පිපෙන මල් සියුමැලිය
දකින දසුනට නෙත ඇදී යන
සිතන සිතුවිලි පසම දිව යන
ඇසෙන සුමිහිරි වදන් හමුවේ
ළමා මනසයි පහන් වූවේ
දෙමාපිය සෙනෙහසේ
අභිමුවේ හිදින දරුවෝ
නියම මංපෙත වෙතට දිවයයි
එහෙත් සෙනෙහසක් නැති සද
නොමග යයි මුලූ ලොවම සැනෙකින්
පුංචි කළට පුංචි සිතට සුරතල් බස් කියා
නැලවූ ලෙස දැන් දරුවන් නලවනවද සොයා
පෙරදින රැුදි සිරිත් සැවොම වැලලී ඇති නිසා
අද දරුවන් වල්මත්වී සෙනෙහස නැති නිසා
පුංචි අවධියේදී අප සියලූම සත්වයින් දෙමාපිය සෙනෙහස අභිමුවේ හිදිමින් කෙතරම් සුන්දර දිවියක් ගත කළාද? ඒ අවධියේ දෙමාපියන් දරුවන් නැලවූයේ කෙසේද? ඒ නැලවූ ආකාරයේ වෙනස නිසාම දැන් අවුරුදු 40 පමණ ප‍්‍රමාණයේ සිටින වැඩිහිටියන් ඔවුනොවුන්ගේ දෙමාපියන්ට බොහෝ ලෙස ගරු බුහුමන් කරයි. එසේම පුද සැලකිලිද දක්වයි. නිතර නිතර ඔවුනොවුන්ගේ ඕනෑ එපාකම් ගැන සොයා බලයි. දෙමාපියන් පුංචි අවධියේ දුන් අවවාද අනුශාසනාවන් ගැන නිතරම සිහි කරයි. එහෙත් අද දිවිගෙවන දරු දැරියන් ස්වකීය දෙමාපියන් දෙන අවවාද අනුශාසනාවන්ට දක්වන ප‍්‍රතිචාරය කුමක්ද? ඒ අම්මගෙ තාත්තගේ කාලේ. මේ අපේ කාලේ යැයි කියා ගනිමින් ස්වකීය ජීවිතය අයාලේ යවන නාමික දරුවන් විලසින් දිවිගෙවන මරුවන් පිරිසක් අද දිවි ගෙවයි. ඔවුන් ස්වකීය දෙමාපියන්ව හෝ වැඩිහිටියන්ව නොහදුනයි. ඒ මන්ද යත්? හිස හා ශරීරය පමණක් නිමවා හදවත හදන්නට යහ ගුණ දම් නොදුන් නිසාවෙනි. මෙය මේ අයුරින්ම පෙරටත් සිදුවන්නේ නම් මේ මුලූ ලෝකයේම විනාශයත් අත ලගමයි. ඒ මන්ද යත්? සදාචාරයෙන් තොර ලොවට දෙවියන් බඹුන් ආශිර්වාද නොකරයි එහෙත් යක්ෂ පේ‍්‍රත පිශාචාදීන් අරක්ගෙන මව් නැත පියා නැත සෙයෙුරු සොයුරියන් නෑදැයින් නැතැයි කියා ගනිමින් හා ආත්මාර්ථකාමි මිස දිටුවන් අයුරින් කටයුතු කරයි. අදත් ඒ සියල්ල මේ විශ්වය තුළ සිදු වෙයි. එවිට මේ ලෝකයේ වැනසීමක් මිස සැනසීමක් නම් කොයින්ද?
නෙතග රැුදෙනා කදුලූ බිදුවක් කර දියෙන් සෝදන්නෙපා
සිතේ වෙහෙසට කිසිම විටකදි අනුන් පරයා යන්නෙපා
පිපෙන මල් ගොමු පිපෙන්නට හැර තලා හැරදා යන්නෙපා
දෙමාපියනී ළමා මනසට දුගුණ ලන්කරලන්නෙපා