Posts

::: ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය :::

Image
ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය බොරුවක් හා කුහක කමකි   දේශපාලනය යනු නිවැරදිව නිසියාකාරයේ සිදු කළ යුත්තක් මිසක් ස්වකීය චින්තනයකට පමණක් නතු වූ වින්දනයක් සදහාම සිදු කළ යුත්තක් නම් නොවේ. යමෙක් එසේ සිදු කරන්නේ නම් ඒ මොහොතට පමණක් එහි තෘප්තිය ඔහු අභියස ගැවසෙනු ඇත. අනතුරුව ඒ තෘප්තිය කදුලක් හා සුසුමක් හමුවේ මිලින වන්නේය. මෙය එදත් අදත් මේ විශ්වය තුළ වූ සාධාරණම කි්‍රයාවලියයි. එහෙත් එය මැනවින් තේරුම් ගෙන කටයුතු සිදු කරන්නේ කවරෙක්ද යන වග අද අප දිවි ගෙවන්නා වූ සමාජ පසුබිම තුලින්ම උකහාගෙන කටයුතු කරන්නට වෙර දරන්නේ නම් මනා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගෙවන්නට හැකිය.

~~ වෛරී සැම සිත් මෙත් සිත් වෙත්වා ~~

Image
                                                     ජයං වේරං පසවතී දුක්ඛං සේති පරාජිතෝ උපසන්තො සුඛං සේති හිත්වා ජය පරාජයං යමෙක් තවෙකෙකු සමග වෛරයෙන් යුතුව යුද්ධ කරන්නට පිවිසෙන්නේද? ඔහු ඒ තුළින් ජය ගනිද? එහෙත් පසුව දුක් වනු ඇත. එසේම පරාජ වන තැනැත්තා මහත් ගෙස දුකට පත් වේ. එහෙත් මේ සියල්ලේම වෙනස මැනවින් දන්නා වූ උපශාන්ත වූ සිත දමනය කළ පුද්ගලයා මහත් සැනසිල්ලෙන් යුතු දිවියක්ම ගෙවනු ඇත.  

මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන්

Image
මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන් හමුවේ ඔවුනොවුන් විසින් විදින ලද සැප සම්පත් මෙන්ම දුක්ඛිත මානසිකත්වයන්ද වෙනස් කළ හැකිය එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ රාත්‍රී යෙහි නිද් ‍ රාවට පැමිණි පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්‍රස් තව පිබිඳ මේ සවප්නයන් දුටු බැවින් මට කුමක්වේදෝහෝයි මරණයින් භයපත්ව යහන්පිට හිඳම පාන්කොටපූය ඉක්බිත්තෙන් පාන්වූකල්හි ශාන්ති බ්‍රාහ් මණයන් හා පුරෝහිත බ්‍රාහ් මණයෝ රජ්ජුරුවන් කරා පැමිණ සවාමීනි රජ්ජුරුවන් වහන්ස රාත් ‍ රියෙහි සැපසේ විසූ සේක්දැයි විචාළෝය , ආචාරිවරයෙනි මට සැපයෙක් නම් කොයින්ද අද මම අළුයම් වේලෙහි සොළොස් සවප්නයක් දුටිමී .

අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ

Image
අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ ලෝකය විනාශ වන මොහොත තෙක්ම නොමැරී ජීවත් වන්නට උපතක් ලබා නොමැත. ඒ මන්ද? මේ විශ්වය තුළ තිඛෙන අනියත ධර්මය සියලූම සත්වයින්ට පසක් කරලීම අරමුණු කර ගෙනය. මේ ලෝකයේ උපත ලැබුවා වූ යම් සත්වයෙක් නොමැරී දිවි ගෙවන්නට සිතන්නේ නම් ඔහු මෙලොවදී සිදුකරන ලද ඊට සමානවන තව එකදු අනුවන කටයුත්තක් නොමැති තරම්ය.  

:: කිසිදු මොහොතක කිසිදු අයුරකින් තෘප්තියකට පත් නොවන්නා වූ ::

Image
කිසිදු මොහොතක කිසිදු අයුරකින් තෘප්තියකට පත් නොවන්නා වූ මනුෂ්‍යය නැමති සත්වයා විසින් ගෙවන්නා වූ ජීවිතය තුළ ලබන්නට අවැසි යැයි සිතන්නා වූද පතන්නා වූද බොහෝ සැප සම්පත් ඇත. එසේම ඒ සියල්ලම ස්වකීය චින්තනයට අනුකූලව ඉටු නොවුනු සද සියදිවි හානි කරගන්නටත් අන්‍යයන් හා ගැටෙන්නටත් සමහරෙක් ඝාතනය කරන්නටත් බොහෝ ලෙස පෙළඹෙනු ඇත. ඒ පෙළඹීම සිදුවන්නේ කවරාකාරයෙන්ද යන වග අප සිතින් විමසුම් ඇසට යොමු කරන්නට සුදුසුම කාලයයි.

