Posts

~~ කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් ~~

Image
 කෙනෙක් සතුටින් දිවි ගෙවන්නේ නම් අනිකා ඒ සතුටින් සිටින පුද්ගලයාගේ සතුට නසන්නට මහත් වෙහෙසක් ගනී. ඒ වෙහෙසේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමහර විට තවෙකෙකුගේ ජීවිතයේ අවසානයද විය හැක. කෙතරම් දුරට සිතනන්නට හා විමසන්නට විමසුම් බුද්ධියෙන් පිරිපුන් මිනිසුන් උවත් අප සියලූම දෙනා කටයුතු කරන්නේ නොවිමසුම් බුද්ධියෙන් පිරිපුන් අමනයන් අයුරින් නොවේද?

මුදලට යට වූ සමාජයක් තුළ

Image
මුදලට යට වූ සමාජයක් තුළ අප සියලූම දෙනා නෙතින්, සිතින් හා ගතින් විදින දුක්ඛිත මානසිකත්වයට සැනසීමක් උදාකරලන්නට අනුගමනය කරන ප්‍රතිපදාව කුමක්ද? වැරදි කි්‍රයාමාර්ගයන් තුළ නියැලෙමින් ධනයම උපයන්නට වෙහෙසෙනවා නේද? ඒ වෙහෙසීම තුළ ඔබ කායික හෝ මානසික සැනසීමක් සදාකාලිකව වින්දනය කරනවාද?

ජීවිතය තුළ ජීවත් වන සුලූ කාල පරාශය තුළදී ජීවිතය යනු කුමක් දැයි

Image
ජීවිතය තුළ ජීවත් වන සුලූ කාල පරාශය තුළදී ජීවිතය යනු කුමක් දැයි මැනවින් තේරුම් ගන්නට නොහැකි නම් ඔබ මහත් ගැටලූ රාශියකට මුහුණ පානු ඇත. ලෝකයේ ඇති සියුලූම වස්තූන් වෙනස් වන්නේ නිතරම වෙනස් වන සුලූ සතර මහා භූතයින්ගෙන් සැදුම්ලත් නිසාවෙනි. එබැවින් ඒ සියල්ලම වෙනස් වන විට ස්වකීය චින්තනයට මහත් වේදනාවක් මුසු වන්නේ මමත්වය ගොඩ නගාගෙන කටයුතු කරන්නට නියැලෙන මොහොත තුළදීමය. එසේ නම් ඔබ මමත්වයෙන් තොර නිවැරදි චින්තනයෙන් යුතු මානසිකත්වයක් නිමවන්න. ඒ කුමක්ද? ඔබ සිතන්න මම හා අන්‍යය සියලූම වස්තූන් නිමැවෙන්නා සේම වැනසෙන්නට මුල පුරයි. එසේ නම් මේ විශ්වය තුළ දිවි ගෙවන කාල පරාශය  තුළදී ඔබ ඔබට ආදරය කරමින් ඔබ නිවැරදි පුද්ගලයෙකු අයුරින් නිමවන්නටත් හසුරුවන්නටත් වෙර දරන්න. ඒ තුළින් ඔබගේ චින්තනයට පහර දෙන්නට කිසිවෙකුට කිසිදුහැකියාවක් නොමැත . එසේම ඔබව මානසිකව පීබාවට පත්කරන්නටද නොහැක.

::: ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය :::

Image
ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය බොරුවක් හා කුහක කමකි   දේශපාලනය යනු නිවැරදිව නිසියාකාරයේ සිදු කළ යුත්තක් මිසක් ස්වකීය චින්තනයකට පමණක් නතු වූ වින්දනයක් සදහාම සිදු කළ යුත්තක් නම් නොවේ. යමෙක් එසේ සිදු කරන්නේ නම් ඒ මොහොතට පමණක් එහි තෘප්තිය ඔහු අභියස ගැවසෙනු ඇත. අනතුරුව ඒ තෘප්තිය කදුලක් හා සුසුමක් හමුවේ මිලින වන්නේය. මෙය එදත් අදත් මේ විශ්වය තුළ වූ සාධාරණම කි්‍රයාවලියයි. එහෙත් එය මැනවින් තේරුම් ගෙන කටයුතු සිදු කරන්නේ කවරෙක්ද යන වග අද අප දිවි ගෙවන්නා වූ සමාජ පසුබිම තුලින්ම උකහාගෙන කටයුතු කරන්නට වෙර දරන්නේ නම් මනා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගෙවන්නට හැකිය.

~~ වෛරී සැම සිත් මෙත් සිත් වෙත්වා ~~

Image
                                                     ජයං වේරං පසවතී දුක්ඛං සේති පරාජිතෝ උපසන්තො සුඛං සේති හිත්වා ජය පරාජයං යමෙක් තවෙකෙකු සමග වෛරයෙන් යුතුව යුද්ධ කරන්නට පිවිසෙන්නේද? ඔහු ඒ තුළින් ජය ගනිද? එහෙත් පසුව දුක් වනු ඇත. එසේම පරාජ වන තැනැත්තා මහත් ගෙස දුකට පත් වේ. එහෙත් මේ සියල්ලේම වෙනස මැනවින් දන්නා වූ උපශාන්ත වූ සිත දමනය කළ පුද්ගලයා මහත් සැනසිල්ලෙන් යුතු දිවියක්ම ගෙවනු ඇත.  

මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන්

Image
මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන් හමුවේ ඔවුනොවුන් විසින් විදින ලද සැප සම්පත් මෙන්ම දුක්ඛිත මානසිකත්වයන්ද වෙනස් කළ හැකිය එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ රාත්‍රී යෙහි නිද් ‍ රාවට පැමිණි පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්‍රස් තව පිබිඳ මේ සවප්නයන් දුටු බැවින් මට කුමක්වේදෝහෝයි මරණයින් භයපත්ව යහන්පිට හිඳම පාන්කොටපූය ඉක්බිත්තෙන් පාන්වූකල්හි ශාන්ති බ්‍රාහ් මණයන් හා පුරෝහිත බ්‍රාහ් මණයෝ රජ්ජුරුවන් කරා පැමිණ සවාමීනි රජ්ජුරුවන් වහන්ස රාත් ‍ රියෙහි සැපසේ විසූ සේක්දැයි විචාළෝය , ආචාරිවරයෙනි මට සැපයෙක් නම් කොයින්ද අද මම අළුයම් වේලෙහි සොළොස් සවප්නයක් දුටිමී .

අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ

Image
අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ ලෝකය විනාශ වන මොහොත තෙක්ම නොමැරී ජීවත් වන්නට උපතක් ලබා නොමැත. ඒ මන්ද? මේ විශ්වය තුළ තිඛෙන අනියත ධර්මය සියලූම සත්වයින්ට පසක් කරලීම අරමුණු කර ගෙනය. මේ ලෝකයේ උපත ලැබුවා වූ යම් සත්වයෙක් නොමැරී දිවි ගෙවන්නට සිතන්නේ නම් ඔහු මෙලොවදී සිදුකරන ලද ඊට සමානවන තව එකදු අනුවන කටයුත්තක් නොමැති තරම්ය.