Posts

හෙළදිව දැන් සිද්ධ වෙන්නෙත් මේ වගේ වැඩ තමා

Image
ලෝකය තුළ යම් පුද්ගලයෙක් සත්‍යවාදීව කටයුතු කරනන්නේ නම් ඔහුට කිසිවෙකුගෙන් කිසිදු උවදුරක් හෝ නින්දාපවාදයක් විදින්නට සිදු නොවේ. එහෙත් යමෙක් ලෝකයේ පැවැත්මෙන් පිට පනිමින් විරුද්ධවූ කි‍්‍රයාවන් සිද්ද කරන්නේ නම් එතනදී ඔහුට කායික මානසික පීඩාවන් රාශියක් විදින්නටම සිදු වන බව අප දැක ඇත. රජෙක් යනු මුලූ මහත් විශ්වයේම මනා කි‍්‍රයාකාරීත්වයන්ට අනුව මැනවින් නිමැවිය යුතු කෙනෙක් මිසක් ස්වකීය චින්තනයන්ට අනුව හා අන්‍යයන්ගේ වදන් වලට නතුව කටයුතු කරන්නෙක් නම් නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහුට මහා විනාශයන් සිද්ධ වන්නේ කෙසේදැයි බෞද්ධ කතා පුවත් තුළින් මැනවින් දත හැකිය. එහෙත් අප බුදු දහමට අනුවමයි කටයුතු කරන්නේ හා අපේ රාජ්‍ය ආගම බුද්ධාගම ආදී වශයෙන් මිනිසුන් රවටන්නට පමණක් වදන් තෙපලීමෙන් කිසිදු ඵලයක් නැත. සිදුහත් කුමරු බුදු නොවූවා නම් චක‍්‍රවර්ති රජවන බව අප දනිමු. එහෙත් බුදුවීම නිසා මුලූ විශ්වයටම රජෙක් පහලවූවා හා සමානය අදත් හෙටත් ඉදිරියටත්. එසේම උන්වහන්සේ විසින් ඒ දේ්ශණා කරන්නට යෙදුනු දේශණාවන්ගෙන් අදත් එදත් සියල්ලෝම ලැබූ සහ ලබන පන්නරය මෙච්චරයි මෙපමණයි කියා නිමවිය නොහැක.  සෑම රාජ්‍යයක්ම යම් සොර දෙටුවන් ඇති බව ...

සිංහලයා නරක බෞද්ධයින් කළේ මෙලෙසිනි

Image
පෘතුගීසී හා ලන්දේශීන් හා ඉංගී‍්‍රසීන්ගේ එකම අභිලාසය වූයේ මේ රට තමන් යටතට ගෙන තම දෙවියන්ගේ අණසකට යටත්වූ කි‍්‍රස්තියානි රාජ්‍යයක් බවට පත්කිරීමය.  එහෙත් එය එසේ කරන්නට නොහැකි නම් සියලුම සිංහලයින් නරක බෞද්ධයින් බවට පත් කරන්න ඔවුන් උපදෙස් දී ඇත. එය අද ඒ අයුරින්ම සිදුවුන නිසා අද මෙසේ සිදුවිය.තව ටික දිනකින් සිංහලයාට සිදුවන්නේ සියල්ලම අතහැර දමා විහාර මහා දේවිය විලසින් මුහුදට බිලිවන්නට මිසක් අන් කිසිවක් නම් නොවේ. මුදලට යටවූ සමාජයක් තුළ යුක්තිය සොයන්නේ කෙලෙසින්ද?ඉහත සදහන් කියමන් සියල්ලම සදහන්ව ඇත්තේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් රචිත් දේශය සුරකින රන් අසිපත නැමති ග‍්‍රන්ථයෙහිය. ගෝලාකාරවූ ලෝකයේ විවිධ විෂමාකාරී කි‍්‍රයාවන් කරමින් අධර්මයෙන් රජ කරන්නට යන්නවුන්ට සිදුවන්නේ විනාශය මිසක් යහපතක් නම් නොවේ. බුදුන් වැඩි රට තුළ දහම් කරුණු මුවින් තෙපළමින් එයට අනුගත නොවන්නවුන්ට විනාශය මිසක් යහපතක් නම් සිදු නොවේ. අදමිටු දහම් හෙළ දීපෙන් වියැකේවා සදහම් දීපෙ නැවතත් මෙහි බැබලේවා විරුවන් විලස මහ සග ඝණ වැජබේවා සිහලුනි නැවත හෙලදිව වෙත පණ දේවා අපායට බියෙන් මත් පැන් නොබිව් මට උපායෙන් පොව...

