Posts

රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ

Image
ගිය විට ඉකුත්වී මැදියම් රැය උදයේ හිරු රැස් මැදින් මල් පිබිදෙයි හිමිදිරියේ ඒ මල් රොනට ලොබ බදිමින් කඩි මුඩියේ රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ කලහැකි වැඩක් කාලයෙ මම කරපු වැඩ නොකලැකි මතක් ඒ හැමදේ පාප වැඩ එනිසා මෙමා එරුනේ මේ සසර මඩ පිහිටක් සොයමි යන්නට මම සසර මැඩ නෙත් යුග අසල කදුලැලි නෙක ගැලුවමුද අත් දෙක අසල ගැවසුනි කුණු කසල කද සිත්තුළ පෙරදි ගැවසුනි නම් පිරුනු පද අද මම මෙතන නැත සත්තයි නිවන මැද

නිවෙනා මාවතම මනසින් සොයාගෙන

Image
නිවෙනා මාවතම මනසින් සොයාගෙන යනෙනා මාවතේ ඇති පව් නසාගෙන සිටිනා ලොවැසි සියලුම සත්වයන් වන අප සැම දෙනද යමු තිසරණ නැණින් ගෙන

සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා

Image
රාගය ද්වේශ මෝහය හද තිඛෙන තුරු නෑ සැනසුමක් ජීවන මග ගෙවෙන තුරු පාවෙන විලස සිතුවිලි සිත ගැටෙන තුරු යා වෙයි වෙනස් යැයි සිතමින් සමග මරූ ජීවන මගේ කදුලැලි නෙක පිරී ඇත මාවත කොතැන ඇතිදැයි අද වැසී ඇත රාගය දේවේශ මෝහය හා ගැටී ඇත මරුවට කදිම රුකුලක් ඉන් සැදී ඇත මිනිසා රාගයෙන් වෙලෙනා මොහොතකම නෑ සැනසුමක් දිවියේ ඇති හැම තැනම වාරුව රැගෙන ලොව රාගික සිතට හැම සිදුවන වෙනස ගැන සිතමුද හද ගැටුම රූ සපුවකට සිතුවිලි නෙකිනෙක බන්දා යන්නට එපා සැනසුම් නැත ඇත නින්දා සංයත මනසකින් සිතුවොත් මන බන්දා රූපය දුකයි මොහොතින් වැනසෙන හින්දා ලස්සන කියා ලෝකයේ කිසි දෙයක් නැත ගැස්සෙන සිතග සිතුවිල්ලක පලක් ඇත ගස්සා දුවන අසරුවමුත් වැටී ඇත තුන් ලෝ තලේ කාමයෙ සැනසුමක් නැත සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා දුක් විදිනවා මනුලොව තුළ නව නින්දා පත්වන විපතකින් ඉරනම දුටු හින්දා පෙරකළ බුදුන් දෙසුවා දම් පද බන්දා නෙත් යුග අසල ගැටෙනා හැම එකෙනෙහිම සිත් තුළ එවිට දුකදුලූ කැට ඇත ගැල්ම සන්තක සිතක් තුළ නොදැනුම් සුවගැන්ම වැනසෙන්නට මිසක සැනසුම නැත පිම්ම

පස් කම් සැපයකට යටවූ මිනිස් කය

Image
පස් කම් සැපයකට යටවූ මිනිස් කය විස්කම් පෙන්නමින් කාමයෙ හැසිරෙතිය දස්කම් කියා හැසිරී ඒ මිනිස් කය වනසට සැමට උරුමයි මේ දහම් කය සිටියා අදුරු පෙදෙසක් තුළ පලගැටියා දුටුවා දුරම අවලෙන ගිනි ගොඩක් මෙයා සිතුවා එදෙස පියඹා නෙතු පිනමි තියා අයියෝ පහන් සිලුවෙන් ඌ දැවී ගියා තුඹසින් එළිය වෙත නිතරම නොයෙන නයා ඇසුනොත් නලා නාදය දෙසවනම අයා කද බඩ කෙලින් කරමින් සිය පෙනය අයා නටනා නාගයා හසු උනෙ සැපය සොයා මල් වල රොන් උරන සිතුවිලි සිතේ තියා ඇත්මද වැගිරෙනා ඇතෙකුගෙ මදය සොයා මල් රොන් උරන විලසින් දෙනයනම පියා ඇත්මද බොනා මීමැසි පරලොවම ගියා දමනා විටදි ජලයට ඇම කටුව නිති හමනා සුළග විලසින් මාලුවෝ එති දිවයට පිනන රසයට සිත ලොබය ඇති මාලුව නමුදු දිව පිනවා එලොව යති ඇත්මද වැගිරෙනා කාලය එලඹි විට හස්තිය මෙල්ල කරගන්නට නොහැකි කොට ඇතිනිය ලගට කැදවා ඇතු වසග කොට සිව්පා විලගුලා හනිකට බදිති වැට ඇස කන නාස දිව සිරුරද පිනවගෙන රිය සක පෙරලමින් අප සැම යන ගමන පියවර අනුව දුක සැප අප හද දවන එන බව සිතා පිනවන හැම පිනනු මැන

