Posts

:::: ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම ::::

Image
ලොව පහලවන හැම සත්වයෙකු විසින්ම කරන හැම ක්‍රියාවකටම මුල්වන්නේ සිතයි. සුදු කළු යැයි ක්‍රියා දෙවර්ගයකි. එයම හොද නරක ලෙසද යහපත් අයහපත් ලෙසද කුසල් අකුසල් ලෙසද පින් පවු ලෙසද විග්‍රහ කළ හැක. දෙපරිදි වූ මේ ක්‍රියාවන් සිදුවන්නේ මනස මුල් කර ගෙනය. එනිසා සත්වයා සතු ෂඩේන්ද්‍රියන්ගෙන් වැදගත්ම අංගය මනසයි. ඒ බව මෙයින් දත යුතුය.

::: ඔබ නොකිපෙන්න :::

Image
බුදුන් වහන්සේ කිසිදු වරදක් නොකළ ශාස්තෘ වරයෙකු බව අප දනිමු. එහෙත් උන්වහන්සේට මහා නින්දා අපහාස කළ පුද්ගලයන් කොපමණ සිටියාද? එහෙත් බුදුන් වහන්සේ ඒ කිසිවක් ගැන සිතුවේ නැත. ඒ මන්ද? උන්වහන්සේ හෘදසාක්ෂියට එකගව කටයුතු කරණ නිසාවෙනි. අප දන්නා පමණින් අටලෝ දහමින් කම්පා නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහු නිතරම මානසික පීඩා විදිමින් දිවි ගෙවන්නෙක්ම වන්නේය.

~~~ සැනසුමක් ලබන්නට නම් ~~~

Image
ලොකයේ දිවි ගෙවන්නවුන්ට ඔවුන්ගේ සාර්ථකත්වයට පත් වන්නට පෙර නොයෙකුත් අපහසුතාවයන්ට මෙන්ම දුක්ඛිත ජීවිකාවන් ද ගත කරන්නට සිදුවිනි. එහෙත් ඒ හැම අපහසුතාවයක්ම ස්වකීය අනාගත සැනසීමට මනා පිටුවහලක් වන්නේ යැයි සිතා එකම ධෛර්ය සම්පන්න චින්තනයකින් යුතුව සියළුම අපහසුතාවයන් විදදරා ගනිමින්  පෙරට යන්නේ නම් ඔහුගේ දිවියේ සැනසීමක් ලද හැකිය.

:: බුදු දහමයි පුංචි ඔබයි ::

Image
රත්තරං දුවේ පුතේ පුංචි දුවල පුතාල මල් වලට ගොඩක් ආසයි නේද? ඒ ඇයි? ඒවා පියකරුයි ලස්සනයි නේද? ඒ හින්ද නේද? ඒත් දුවේ පුතේ අපි හිතමු මල් ගහක තියෙන පුංචි පොහොට්ටු පිපපෙන්නට පෙර කවුරුහරි කඩා දැම්ම කියල? එතකොට යලිත් අර ඔයාල ගොඩක් ආසා කරන මලක් පිපෙන්නට අවස්ථාව නැහැ නේද? මේ පංචි උදාහරණය මම කීවේ මේ රත්තරං දුවල පුතාලට යමක් අවබෝධ කරන්නට.

::: පුංචි කළට පුංචි නෙතට :::

Image
  පුංචි කළට පුංචි නෙතට බුදු හිමි රුව ගැටුනා සෙනෙහස ගැන නොසිතා මට මහන වෙන්න සිතුනා පන්සල වෙත පිය නිගමින් කහ සිවුරක් ගතලා සිටියත් දැන් මට නිතරම මව්පියො සිහි වෙනවා බුදු කුටියේ බුදු හිමියන් නෙතට ගැටෙනවා එවිටදි මගෙ මුළු ලෝකයෙ සතුට පිරෙනවා හැම දිනකම බුදුහිමි පා සිඹිමි සිතෙනවා ඒ සිතුවිලි මොහොතින් සිති සිදී හැලෙනවා

ගෙයක් ගිනිගත් කලිහී ............

Image
ගෙයක් ගිනිගත් කලිහී ඉන් පිටතට ගත් සියල්ලෙන්ම කුමන හෝ ප්‍රයොජනයක් ගන්නට ඇති හැකියාව වැඩිය එහෙත් එහි දැවුනාවූ සියල්ලෙන්ම ඇති ප්‍රයෝජනය කුමක්ද? අප සතු දිවියද ජීවත්වන කාල පරාශය තුළදී සිදු කර ගන්නා ලද යහපත් දෙයින්ම සැනසීමක් ලද හැකිය නොකළ සියල්ලෙන්ම මානසික පීඩනයක් මිස සැනසීමක් ලද නොහැකිය. මෙය මනා උපදෙශයකි. එහෙත් මේ උපදේශයට නතු වන්නේ මේ ලෝකය තුළ කවරෙක්ද යන වග අප මනසින් හා නැණසින් මැනවින් විමසිය යුතුය.

ඔබ තනිව ගොඩ නැගෙන්නට වෙර දරන්න

Image
ඔබ සෑම මොහොතකම ගැටළුවක් හමුවේදී බියගුලූ පුද්ගලයෙකු වන්නේ ඔබට ඒ ගැටළුවට මුහුන දිය නොහැකි නිසාම නොවේ. ඒ ගැටළුවට මුහුන දිය යුතු අයුරු නොදන්නා නිසාවෙනි. එයට මූලික හේතුව වී ඇත්තේ අප හැම කෙනෙකුගේම මූලික අඩිතාලම ඉ්ිැ දෙමබා්එසදබ නිවැරදිව ගොඩ නොනැගුන නිසාවෙනි. එයට වගකිව යුත්තේ අපගේ දෙමාපියන්මය. සටීවන් ග්ලේන් යනු ලොව ඉතා දක‍ෂතම සුප්‍රකට විද්‍යඥයෙකි. ඔහු වෛද්‍ය විද්‍යාවට අදාලව ඉතා විශාල පර්යේෂණ රාශියක් සිදුකර ඇත . එසේම මිය යාමට සිටි බොහෝ රෝගීන් පිරිසකට නැවත මෙලොව එළිය දැක පිය සටහන් තබන්නට අවැසි ඉඩ ප්‍රස්ථාව ලබා දුනි. දිනක් මොහු සමග සම්මුඛ සාකඡ්චාවක් පැවති අවස්ථාවක මොහුගෙන් විමසන ලද්දේ ඔබේ මේ විශ්මත පර්යේශණ කටයුතු කිරීමේදි ඔබ පෙන්නුම් කරන්නේ මහත් දක‍ෂතාවයක්. ඒ අසාමාන්‍ය දක‍ෂතාවයන් ඇතිවීමට ඔබේ දිවියේ මුල් අවදියේදී බලපෑ විශේෂ හේතු සාදක මොනවාද?