ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න
අවිද්‍යා නැමති අන්ධකාරයේ වෙළී ගොස් යහපත් මඟ කුමක් දැයි නොදැන සංසාර ගමනේ කරන ලද කුමක් හෝ කුසලයක බලපෑමෙන් මිනිස් ජීවිතය ලබා ඒ මනුෂ්‍ය ආත්මයෙන් නිසි ඵල ප්‍රයෝජන නොගන්නා මිනිසුන්ට යහපතක් සැලසීමේ පරමාර්ථයෙන් අප සියල්ලෝම දිවි ගෙවිය යුතුය. එසේ දිවි ගෙවන්නට අප ප්‍රථමයෙන් යමක් උගත යුතුය. එසේ ඉගෙන ගන්නට නම් ඉන් අපට ලැඛෙන ප්‍රතිඵලය කුමක්ද යන වගද දැනගෙන සිටිය යුතුයි. අප හැම පුද්ගලයෙක්ම යමක් නොදැක සිට එය දැක ගන්නට මහත් උත්සාහයක් දරයි. ඒ උත්සාහය දරන්නේ තමන්ට ඒ තුළ යම් කුතුහලයක් දැනෙන නිසාවෙනි. එහෙත් අද අප සියල්ලෝම ඒ කුතුහලය පසෙකලා වෙනත් කාර්යන්හි නියැලෙන්නට පෙළඹී ඇත.
Komentar
Posting Komentar