ආවත් පෙරට බාධක නෙකිනෙකම ගලා

Image
ජී විතය දිනවන්නට මිසක් පරදවන්නට නිතරම කටයුතු කරන්නට නොයා යුතුයි. ඒ මන්දයත්? ගගක්මුදු පෙරට ගලන විට ඒ ගග ගලන මග වලකන්නටත් වෙනත් දෙසකට හරවන්නටත් බොහෝ අවස්ථාවන් නැමැවෙනු ඇත. එහෙත් ඒ ජලකද ඒ හැම අවස්ථාවකටම මුහුණදී පසුව ස්වකීය අරමුණ කරා එළඹෙනු ඇත. ඒ ස්වකීය ශක්ති කදම්බයේ පිටුවහල මතය. එලෙසමය අප හැම කෙනෙකුගේම ජීවිත වලට මේ අද දිනයෙන් අවසන් වන අවුරුද්දේ මග හැරුනු අතපසුවූ සියල්ලම මැනවින් සකසාගෙන පෙරට යන්නට කටයුතු කරනු මිසක් ඒ සියලූම ලතවීම් ගැන තැවි තැවී දැවි දැවී ඉන්නට යන්නේ නම් තමන්ගේ අනාගත විමුක්තිය උදා නොවනු ඇත.  ආවත් පෙරට බාධක නෙකිනෙකම ගලා මාවත් දිගේ යනවා ගග පෙරට ගලා නාවත් කවුරුමුත් ගග දෙස නිතර බලා ගලනා ගගේ දියරැුලි ඇත සිනා වෙලා යන්නට එපා පැරදී සිත් කදුලූ සලා ඉන්නට එපා දිවියේ නිති කලකිරිලා බොන්නට එපා මත්වන දේ සැප හිතලා වන්නට එපා නිවටුන් හැගුමන් පතලා ලබනා වසර සැමටම සැප ගෙනදේවා සිතනා සිතුම් පැතුමන් හැම පලදේවා යනෙනා ගමන් හැමදේ නිති සරුවේවා ලබනා වසර යහපත් වසරක් වේවා

සිරිලක සුසිරි දම් පෙළපත අහිමි වෙලා

Image
සිරිලක සුසිරි දම් පෙළපත අහිමි වෙලා පිටපත් රචනයක් පමණක් ඉතුරු වෙලා නැහැදුනු නුගුණ දුගුණයකින් වියරු වෙලා අම්මත් පියත් නොහදුනවුන් ජනිත වෙලා පෙරකල කොසොල් රජු අලූයම දකින ලද සිහිනය මෙකල සිරිලක්දිව මවන ලද දරුවන් මරුවො විලසින් මෙහි උපත ලද විරුවන් විලස මව්පිය පන නසති අද සිත තුළ බදින ආශා බැමි මතම හිද ගත තුළ රුහිරු දියකළ මව් දෙපිය අද සිහිකර නොයිද මව්පියො විදි දුගිනි කද දෙඅතින් ඔබේ මව්පිය ගෙල සිදිනවද සුසිරිත් දහම් පෙලපතකින් පැවත ආ සිරිලක් මවුන් තුළ රාගයෙන් පීඩිතව මොහයෙන් ලතෙත්වූ කුලූණු සිත් මියැදෙමින් සොදුරු සිත් සියල්ලම අදුරු කරමින් ආශාව නැමති සරාගී මරුවගේ සිතගටම වශී වී පුංචි මල් කැකුලූවන් දරුවන්ද වනසමින් ගෙවෙන මේ නිමේෂයෙ දෙමාපියො අසරණය. ඉපදුනෙ පුතේ අප මව්පිය දෙදෙන නිසා නොකැඩුනෙ දෑත දෙපයද අප හැදුව නිසා මනසට නැණස එකලෙස යා කරපු නිසා මිනිසුන් විලස හැසිරෙති අප දුකම නසා කදුලැලි කැටය නෙතුයුග මත තබාගෙන කිරිකැටි දරුවො ලයතුරුලේ හොවාගෙන දෙතනය මුවට තබමින් මුව වසාගෙන මතකද පොවපු කිරිබිදු රස වඩාගෙන නාඩන් පුතුනෙ නාඩන් මගෙ සුදු පුතුනේ අතගා සිරස සිඹ දෙතනය මුව හොවනේ සරදම් නොකර...

රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ

Image
ගිය විට ඉකුත්වී මැදියම් රැය උදයේ හිරු රැස් මැදින් මල් පිබිදෙයි හිමිදිරියේ ඒ මල් රොනට ලොබ බදිමින් කඩි මුඩියේ රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ කලහැකි වැඩක් කාලයෙ මම කරපු වැඩ නොකලැකි මතක් ඒ හැමදේ පාප වැඩ එනිසා මෙමා එරුනේ මේ සසර මඩ පිහිටක් සොයමි යන්නට මම සසර මැඩ නෙත් යුග අසල කදුලැලි නෙක ගැලුවමුද අත් දෙක අසල ගැවසුනි කුණු කසල කද සිත්තුළ පෙරදි ගැවසුනි නම් පිරුනු පද අද මම මෙතන නැත සත්තයි නිවන මැද

නිවෙනා මාවතම මනසින් සොයාගෙන

Image
නිවෙනා මාවතම මනසින් සොයාගෙන යනෙනා මාවතේ ඇති පව් නසාගෙන සිටිනා ලොවැසි සියලුම සත්වයන් වන අප සැම දෙනද යමු තිසරණ නැණින් ගෙන

සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා

Image
රාගය ද්වේශ මෝහය හද තිඛෙන තුරු නෑ සැනසුමක් ජීවන මග ගෙවෙන තුරු පාවෙන විලස සිතුවිලි සිත ගැටෙන තුරු යා වෙයි වෙනස් යැයි සිතමින් සමග මරූ ජීවන මගේ කදුලැලි නෙක පිරී ඇත මාවත කොතැන ඇතිදැයි අද වැසී ඇත රාගය දේවේශ මෝහය හා ගැටී ඇත මරුවට කදිම රුකුලක් ඉන් සැදී ඇත මිනිසා රාගයෙන් වෙලෙනා මොහොතකම නෑ සැනසුමක් දිවියේ ඇති හැම තැනම වාරුව රැගෙන ලොව රාගික සිතට හැම සිදුවන වෙනස ගැන සිතමුද හද ගැටුම රූ සපුවකට සිතුවිලි නෙකිනෙක බන්දා යන්නට එපා සැනසුම් නැත ඇත නින්දා සංයත මනසකින් සිතුවොත් මන බන්දා රූපය දුකයි මොහොතින් වැනසෙන හින්දා ලස්සන කියා ලෝකයේ කිසි දෙයක් නැත ගැස්සෙන සිතග සිතුවිල්ලක පලක් ඇත ගස්සා දුවන අසරුවමුත් වැටී ඇත තුන් ලෝ තලේ කාමයෙ සැනසුමක් නැත සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා දුක් විදිනවා මනුලොව තුළ නව නින්දා පත්වන විපතකින් ඉරනම දුටු හින්දා පෙරකළ බුදුන් දෙසුවා දම් පද බන්දා නෙත් යුග අසල ගැටෙනා හැම එකෙනෙහිම සිත් තුළ එවිට දුකදුලූ කැට ඇත ගැල්ම සන්තක සිතක් තුළ නොදැනුම් සුවගැන්ම වැනසෙන්නට මිසක සැනසුම නැත පිම්ම