Posts

හදවත නැතිව දරුවන් ලොව වැදුව නිසා

Image
දුටුවම දසුන බැහැ නොව ඉවසන් ඉන්න මේ අම්මටත් වෙසගේ සිරි ගෙන එන්න කාලය නොමැත දැන්නම් හිමි දැනගන්න මේ මහ විපත උනෙ කිමදැයි වමසන්න හදවත නැතිව දරුවන් ලොව වැදුව නිසා දරුවන් යනවා මාපියො දැක දෙනෙත වසා මෙත් කරුණාව හදපතුලේ නොමැති නිසා මේ වැනි විපත් සිදුවෙයි ලොව එළිය නසා අද නොව බුදුන් සිටි දවසද මෙයම උනා බිම්සර මහ රජැද සිරගේ සිර කෙරුනා අකලට මහා වැසි වරුසා බිම වැටුනා පව්කළ සැවොම ඒ වැස්සට නිති තෙමුනා අහසේ පොළොවේ දෙවියන් අවදියෙන් ඇත මේ හැම හැම විපත් එහි අද ලියවිලා ඇත අප හැමදෙනගේ කළකම් දෙවිවරුන් අත තිබෙනව එහැම කාලෙට ඵල ලැබෙනු ඇත හොද අය අතරේ වරදක් කළ අයද ඇත ගද මල් අතර සුසුවද මල් පිපෙනු ඇත අව් වැසි සුළග හා සදු වෙන වෙනම ඇත මේ හැම එක්ව මහ විපතක් කරනු ඇත හොද හා නරක කරමින් අප සසර පුරා ඉපදුනි මෙමනු ලොව පිංඵල පෙරට දරා හොද මත නරක ගෙන දැමුවොත් වෛ දරා දුකදුලු මිසක සතුටක් නැත සිතග පෙරා

හෙළදිව සිහලුනේ මේ දෙය අහපල්ලා

Image
හෙළදිව සිහලුනේ මේ දෙය අහපල්ලා උඹලා පිරිහුනේ ඇයිදැයි සිතපල්ලා අතපය හකුලගෙන තව තව නිදපල්ලා ඉන්පසු මුහුද වෙතටම හැම පැනපල්ලා ජාතිය කුලය ආගම කොයි අතද කියා බැලුමට කාලයයි පිරිපුන් මනස අයා රහමෙර බිබී හිටියොත් තව දෙනෙත පියා යන්නට වෙන්නේ පරලොවමයි දතම නියා දුසිරිත අගය කොට සුසිරිත පසෙක තියා හෙළ කුල සිරිත් දැම්මා කුණු ගොඩට නියා සවිබල නැතිව පිටි ගිලිමින් දෙනෙත පියා කොහොමද සියලුනේ ඉන්නේ දෙකන අයා අම්මල අප්පලා අක්කල නංගිලට අයියල මල්ලිලා හැම සොහොයුරන් හට ඉන්නට හිටින්නට බිම්කඩ නොමැත හෙට නැගිටිව් වරෙව් යුද කොට රට රකින්නට ගහ ගන්නට නොවේ බැන ගන්නටද නොවේ හෙළ කුළ සිරිත් සිහිකර එය සිහිළ දිවේ ගාගෙන එයම ජප කරමින් නිතර දෙවේ හිටියොත් ඇහැකි සුරකින්නට සිහල බවේ ආයුෂ වැඩෙන්නට ආසිරි මුලින් පැතූ අපි අද පතන්නේ කිමදො සිතනු මිතූ දහසක් නයින් තැනුවත් ලොව අනගි බිතූ ඒ ලස්සනට වහ නොවැටෙන් සිහල මිතූ සුරකින් පුතේ හෙළදිව කුළ සිරිත් අනේ සුපතන් ආයුබෝවන් හෙළ දිවට අනේ කළකම් හොදට කළහොත් යහපතකි උනේ එහෙනම් සැමට තිසරණ සරණයම ගෙනේ

