Posts

ඔබ සතු නිවැරදි චින්තනය

Image
wm ks;ru l,amkd lrkafka wmf.a uki ieye,a¨fjka yd i;=áka fukau tald.%;djfhka hq;=j mj;ajdf.k hkakg fkdfõo@' tfiauhs' tfy;a ta is;=ú,a, is;=ú,a,lgu muKla iSud jkafka ljrdldrhlskao@

අප සියල්ලොම උපතින් ...

Image
අප සියල්ලොම උපතින් යම් යම් ශාරීරික අඩු ලූහුඩුකම් වලින් පිරී ඉතිරී උත්පත්තිය ලබන්නටත් උපතින් පසු යම් යම් වැරදීම් තුළින් ස්වකීය ශාරීරික අවයවයන් අහිමි වන්නටත් නොයෙකුත් අවස්ථාවන් තුළදී එළඹෙනු ඇත. ඒ හැම අවස්ථාවක්ම අප පිලිගත යුතතේ ශෝකාකූල මුහුණුවරකින් හෝ දුක්ඛිත මානසිකත්වයකින් නොවේ යන අදහස මා මුලින්ම ඔබට සිහිපත් කරන්නට කැමැත්තෙමි.

ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ

Image
ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ ප්‍රඥාව හා ශීලය පමණක් බව අප දනිමු. ඒ දැනෙන සියල්ල ඒ අයුරින්ම ක්‍රියාවෙහි යොදවන්නට අප වෙර දැරිය යුතුය. ඒ කටයුතු කළයුතු අයුරු සෝණදණ්ඩ සූතුය තුළ මැනවින් දේශිතව ඇත. මෙම දම් දෙසුමට හේතු වූ කාරණා සහ දහම් කරුණු මෙතැන් සිට විමසා බලමු.

ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ

Image
ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ ප්‍රඥාව හා ශීලය පමණක් බව අප දනිමු. ඒ දැනෙන සියල්ල ඒ අයුරින්ම කි්‍රයාවෙහි යොදවන්නට අප වෙර දැරිය යුතුය. ඒ කටයුතු කළයුතු අයුරු සෝණදණ්ඩ සූතුය තුළ මැනවින් දේශිතව ඇත. මෙම දම් දෙසුමට හේතු වූ කාරණා සහ දහම් කරුණු මෙතැන් සිට විමසා බලමු. එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂූන් වහන්සේ සමඟ අඟු රට පිඩු පිණිස හැසිර, චම්පා නම් නුවරට වැඩසේක. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගග්ගාර නම් පොකුණු තෙර වාසය කරති .එකල සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් මගධ දේශයෙහි රජවූ බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස ලබනලද්දාවූ චම්පා නගරයෙහි ප්‍රධානියාව වාසය කරයි. චම්පා නුවර වැසි බමුණු පවුල්හි ප්‍රධානීහු, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂු සංඝයා වහන්සේ සමඟ චම්පා නුවරට වැඩි බව අසා උන්වහන්සේ සහ මහසඟන දැකීමට යෑම සඳහා පිටත් වූහ. මේ පිරිස දුටු සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ඒ පිළිබඳ විමසා කරුණු දැන, බුදුරදුන් දැකීමට තමාත් එන බව පැවසීය. ඒ වන විට නොයෙක් රාජධානින්ගෙන් කිසියම් කටයුත්තක් සඳහා පැමිණි පන්සීයක් පමණ බමුණෝ චම්පාවෙහි වාසය...

ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම්

Image
ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම් පථමයෙන් ඔවුන් සතුව නිදහස් නිවහල් හා නිවැරදි මානසිකත්වයක් හා චින්තනයක් තිබිය යුතුය. එසේ නොවන්නා වූ සෑම පුද්ගලයෙකුගේම මනස තුළ සතුට රජ යන්නට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොසැලසෙනු ඇත. අප සියලූම දෙනා මේ විශ්වය තුළ ජීවත් විය යුතුවා සේම ඒ ජීවත්වීම තුළින් අන්‍යයන්ද ජීවත් කරන්නට වෙර දැරිය යුතුයී. එසේ නොව්නේ නම් ඒ ජීවත්වීමෙන් කිසිවෙකුට කිසිදු ඵලයක් නොලද හැකිය.

