Posts

ආවත් පෙරට බාධක නෙකිනෙකම ගලා

Image
ජී විතය දිනවන්නට මිසක් පරදවන්නට නිතරම කටයුතු කරන්නට නොයා යුතුයි. ඒ මන්දයත්? ගගක්මුදු පෙරට ගලන විට ඒ ගග ගලන මග වලකන්නටත් වෙනත් දෙසකට හරවන්නටත් බොහෝ අවස්ථාවන් නැමැවෙනු ඇත. එහෙත් ඒ ජලකද ඒ හැම අවස්ථාවකටම මුහුණදී පසුව ස්වකීය අරමුණ කරා එළඹෙනු ඇත. ඒ ස්වකීය ශක්ති කදම්බයේ පිටුවහල මතය. එලෙසමය අප හැම කෙනෙකුගේම ජීවිත වලට මේ අද දිනයෙන් අවසන් වන අවුරුද්දේ මග හැරුනු අතපසුවූ සියල්ලම මැනවින් සකසාගෙන පෙරට යන්නට කටයුතු කරනු මිසක් ඒ සියලූම ලතවීම් ගැන තැවි තැවී දැවි දැවී ඉන්නට යන්නේ නම් තමන්ගේ අනාගත විමුක්තිය උදා නොවනු ඇත.  ආවත් පෙරට බාධක නෙකිනෙකම ගලා මාවත් දිගේ යනවා ගග පෙරට ගලා නාවත් කවුරුමුත් ගග දෙස නිතර බලා ගලනා ගගේ දියරැුලි ඇත සිනා වෙලා යන්නට එපා පැරදී සිත් කදුලූ සලා ඉන්නට එපා දිවියේ නිති කලකිරිලා බොන්නට එපා මත්වන දේ සැප හිතලා වන්නට එපා නිවටුන් හැගුමන් පතලා ලබනා වසර සැමටම සැප ගෙනදේවා සිතනා සිතුම් පැතුමන් හැම පලදේවා යනෙනා ගමන් හැමදේ නිති සරුවේවා ලබනා වසර යහපත් වසරක් වේවා

සිරිලක සුසිරි දම් පෙළපත අහිමි වෙලා

Image
සිරිලක සුසිරි දම් පෙළපත අහිමි වෙලා පිටපත් රචනයක් පමණක් ඉතුරු වෙලා නැහැදුනු නුගුණ දුගුණයකින් වියරු වෙලා අම්මත් පියත් නොහදුනවුන් ජනිත වෙලා පෙරකල කොසොල් රජු අලූයම දකින ලද සිහිනය මෙකල සිරිලක්දිව මවන ලද දරුවන් මරුවො විලසින් මෙහි උපත ලද විරුවන් විලස මව්පිය පන නසති අද සිත තුළ බදින ආශා බැමි මතම හිද ගත තුළ රුහිරු දියකළ මව් දෙපිය අද සිහිකර නොයිද මව්පියො විදි දුගිනි කද දෙඅතින් ඔබේ මව්පිය ගෙල සිදිනවද සුසිරිත් දහම් පෙලපතකින් පැවත ආ සිරිලක් මවුන් තුළ රාගයෙන් පීඩිතව මොහයෙන් ලතෙත්වූ කුලූණු සිත් මියැදෙමින් සොදුරු සිත් සියල්ලම අදුරු කරමින් ආශාව නැමති සරාගී මරුවගේ සිතගටම වශී වී පුංචි මල් කැකුලූවන් දරුවන්ද වනසමින් ගෙවෙන මේ නිමේෂයෙ දෙමාපියො අසරණය. ඉපදුනෙ පුතේ අප මව්පිය දෙදෙන නිසා නොකැඩුනෙ දෑත දෙපයද අප හැදුව නිසා මනසට නැණස එකලෙස යා කරපු නිසා මිනිසුන් විලස හැසිරෙති අප දුකම නසා කදුලැලි කැටය නෙතුයුග මත තබාගෙන කිරිකැටි දරුවො ලයතුරුලේ හොවාගෙන දෙතනය මුවට තබමින් මුව වසාගෙන මතකද පොවපු කිරිබිදු රස වඩාගෙන නාඩන් පුතුනෙ නාඩන් මගෙ සුදු පුතුනේ අතගා සිරස සිඹ දෙතනය මුව හොවනේ සරදම් නොකර...

රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ

Image
ගිය විට ඉකුත්වී මැදියම් රැය උදයේ හිරු රැස් මැදින් මල් පිබිදෙයි හිමිදිරියේ ඒ මල් රොනට ලොබ බදිමින් කඩි මුඩියේ රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ කලහැකි වැඩක් කාලයෙ මම කරපු වැඩ නොකලැකි මතක් ඒ හැමදේ පාප වැඩ එනිසා මෙමා එරුනේ මේ සසර මඩ පිහිටක් සොයමි යන්නට මම සසර මැඩ නෙත් යුග අසල කදුලැලි නෙක ගැලුවමුද අත් දෙක අසල ගැවසුනි කුණු කසල කද සිත්තුළ පෙරදි ගැවසුනි නම් පිරුනු පද අද මම මෙතන නැත සත්තයි නිවන මැද

නිවෙනා මාවතම මනසින් සොයාගෙන

Image
නිවෙනා මාවතම මනසින් සොයාගෙන යනෙනා මාවතේ ඇති පව් නසාගෙන සිටිනා ලොවැසි සියලුම සත්වයන් වන අප සැම දෙනද යමු තිසරණ නැණින් ගෙන

සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා

Image
රාගය ද්වේශ මෝහය හද තිඛෙන තුරු නෑ සැනසුමක් ජීවන මග ගෙවෙන තුරු පාවෙන විලස සිතුවිලි සිත ගැටෙන තුරු යා වෙයි වෙනස් යැයි සිතමින් සමග මරූ ජීවන මගේ කදුලැලි නෙක පිරී ඇත මාවත කොතැන ඇතිදැයි අද වැසී ඇත රාගය දේවේශ මෝහය හා ගැටී ඇත මරුවට කදිම රුකුලක් ඉන් සැදී ඇත මිනිසා රාගයෙන් වෙලෙනා මොහොතකම නෑ සැනසුමක් දිවියේ ඇති හැම තැනම වාරුව රැගෙන ලොව රාගික සිතට හැම සිදුවන වෙනස ගැන සිතමුද හද ගැටුම රූ සපුවකට සිතුවිලි නෙකිනෙක බන්දා යන්නට එපා සැනසුම් නැත ඇත නින්දා සංයත මනසකින් සිතුවොත් මන බන්දා රූපය දුකයි මොහොතින් වැනසෙන හින්දා ලස්සන කියා ලෝකයේ කිසි දෙයක් නැත ගැස්සෙන සිතග සිතුවිල්ලක පලක් ඇත ගස්සා දුවන අසරුවමුත් වැටී ඇත තුන් ලෝ තලේ කාමයෙ සැනසුමක් නැත සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා දුක් විදිනවා මනුලොව තුළ නව නින්දා පත්වන විපතකින් ඉරනම දුටු හින්දා පෙරකළ බුදුන් දෙසුවා දම් පද බන්දා නෙත් යුග අසල ගැටෙනා හැම එකෙනෙහිම සිත් තුළ එවිට දුකදුලූ කැට ඇත ගැල්ම සන්තක සිතක් තුළ නොදැනුම් සුවගැන්ම වැනසෙන්නට මිසක සැනසුම නැත පිම්ම

පස් කම් සැපයකට යටවූ මිනිස් කය

Image
පස් කම් සැපයකට යටවූ මිනිස් කය විස්කම් පෙන්නමින් කාමයෙ හැසිරෙතිය දස්කම් කියා හැසිරී ඒ මිනිස් කය වනසට සැමට උරුමයි මේ දහම් කය සිටියා අදුරු පෙදෙසක් තුළ පලගැටියා දුටුවා දුරම අවලෙන ගිනි ගොඩක් මෙයා සිතුවා එදෙස පියඹා නෙතු පිනමි තියා අයියෝ පහන් සිලුවෙන් ඌ දැවී ගියා තුඹසින් එළිය වෙත නිතරම නොයෙන නයා ඇසුනොත් නලා නාදය දෙසවනම අයා කද බඩ කෙලින් කරමින් සිය පෙනය අයා නටනා නාගයා හසු උනෙ සැපය සොයා මල් වල රොන් උරන සිතුවිලි සිතේ තියා ඇත්මද වැගිරෙනා ඇතෙකුගෙ මදය සොයා මල් රොන් උරන විලසින් දෙනයනම පියා ඇත්මද බොනා මීමැසි පරලොවම ගියා දමනා විටදි ජලයට ඇම කටුව නිති හමනා සුළග විලසින් මාලුවෝ එති දිවයට පිනන රසයට සිත ලොබය ඇති මාලුව නමුදු දිව පිනවා එලොව යති ඇත්මද වැගිරෙනා කාලය එලඹි විට හස්තිය මෙල්ල කරගන්නට නොහැකි කොට ඇතිනිය ලගට කැදවා ඇතු වසග කොට සිව්පා විලගුලා හනිකට බදිති වැට ඇස කන නාස දිව සිරුරද පිනවගෙන රිය සක පෙරලමින් අප සැම යන ගමන පියවර අනුව දුක සැප අප හද දවන එන බව සිතා පිනවන හැම පිනනු මැන

කළ හොද නරක පසු පස එනවා

Image
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති මෙකලදි පන්සල් යනවා මෙන් නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තව අපි විදවන්නේ.           මේ පද පෙළ අප කෙතරම් නම් අනුගමනය කරනවාද? විශ්වයේ නිර්මාණයක් වූ අපි අප විසින්ම පෙර කරන ලද කුශලාකුසලයන්ට අනුවම මෙලොව මව්පියන් සහෝදරයන් නෑ හිත මිතුරන් සමගින් අප උපත ලදිමු. ඒ උපත ලද අප අතර දිවි ගෙවන්නවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ මෙලොව ඉපදුනාට වඩා හොදයි නොඉපදුනා නම් යනුවෙනි. ඒ මන්දැයි විමසන විට ප්‍රකාශ කරන්නේ පුදුම කරුමයක්නේ ගෙවන්නේ මේ ලෝකෙ ඉපදිලා. මෙහෙමත් දුක් විදින්න පුලූවන්ද? මේ ආදී වදන් වැල් වලින් නිතරම අපේ දෙසවන් පිරී යයි. එහෙත් ඔවුන් ඇයි නොසිතන්නේ තමන් වපුල අස්වැන්නේම ඵලයන් පල දෙන බව...? අප සියල්ලන්ම සිතන්නට විමසන්නට නොයා හැම කි්‍රයාවක්ම සිදු කරයි. එහෙත් එයින් ජනිත වන ඵලය විදින්නට යන විට ඒ ගැන සිතන්නටත් විමසන්නටත් පෙළඹෙයි. නමුත් ඒ ඒ කි්‍රයාවන් සපුරන්නට ප්‍රථම විමසන්නේ නම් තමන් මේ කරන ක්‍රියාව නිවැරදිදි? යනුවෙන් ඉන් තමන්ට විදින්නට අත් වන දුක්ඛිත ඉර නම ගැන යම් හෝ ඉවක් දැනී එය නොකරන්නටද ඉඩ ඇත . එහෙත් එය එසේ සිදු කරන්නට අපට නො...