ආවත් දස අතින් නෙක නව වද බෝම

Image
ආවත් දස අතින් නෙක නව වද බෝම අතහැර යන්නෙපා කිසිදා සැනසීම සැපතක් ලබන්නට පළමුව විදවීම කලොතින් තමයි හදුනන්නේ සැනසීම සිය නැණ මනස එකටෙක සතපමින් අනේ විමසා බලා කටයුතු කෙරුවොතින් නැනේ සැපතක් මිසක දුකදුලු නැත සසර වනේ එය නම් සැබෑවකි බුදු හාමුදුරුවනේ අතහැර දමා සක්විති සම්පත් නේක පියවර තබා ගොරහැඩි මහ දගගේක විදිමින් නේක දුක් දොම්නස් ලොව නෙක් සිදුහත් කුමරු සම්බුදු බව ලැබු සේක අමතක කර දමා බිරිදද රහල් පුතු යන්නට එපා කීවත් සිය සිතග ගතූ සංසාරයේ අප හැමදා නිතර පැතූ ගමනක් ගියා සුද්ධොදන රජුගෙ පුතු සංසාරයේ ඇතිවන දුක සොයන්නෙමී ඒ දුක් ගැහට මුලිනුපුටා දමන්නෙමී පත්වන විපත් හැමදේ ගැන හැදින්නෙමි මේ හැම දිනන මග හැමටම දෙසන්නෙමි

නොසැලෙන අධිෂ්ටානය වනාහී

Image
නොසැලෙන අධිෂ්ටානය වනාහී    නැණසේ දියුණුවයි. එබැවින් ඔබ කිසිවිටක ඔබ සතු උත්සාහයන් හා අධිෂ්ටානයන් අත් නොහරින්න. එය කවර මොහොතක හෝ සඵල වනු ඇත.එතෙක් ඔබ නොසැලී ඉදිරියටම යන්න. පිපාසිතයෙකුට එම පිපාසය සංසිදුවාගන්නට නම් දිය පොදක්ම අවැසි බව අප දනිමු. එහෙත් කාන්තාරයකදී දිය දෝතක් සොයන්නට කෙතරම් වෙහෙසිය යුතුද? එහෙත් මහා කාන්තාරයක් මැද වුවත් දිය සෙවීමට මනා ස්ථානයක් සොයා කැනීමක් කරන්නෙකුට දියද ලද හැකිය. මේ විශ්වය තුළ අප සියලුම් සත්වයින්ගේ සියලුම අවශ්‍යතාවයන් මැනවින් දැලිවී ඇත. අප කළ යුතුවන්නේ ඒ අවශ්‍යතාවයන් සියල්ල මනා අවබෝධයකින් යුතුව අර පරිස්සමින් යුතුව පරිහරණය කිරීම මිසක් හිතුමතේ පරිහරණය කොට උස්මුරුත්තාවට පැමිණිම නොවේ. එහෙත් අප අද සිදු කරන්නේ එයයි. අප ඇවිදින මේ සසර දනව්වද ඒ හා සමානය. දුක හා සතුට සමාන අසමානකම් වලින් තොරව භජනය කරන්නෙමු. එහෙත් ඒ සියල්ල වෙනස් කරන්නට අප වෙර නොදරන නිසා කෙතරම් අසහනකාරී මානසික වටපිටාවක් ගොඩ නැගී ඇත්ද? 

සසරම දුකයි රෝදය ලෙස කැරකෙනවා

Image
සසරම දුකයි රෝදය ලෙස කැරකෙනවා ලෝසත වසයි නිතරම පව් කරවනවා මාරය කෙදින හෝ අප වෙත පැමිණෙනවා එවිටදි අනේ යනු බැහැ හැම වැලපෙනවා සසරට බදින ලද පව්මුල් සිදිනු මැන මෙසසර සියලු දුකදුලු කැට සිදුනු මැන නිසසල සසර සිරිසර කර සිටිනු මැන නැතිනම් සසරේ නිතරම දුක් විදිනු මැන උපතත් සමග මරණය නිති පැමිණෙනවා කළ හොද නරක අප පසුපස පැමිණෙනවා අම්මත් පියත් සොහොයුරු හැම හැමුවෙනවා සැප දුක පෙරදි කළකම් ලෙස විදවනවා සත්වග විදින දුක් ගිනිදැල් අතැර දමා සන්තක සිතින් දම්මග යනු මැනවි සැමා පත්වන විපත් බියකරුමය සැමට පමා සංවර වෙලා සැනසුම් සුව විදිනු අමා