:: පුද්ගලයෙක් මව් ගැබින් පිටවන්නේ ::

Image
පුද්ගලයෙක් මව් ගැබින් පිටවන්නේ කෙසේවත් මිනීමරුවෙකු ලෙසින් නොවේ. ඒ තත්වය තෙක් ඔහු හෝ ඇය ආ ගමනේදී ඔවුන් ඇසුරු කළ යහලූ යෙහෙලියන් ඔවුන්ට පිටදුන් ජනමාධ්‍ය සංදේශාවලිය රූපවාහනී ගවන් විදුලිය ඇතුළ සත්‍ය හා මිථ්‍යාවෙන් යුක්ත වූ නොයෙක් දේ ඔවුන්ගේ ජීවිතය කෙරෙහි හරි හෝ වැරදි ලෙස වරින් වර බලපෑම් කරන්නට ඇත . ප්‍රගමනය වන සමාජ ක්‍රමයට අභියොග යනු අපේක්ෂිත මානුසික සංකල්පයකි. අභියොග මතින් නූතන සාජයට අවතීරණය වීමේදී ස්වාදීනව හා අචලව සියලූ අභියොග ජය ගත යුතු වේ. නූතන සමාජය අභිමුවේ අභිප්‍රේරිත ගමනක යෙදීමට නම් නූතන සාමජය පිළිබද මනාලෙස ඇති තතු එලෙසින්ම වටහාගත යුතු වේ. එසේ නොවන්නේ නම් ඔරොත්තු නොදෙන සමාජ කි්‍රයාකාරිත්වය හමුවේ පසුබෑමට මෙන්ම අතරමං වීමට අපට සිදුවනු ඇත . එසේම හුදෙක් ඇතමෙක් නිවැරදි ලෙස තේරුම් ගන්නාමුත් තවත් අයෙකු මුලූ ජීවිත කාලයටම තේරුම් නොගන්නා සංකල්පය ජීවතයයි. නමුත් කටුක ජීවතයෙන් ලබන සංවේදනා තුළින් මිහිරි ආත්ම වින්දනයක් ලද හැකි නම් ජීවතේ සැබවින්ම සුන්දරය. ජීවිතය සැබවින්ම මනසින් දකින්නට ඔබත් නිරන්තරයෙන්ම වෙර දරන්න.

:: ලතැවිල්ලෙන් යුතු අතීතය ::

Image
ලතැවිල්ලෙන් යුතු අතීතය දෙස බලා ඔබ තවත් ලතැවිල්ලකටම පත්වන්නට වෙර නොදරන්න ඒ මන්ද යත්? ඒ තුළින් ඔබට කිසිදු යහපතක් සිදු නොකරයි. එහෙත් ඔබට අයහපතක් සිදු කරයි. ඒ කුමක්ද? ඔබ සිතන පතන සියලූම දෑ මැනවින් සිදු කරන්නට නොදී සියල්ලම සිහිනයකට පමණක් සීමා කරනු ඇත . අප සියල්ලෝම සිතන පතන දෑ මැනවින් ඒ අයුරින්ම සිදු වන්නේ නම් අපගේ මනස කෙතරම් නිරවුල්ද? එහෙත් ඒ අයුරින් නිමවන්නට වෙර දරන්නේ මේ සමාජගත සත්වයින්ගෙන් බොහොම සීමිත ප්‍රමාණයකි. ඔබ මුලූ විශ්වයෙන්ම අයදින්නේ දුකක් ඇති විටදි සතුට දෙන්න යනුවෙන් පමණි. සතුටින් ඇති විටදි දුකක් දෙන්න යනුවෙන් අයදිනවාද? නැහැ. ඒ මන්ද මානසික සැහැල්ලූවටම ඔබගේ මනස නිමවා ඇති නිසාවෙන්මය. අතීතය අනාගතය මැනවින් නිමවා ගැනීමට යහපත් ගුරුවරයෙක් අයුරින් මැනවින් ඔබ හමුවේ තබාගෙන කටයුතු කරන්න. එසේ නොවන්නේ නම් ඔබ සෑම මොහොතකම කරදර පැටලෙන මනසක් ඇති පුද්ගලයෙකුම වනු ඇත . එහෙත් අප ඒ අයුරින් දවි ගෙවන්නට කැමැත්තො නොවෙමු. එබැවින් ඔබ මේ අයුරින් කටයුතු කරන්නට වෙර දරන්න