ඔබ ඔබේ ජීවිතයේ දියුණවට බාධකයක් නොවන්න එහෙත් සාධකයක්ම වන්න

Image
අඳුරු වළාවකින් මිදි සඳ තුළ කෙතරම් ආලෝකයක් ඇත්තේද? එසේම ඒ සඳ දෙස බලා කෙතරම් පිරිසක් සිත සනසා ගන්නේද? එලෙසම ඒ ආලෝකය දෑස් නොපෙනෙන්නවුන්ට මෙන්ම පෙනෙන්නවුන්ට තම තමන්ගේ කටයුතු මැනවින් සිදු කර ගැනීමට කවරාකාර නම් පිටු වහලක් සලසන්නේද? අප සතු ජීවිතයද එලෙසම නිර්මාණය කරගන්නට අපට හැකි නම් ඒ හා සමාන මහඟු කාර්යයක් තුළින් ලැබිය හැකි සතුටක් තවත් වෙනත් එකදු කාර්යක්වත් කිරීමෙන් ලද නොහැකිය. කෙනෙකු තමන්ගේ අතට ගන්නා ලද අවියක් මැනවින් පරිහරණය කරන්නට, ප්‍රථමයෙන් කිසිදු හැකියාවක් නැත. එහෙත් එය නිතර නිතර පරිහරණය කිරීම තුළින් මනා හැකියාවක් නිතැතින්ම ඇති වෙයි. ඒ තුලින් අප සතු කාර්යන් මැනවින් සිදුකර ගැනීමට හැකි වෙයි. එහෙත් තමන් සතු අවි ආයුධ සියල්ල පසෙක තබා තමන්ද පසෙකට වී මෙයින් කටයුතු කරන්නේ කෙසේදැයි සිතමින් සිටියහොත් ඒ අවි ආයුධ නිරපරාදේ විනාශ වී යන්නට හෝ සොර සතුරෙකු විසින් පැහැර ගන්නට තිඛෙන ඉඩකඩ මහා විශාලවනු මිසක් කුඩා නොවේ.

අවමන් කලත් ධෛර්යය සම්පන්න තැනාත්තාගේ බුද්ධිය පිරිහෙයිද?

Image
උපන් දිනයේ පටන් ගෙවන ජීවිතය තුළ අපගේ දිවියට ගැටුම් වැටුම් හා හැලහැප්පීම් වලින් ලැඛෙන පන්නරය තරම් වටිනා ආලෝකයක් වෙන කිසිදු  අයුරකින් නොලද හැකිය. ඒ මන්ද යත්, පුංචි අවධියේ අප දණගාමින් ඇවිදින විට බිම වැටුනොත් එතන සිටින කවරෙකු හෝ අපට උජෝ  වඩන්නේ නම් එවිට අප වහා නැගිට ගොස් ඔහු හා ගැටෙන්නට වෙර දරයි. එසේම දෙමව්පියන් යමක් නොදෙයි නම් හා බිම පෙරලී හෝ එය ගන්නට වෙරදරයි. ඒ කුමක් නිසාද? පුංචි අවධියේදී පසු බසින්නට අකමැති නිසාවෙන්මය. අප සියලූම දෙනා නිතරම දිනනන්ට කැමැත්තෝම වෙමු. පිරිසක් මැද කෙලින් හිටගෙන පෞර්ෂයකින් යුතුව කතා කරන්නට, එසේම විශාල ආයතනයක අධිපතිකම දරාගෙන සේවකයන් පිරිසක් මැනවින් පාලනය කරන්නට කැමැත්තෝම වෙමු. එහෙත් මේ සියල්ල කළ යුත්තේ කෙලෙසකද? අප එය සිතා බලමු. අපට එය සිදුකළ නොහැකිද? නැහැ අපට ඒ සියල්ලම සිදුකිරීමට හැකියි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? නොසැලීමෙන් යුතු ධෛර්යය පමණි.