නිවැරදි චින්තනයෙන් යුතු මානසිකත්වයක් නිමවන්න. ඒ කුමක්ද? ඔබ සිතන්න මම හා අන්‍යය සියලූම වස්තූන් නිමැවෙන්නා සේම වැනසෙන්නට මුල පුරයි. එසේ නම් මේ විශ්වය තුළ දිවි ගෙවන කාල පරාශය  තුළදී ඔබ ඔබට ආදරය කරමින් ඔබ නිවැරදි පුද්ගලයෙකු අයුරින් නිමවන්නටත් හසුරුවන්නටත් වෙර දරන්න. ඒ තුළින් ඔබගේ චින්තනයට පහර දෙන්නට කිසිවෙකුට කිසිදුහැකියාවක් නොමැත . එසේම ඔබව මානසිකව පීබාවට පත්කරන්නටද නොහැක.

Comments

  1. godak hoda blog akak.godak pin podi hamuduruwane

    ReplyDelete
  2. දැවෙන සිත් සනසන්න
    දහම් පද ඇසෙන මේ පින්බිමේ
    කිමද මෙතරම් දුක් අදෝනා නගන්නේ ලෝසතුන්
    නොවිමසනා කාලයේ ඔබ වැන්නවුන් මෙවැනි අදහසක් දැක්වීම
    මහගු අත්වැලකී

    ReplyDelete
  3. Good idea.I wish you all the best..
    Triple gems bless u..

    ReplyDelete
  4. Good idea. I wish u all the best.
    Triple gems bless you...!.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