ආවත් පෙරට බාධක නෙකිනෙකම ගලා

ජී
විතය දිනවන්නට මිසක් පරදවන්නට නිතරම කටයුතු කරන්නට නොයා යුතුයි. ඒ මන්දයත්? ගගක්මුදු පෙරට ගලන විට ඒ ගග ගලන මග වලකන්නටත් වෙනත් දෙසකට හරවන්නටත් බොහෝ අවස්ථාවන් නැමැවෙනු ඇත. එහෙත් ඒ ජලකද ඒ හැම අවස්ථාවකටම මුහුණදී පසුව ස්වකීය අරමුණ කරා එළඹෙනු ඇත. ඒ ස්වකීය ශක්ති කදම්බයේ පිටුවහල මතය. එලෙසමය අප හැම කෙනෙකුගේම ජීවිත වලට මේ අද දිනයෙන් අවසන් වන අවුරුද්දේ මග හැරුනු අතපසුවූ සියල්ලම මැනවින් සකසාගෙන පෙරට යන්නට කටයුතු කරනු මිසක් ඒ සියලූම ලතවීම් ගැන තැවි තැවී දැවි දැවී ඉන්නට යන්නේ නම් තමන්ගේ අනාගත විමුක්තිය උදා නොවනු ඇත. 

ආවත් පෙරට බාධක නෙකිනෙකම ගලා
මාවත් දිගේ යනවා ගග පෙරට ගලා
නාවත් කවුරුමුත් ගග දෙස නිතර බලා
ගලනා ගගේ දියරැුලි ඇත සිනා වෙලා

යන්නට එපා පැරදී සිත් කදුලූ සලා
ඉන්නට එපා දිවියේ නිති කලකිරිලා
බොන්නට එපා මත්වන දේ සැප හිතලා
වන්නට එපා නිවටුන් හැගුමන් පතලා

ලබනා වසර සැමටම සැප ගෙනදේවා
සිතනා සිතුම් පැතුමන් හැම පලදේවා
යනෙනා ගමන් හැමදේ නිති සරුවේවා
ලබනා වසර යහපත් වසරක් වේවා

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