හෙළදිව දැන් සිද්ධ වෙන්නෙත් මේ වගේ වැඩ තමා

Image
ලෝකය තුළ යම් පුද්ගලයෙක් සත්‍යවාදීව කටයුතු කරනන්නේ නම් ඔහුට කිසිවෙකුගෙන් කිසිදු උවදුරක් හෝ නින්දාපවාදයක් විදින්නට සිදු නොවේ. එහෙත් යමෙක් ලෝකයේ පැවැත්මෙන් පිට පනිමින් විරුද්ධවූ කි‍්‍රයාවන් සිද්ද කරන්නේ නම් එතනදී ඔහුට කායික මානසික පීඩාවන් රාශියක් විදින්නටම සිදු වන බව අප දැක ඇත. රජෙක් යනු මුලූ මහත් විශ්වයේම මනා කි‍්‍රයාකාරීත්වයන්ට අනුව මැනවින් නිමැවිය යුතු කෙනෙක් මිසක් ස්වකීය චින්තනයන්ට අනුව හා අන්‍යයන්ගේ වදන් වලට නතුව කටයුතු කරන්නෙක් නම් නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහුට මහා විනාශයන් සිද්ධ වන්නේ කෙසේදැයි බෞද්ධ කතා පුවත් තුළින් මැනවින් දත හැකිය. එහෙත් අප බුදු දහමට අනුවමයි කටයුතු කරන්නේ හා අපේ රාජ්‍ය ආගම බුද්ධාගම ආදී වශයෙන් මිනිසුන් රවටන්නට පමණක් වදන් තෙපලීමෙන් කිසිදු ඵලයක් නැත. සිදුහත් කුමරු බුදු නොවූවා නම් චක‍්‍රවර්ති රජවන බව අප දනිමු. එහෙත් බුදුවීම නිසා මුලූ විශ්වයටම රජෙක් පහලවූවා හා සමානය අදත් හෙටත් ඉදිරියටත්. එසේම උන්වහන්සේ විසින් ඒ දේ්ශණා කරන්නට යෙදුනු දේශණාවන්ගෙන් අදත් එදත් සියල්ලෝම ලැබූ සහ ලබන පන්නරය මෙච්චරයි මෙපමණයි කියා නිමවිය නොහැක.  සෑම රාජ්‍යයක්ම යම් සොර දෙටුවන් ඇති බව ...

සිංහලයා නරක බෞද්ධයින් කළේ මෙලෙසිනි

Image
පෘතුගීසී හා ලන්දේශීන් හා ඉංගී‍්‍රසීන්ගේ එකම අභිලාසය වූයේ මේ රට තමන් යටතට ගෙන තම දෙවියන්ගේ අණසකට යටත්වූ කි‍්‍රස්තියානි රාජ්‍යයක් බවට පත්කිරීමය.  එහෙත් එය එසේ කරන්නට නොහැකි නම් සියලුම සිංහලයින් නරක බෞද්ධයින් බවට පත් කරන්න ඔවුන් උපදෙස් දී ඇත. එය අද ඒ අයුරින්ම සිදුවුන නිසා අද මෙසේ සිදුවිය.තව ටික දිනකින් සිංහලයාට සිදුවන්නේ සියල්ලම අතහැර දමා විහාර මහා දේවිය විලසින් මුහුදට බිලිවන්නට මිසක් අන් කිසිවක් නම් නොවේ. මුදලට යටවූ සමාජයක් තුළ යුක්තිය සොයන්නේ කෙලෙසින්ද?ඉහත සදහන් කියමන් සියල්ලම සදහන්ව ඇත්තේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් රචිත් දේශය සුරකින රන් අසිපත නැමති ග‍්‍රන්ථයෙහිය. ගෝලාකාරවූ ලෝකයේ විවිධ විෂමාකාරී කි‍්‍රයාවන් කරමින් අධර්මයෙන් රජ කරන්නට යන්නවුන්ට සිදුවන්නේ විනාශය මිසක් යහපතක් නම් නොවේ. බුදුන් වැඩි රට තුළ දහම් කරුණු මුවින් තෙපළමින් එයට අනුගත නොවන්නවුන්ට විනාශය මිසක් යහපතක් නම් සිදු නොවේ. අදමිටු දහම් හෙළ දීපෙන් වියැකේවා සදහම් දීපෙ නැවතත් මෙහි බැබලේවා විරුවන් විලස මහ සග ඝණ වැජබේවා සිහලුනි නැවත හෙලදිව වෙත පණ දේවා අපායට බියෙන් මත් පැන් නොබිව් මට උපායෙන් පොව...