මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ
නිඛිල ජනමන පුණ්ඩරීකවන සණ්ඩමණ්ඩිතප්රවරාදිත්යය ඝණතර තිමිර තේජෝභිරාම ඝෝරමාර මත්ත මාතංඝ කදම්බ තුම්බ චුම්බිත සම්භේදන පංචවර්ණ රේඛත්රයානු රංජිත ශ්‍රීමත් ශ්‍රී ඝණ සුගත තථාත වරධර්ම චක්‍රවර්තී ස්වාමී වූ තිලෝක තිලක තිලෝගුරු භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේ විසින් ආසනාරූඩව තුන්ලොවට සුරතුරක්මෙන් පාතුර්භූතවී වැඩවදාරන්නාවූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපදිනායුරු කෙසේදයත් යනවග මෙසේ දේශණාකොට වදාළ සේක. එසේ හෙයින් ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් උපදිනායුරු කෙසේදයත?්. මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විසින් පර්ෂද් මධ්‍යයෙහිදී මේ සත්වයෝ යටගිය දවස ගෞතම නම් බුදුන්ගේ ශාසනය පවත්නා කල්හී ශ්‍රද්ධාවන්තව පර්ණශාලා ධර්ම ශාලා භෝජන ශාලාදිය කිරීමෙන්ද ධර්ම දේශණාදිය පැවැත්වීම් බොහෝ වශයෙන් බොහෝ පිංකම් කොට එතැන් පටන් මෙතැන් දක්වා මෙබදු දිව්‍ය මනුෂ්‍ය සම්පත් විදිමිින් ආවාහුයැයි වදාරන බවමුත් අන් කිසිවෙකු විසින් කියා නිමවාලිය නොහැක්කාවූ ආනිශංස ඇත්තේමැයි. එසේ හෙයින් ඒ මතු බුදුුවෙන මෛත්‍රී බුදුන් උපදිනා පිරිදි කෙසෙදයත්. මේ ගෞතම බුදුන්ගේ ශාසනය පංචප්රකාරයකින් අන්තර්ධානව අන්ත රහිතව ඇතිකල්හී මෘග සංවර්ෂාවකින් මේ සත්වයෝ වි
හ්ම්ම්
BalasHapus