රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ

ගිය විට ඉකුත්වී මැදියම් රැය උදයේ
හිරු රැස් මැදින් මල් පිබිදෙයි හිමිදිරියේ
ඒ මල් රොනට ලොබ බදිමින් කඩි මුඩියේ
රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ



කලහැකි වැඩක් කාලයෙ මම කරපු වැඩ
නොකලැකි මතක් ඒ හැමදේ පාප වැඩ
එනිසා මෙමා එරුනේ මේ සසර මඩ
පිහිටක් සොයමි යන්නට මම සසර මැඩ

නෙත් යුග අසල කදුලැලි නෙක ගැලුවමුද
අත් දෙක අසල ගැවසුනි කුණු කසල කද
සිත්තුළ පෙරදි ගැවසුනි නම් පිරුනු පද
අද මම මෙතන නැත සත්තයි නිවන මැද

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න