https://www.facebook.com/%E0%B7%83%E0%B7%92%E0%B6%AD-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A-1643879689175985/?ref=aymt_homepage_panel සිහලුනේ මේ අහපල්ලා මහ ජාතිය පිරිහෙන්නේ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ අනෙක් සුලූ ජාතීන්. එතකොට සුලූ ජාතීන් තව තවත් ශක්තිමත් වෙනව. ශක්තිමත් වෙනව විතරක් නෙවෙයි මහ ජාතියෙ ඔලූවට අත හෝදන්නත් එනව. අපේ මේ සිංහලය වෙලා තියෙන්නෙත් ඒකයි බොලව්. උඹල උඹලගෙ වංසෙ කබල් ගාපල්ලා. අරූ ගොයිගම අරූ දුරාවේ අරූ කරාවේ එහෙම කියල හතර පැත්තකට බෙදිල උඩ රට පහත රට කියල දෙපැත්තකට බෙදිල මේ රටේ දේශපාලකයො බදාගෙන පක්‍ෂ වලට බෙදිල උඹලගෙ හාමුදුරු ගොල්ලො කොරන්නෙත් ඔය ටිකම තමයි. එක එක නිකායවල් වලට බෙදිල බණ එක එකාගේ භුක්තියට ලියාගෙන එක කොස් ඇටයක් වී ඇටයක් හිටවන්නෙ නැතුව සුද්දන්ගෙ පාන් පිටි ටික එනකන් මුහුද දිහා කට අයාගෙන බල හිටපල්ල. උන් උඹලට බජිරි දීල මේ රටේ දේපල ටික සූරගෙන යනකන් බලා ඉදපල්ල. උඹලට ඒවා පෙන්නෙත් නැහැ. ගෙදර ඉන්න එළ වැස්සිගෙ ඛිරි ටික විකුණලා පරදේශක්කාරයින්ගෙ ඛරවල ටික ගෙනැල්...
Posts
අනගාරික වදන් පෙළ
- Get link
- X
- Other Apps

නැදුන්ගමුවේ රාජා
- Get link
- X
- Other Apps
V ඉපදුන නමුත් තිරිසන් ඇත් කුලයෙ අනේ නුඹමයි නැදුන්ගමු රාජා අපට අනේ කෙතරම් වෙහෙසමුත් බුදුගුණ සිතට ගෙනේ මේ මහ දුරක් ආවේ නුඹ ඇත් රජුනේ ඇත් කුල රජෙක් වී ඉපදී සසර වනේ මේ කළ පිනෙන් මනුසත් කුල ගේක අනේ ඉපදී මෙතේ බුදු පාමුල වැතිර අනේ සදහම් අසා සැනසෙන් ඇත් රජුනි අනේ බුදුහිමි ගුණය හද පතුලේ රුවාගෙන ගෙන යන ධාතු කරඩුව පිට තියාගෙන ඒ මහ පිනෙන් නිවනින් සුව ලබාගෙන සැනසෙමු ඇතුනි මෙත්මුණි දම් අසාගෙන ඉපදී සසරමග නුබ ඇත් කුල ගේක.. කෙතරම් කිවත් නිම්හිම් ගුන නැති සේක.. මෙත්මුනි දිනක මනුලොව බුදුවනදාක.. සැනසෙමු ඇතුනී ඉපදී මනු කුල ගේක..
හදවත නැතිව දරුවන් ලොව වැදුව නිසා
- Get link
- X
- Other Apps
දුටුවම දසුන බැහැ නොව ඉවසන් ඉන්න මේ අම්මටත් වෙසගේ සිරි ගෙන එන්න කාලය නොමැත දැන්නම් හිමි දැනගන්න මේ මහ විපත උනෙ කිමදැයි වමසන්න හදවත නැතිව දරුවන් ලොව වැදුව නිසා දරුවන් යනවා මාපියො දැක දෙනෙත වසා මෙත් කරුණාව හදපතුලේ නොමැති නිසා මේ වැනි විපත් සිදුවෙයි ලොව එළිය නසා අද නොව බුදුන් සිටි දවසද මෙයම උනා බිම්සර මහ රජැද සිරගේ සිර කෙරුනා අකලට මහා වැසි වරුසා බිම වැටුනා පව්කළ සැවොම ඒ වැස්සට නිති තෙමුනා අහසේ පොළොවේ දෙවියන් අවදියෙන් ඇත මේ හැම හැම විපත් එහි අද ලියවිලා ඇත අප හැමදෙනගේ කළකම් දෙවිවරුන් අත තිබෙනව එහැම කාලෙට ඵල ලැබෙනු ඇත හොද අය අතරේ වරදක් කළ අයද ඇත ගද මල් අතර සුසුවද මල් පිපෙනු ඇත අව් වැසි සුළග හා සදු වෙන වෙනම ඇත මේ හැම එක්ව මහ විපතක් කරනු ඇත හොද හා නරක කරමින් අප සසර පුරා ඉපදුනි මෙමනු ලොව පිංඵල පෙරට දරා හොද මත නරක ගෙන දැමුවොත් වෛ දරා දුකදුලු මිසක සතුටක් නැත සිතග පෙරා
හෙළදිව සිහලුනේ මේ දෙය අහපල්ලා
- Get link
- X
- Other Apps
හෙළදිව සිහලුනේ මේ දෙය අහපල්ලා උඹලා පිරිහුනේ ඇයිදැයි සිතපල්ලා අතපය හකුලගෙන තව තව නිදපල්ලා ඉන්පසු මුහුද වෙතටම හැම පැනපල්ලා ජාතිය කුලය ආගම කොයි අතද කියා බැලුමට කාලයයි පිරිපුන් මනස අයා රහමෙර බිබී හිටියොත් තව දෙනෙත පියා යන්නට වෙන්නේ පරලොවමයි දතම නියා දුසිරිත අගය කොට සුසිරිත පසෙක තියා හෙළ කුල සිරිත් දැම්මා කුණු ගොඩට නියා සවිබල නැතිව පිටි ගිලිමින් දෙනෙත පියා කොහොමද සියලුනේ ඉන්නේ දෙකන අයා අම්මල අප්පලා අක්කල නංගිලට අයියල මල්ලිලා හැම සොහොයුරන් හට ඉන්නට හිටින්නට බිම්කඩ නොමැත හෙට නැගිටිව් වරෙව් යුද කොට රට රකින්නට ගහ ගන්නට නොවේ බැන ගන්නටද නොවේ හෙළ කුළ සිරිත් සිහිකර එය සිහිළ දිවේ ගාගෙන එයම ජප කරමින් නිතර දෙවේ හිටියොත් ඇහැකි සුරකින්නට සිහල බවේ ආයුෂ වැඩෙන්නට ආසිරි මුලින් පැතූ අපි අද පතන්නේ කිමදො සිතනු මිතූ දහසක් නයින් තැනුවත් ලොව අනගි බිතූ ඒ ලස්සනට වහ නොවැටෙන් සිහල මිතූ සුරකින් පුතේ හෙළදිව කුළ සිරිත් අනේ සුපතන් ආයුබෝවන් හෙළ දිවට අනේ කළකම් හොදට කළහොත් යහපතකි උනේ එහෙනම් සැමට තිසරණ සරණයම ගෙනේ