කළ හොද නරක පසු පස එනවා

Image
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති මෙකලදි පන්සල් යනවා මෙන් නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තව අපි විදවන්නේ.           මේ පද පෙළ අප කෙතරම් නම් අනුගමනය කරනවාද? විශ්වයේ නිර්මාණයක් වූ අපි අප විසින්ම පෙර කරන ලද කුශලාකුසලයන්ට අනුවම මෙලොව මව්පියන් සහෝදරයන් නෑ හිත මිතුරන් සමගින් අප උපත ලදිමු. ඒ උපත ලද අප අතර දිවි ගෙවන්නවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ මෙලොව ඉපදුනාට වඩා හොදයි නොඉපදුනා නම් යනුවෙනි. ඒ මන්දැයි විමසන විට ප්‍රකාශ කරන්නේ පුදුම කරුමයක්නේ ගෙවන්නේ මේ ලෝකෙ ඉපදිලා. මෙහෙමත් දුක් විදින්න පුලූවන්ද? මේ ආදී වදන් වැල් වලින් නිතරම අපේ දෙසවන් පිරී යයි. එහෙත් ඔවුන් ඇයි නොසිතන්නේ තමන් වපුල අස්වැන්නේම ඵලයන් පල දෙන බව...? අප සියල්ලන්ම සිතන්නට විමසන්නට නොයා හැම කි්‍රයාවක්ම සිදු කරයි. එහෙත් එයින් ජනිත වන ඵලය විදින්නට යන විට ඒ ගැන සිතන්නටත් විමසන්නටත් පෙළඹෙයි. නමුත් ඒ ඒ කි්‍රයාවන් සපුරන්නට ප්‍රථම විමසන්නේ නම් තමන් මේ කරන ක්‍රියාව නිවැරදිදි? යනුවෙන් ඉන් තමන්ට විදින්නට අත් වන දුක්ඛිත ඉර නම ගැන යම් හෝ ඉවක් දැනී එය නොකරන්නටද ඉඩ ඇත . එහෙත් එය එසේ සිදු කරන්නට අපට නො...

රකිනු පන්සිල් ලබනු අනුසස් මේ ලෙසින්

Image
සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස ජීවය බිල්ලකින් සැමදා යදින අය බුදුහිමි විසූ දවසත් ලොව වැසූ අය සාරය නොදත් නොමිනිසුන් ඔය කල පව් කමේ දුක්ගිනිදැල් විදිතිමය ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම ජව සම්පත්තියෙන් යුක්ත වීම මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම මුදු මොළොක් සිරුරක් ලැබීම පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම සූර වීර ගති ඇත්තෙකු වීම මහා බලවන්තයෙකු වීම නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම කාටත් ප්රිකය මනාප පුද්ගලයෙකු වීම පහ කළ දොස් ඇත්තෙකු වීම කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම තැති නොගත් කෙනෙකු වීම විනාශ නොකළ හැකි උතුමෙකු වීම පර උපක්රිමවලින් අකල් මරණයට පත් නොවීම අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව සුරූපී පුද්ගලයෙකු වීම මනා සටහන් ඇත්තෙකු වීම අල්ප ආබාධ ඇත්තෙකු වීම ශෝක නොකරන්නෙකු වීම ප්රිශයයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම දීර්ඝායුෂ ලැබීම මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස මහා ධනවතෙකු වීම බොහෝ ධන ධාන්ය ලබන්නෙකු වීම අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම නූපන් වස්තු උපදවීමට පුණ්ය ශක්තිය ඇත්තෙකු වීම ඇත්තා...

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

Image
නිඛිල ජනමන පුණ්ඩරීකවන සණ්ඩමණ්ඩිතප්‍රවරාදිත්‍යය ඝණතර තිමිර තේජෝභිරාම ඝෝරමාර මත්ත මාතංඝ කදම්බ තුම්බ චුම්බිත සම්භේදන පංචවර්ණ රේඛත්‍රයානු රංජිත ශ්‍රීමත් ශ්‍රී ඝණ සුගත තථාත වරධර්ම චක්‍රවර්තී ස්වාමී වූ තිලෝක තිලක තිලෝගුරු භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේ විසින් ආසනාරූඩව තුන්ලොවට සුරතුරක්මෙන් පාතුර්භූතවී වැඩවදාරන්නාවූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපදිනායුරු කෙසේදයත් යනවග මෙසේ දේශණාකොට වදාළ සේක. එසේ හෙයින් ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් උපදිනායුරු කෙසේදයත?්. මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විසින් පර්ෂද් මධ්‍යයෙහිදී මේ සත්වයෝ යටගිය දවස ගෞතම නම් බුදුන්ගේ ශාසනය පවත්නා කල්හී ශ්‍රද්ධාවන්තව පර්ණශාලා ධර්ම ශාලා භෝජන ශාලාදිය කිරීමෙන්ද ධර්ම දේශණාදිය  පැවැත්වීම් බොහෝ වශයෙන් බොහෝ පිංකම් කොට එතැන් පටන් මෙතැන් දක්වා මෙබදු දිව්‍ය මනුෂ්‍ය සම්පත් විදිමිින් ආවාහුයැයි වදාරන බවමුත් අන් කිසිවෙකු විසින් කියා නිමවාලිය නොහැක්කාවූ ආනිශංස ඇත්තේමැයි.  එසේ හෙයින් ඒ මතු බුදුුවෙන මෛත්‍රී බුදුන් උපදිනා පිරිදි කෙසෙදයත්. මේ ගෞතම බුදුන්ගේ ශාසනය පංචප්‍රකාරයකින් අන්තර්ධානව අන්ත රහිතව ඇතිකල්හී මෘග සංවර්ෂාවකින් මේ ...