Posts

::: උමතු භාවය යනු කුමක්ද? :::

සැබවින්ම අප සෑම පුද්ගලයෙකුම උත්පත්තියෙන් උමතු වූවන් වන බව ලොව්තුරා බුදුන් වහන්සේ මැනවින් දේශණා කොට ඇත. ඒ කෙසේද යත්? සබ්ඛෙ පුථුජ්ජනා උම්මත්තකා යනුවෙනි. මෙයින් උන්වහන්සේ පැහැදිළි කරන්නේ කුමක්ද? හොද නරක මැනවින් වටහාගෙන කටයුතු කරන්නාවූ සියලූම පුහුදුන් මිනිසුන් උම්මත්තකයින් බවයි. අප මේ බව තවත් වටහා ගන්නට මෙය ගැන වමසමු. ඒ කුමක්ද? 

::: තැවෙන්නට නොව තනන්නට ජීවිතේ :::

Image
* ඔබ අන්‍යයන්ට අවැසි අයුරින් කටයුතු නොකරන්න *මැරුනු බල්ලාට කිසිවෙක් පයින් නොගසයි *ඔබට ගැටලූවක් නැත්නම් ඔබ අසාර්ථක මාවතේ පිය මනිනු මිස සාර්ථක මාවතේ පිය නොමනිනු ඇත. ඒ මන්ද ඔබ හමුවට ගැටලූ පැමිණෙන්නේ ඔබව සවිමත් කරන්නට මිසක් ඔබව තවත් පසුපසට ඇද දමන්නට නොවේ. එබැවින් ඔබ ගැටලූ පැමිණි පසු සතුටු වන්න. ඒ ගැටලූ හැමුවේ සුසුම් හෙලන්නට නොයන්න. ඒ මන්ද ඔබ නිතැතින්ම ඔබ තුළින්ම ගොඩ නැගිය යුතු නිසාවෙන්මය.

::: ථේරවාදී බෞද්ධ භික්ෂුන්ෙග් හෙට දවස කෙබදුවේද? :::

Image
ක්‍රි.ව.1505 න් ආරම්භවූ ථේරවාදී බෞද්ධ විරෝධි ආකල්පය අද වන විට මුලූ දිවයින පුරා උඩුදුව ගිය පිලලයක් බවට පත්වී තිබේ. මේ පිලිකාවට බෙහෙත් සොයා යාම නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් කියන්නා සේ අපේ අසිංහල කලූ සුද්දන් කාලයෙන් කාලයට නොයෙකුත් විකාර කතා කියමින් බුද්ධ ශාසනය රැක ගැනීමට කතා කිරීම දැන් ඇනස්ලි ඩයස්ලාගේ විහිලූවක් බවට පත්වී ඇත .

::: ආදරයේ පුෂ්පය රෝස මලය :::

Image
ආදරයේ පුෂ්පය රෝස මලය දින තුනකින් එහි සියලූ පෙති සිදී බිදී ගොස් ඉතිරි වන්නේ කටු පිරි කිසිවෙකු දකින්නට පිය නොකරන නටුව පමණි. මෙය මේ අයුරින් සිදු නොවන්නේද ඔබේ දිවිය තුළද? සිදු වෙනවා නේද? එහෙත් එය තේරුම් නොගන්නේ මන්ද? එය මැනවින් තේරුම ගෙන කටයුතු කරන්නට නොපෙළබෙන්නේ මන්ද? ආදරය පටන්ගන්නේ කාමයෙනි. 

::: ඔබ සැලැස්මක් හදන්න ඒ සැලැස්ම ක්‍රියාත්මක් කරන්න :::

Image
හිසට වහලක් නැතත් සොයා යව් විදුහල ගත වෙව්ලන සීතලෙන් ගනිව් පොත සුරතට පාපිපාසා පහරන මොලවව් ඥාන අග්නිය එයයි තොප ආයුධය. මෙය මේ අයුරින්ම ඉටු කරන්නට ඔබ වෙර දරන්නේද? එසේත් නැති නම් ඔබ මහා වියතෙක් නොවී වියතෙක් අයුරින් වදන් තෙපලන්නට වෙර දරන්නේද? පුද්ගලයා සතු සාර්ථකත්වය නිවැරදිව ලබන්නට නම් ඔහු ඒ සදහා මනා ශක්තිමත් පියවරක් තැබිය යුතුය. ඒ පියවර මනා විශ්වාසයෙන් තබන්න. ඒ තුළින් ඔබ මනා ශක්තිමත් සාර්තකත්වයක් කරා පියමනින්නේ නිතැතිනි.

::: කෝප වී ඔබගේ යහපත් චින්තනය විනාශ කර ගන්නවාද? :::

මිනිසා ස්වභාවයෙන්ම තමන් සිතන පතන අයුරින් ස්වකීය සිතුවිලි සතපවන්නට නොහැකි තැන කෝපවන්නට පෙළඛෙනු ඇත. එබැවින් අප නිතරම සිහියෙන් කටයුතු කරන්නට පෙළබිය යුතුව ඇත. එසේ නැත්තේ නම් අපගේ දිවියේ ආයුෂ පිරිහී යනු ඇතැයි අප නිතරම සිහියෙහි තබා ගත යුතුයි. එසේම අපගේ සිතේ කෝපයක් ඇති වූ කල්හී කිසිදු යහපත් චින්තනයක් ඇතිකරගත නොහැක. එබැවින් අප කේන්ති ගැනීම අපගේ විනාශයට මූලික හේතුවක් වනු ඇත. එය හරියට උණ ගසක් ස්වකීය ඵලය නිසා විනාශයට පත්වීම හා සමානය. එබැවින් අප සෑම මොහොතකම කෝප වී ප්‍රකෘතියෙන් සිතා බුද්ධියෙන් කටයුතු කිරීමේ ස්වභාවය විනාශ කරගන්නේද? එසේම ජීවත්වන්නට තිඛෙන ආයු කාලය විනාශ කරගන්නවාද?

::: වසරකින් පසු වසරක් සමරන්නට නම්? :::

Image
සැනසුම් සුසුම් පිරි දිවියක් මිස වැනසුම් කදුලෙන් මුසු දිවියක් ගතකරන්නට හෝ නිම කරන්නට අප කිසිදු මොහොතක කිසිදු උත්සාහයක් නොගනිමු. එසේම නොකැමැත්තෙමු. එහෙත් අප අද මේ ගෙවන ලද දිවිය දෙස ආපසු හැරී බලන්නේ නම් අපට පෙනෙන්නේ අප සැනසීමෙන් යුතු මනසකින් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන් පැසසුම් ලද දිවියක්ද? එසේත් නැති නම් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන්ද නින්දාවන් හා අප්‍රසාදයන් ලබමින් ගතකළ දිවියක්ද යන්න පිළිබද විමසන්න. එවිට ඔබ මේ වසර තුළ සිදු කරන්නට යෙදුනු සියලූ වැරදි ක්‍රියාවන් මොනවාද?