Posts

ඔබ සතු ගැටළුව

Image
ඔබ සතු ගැටළුව ගැටළුවක් අයුරින් නොදකින්න එහෙත් එය ඔබේ දිවිය දිනවන අවස්ථාවක් කර ගන්න. ජීවිතය යනු සුන්දර අයුරින් නිමැවුනු රෝසමල් යහනාවක් නොවන බව අප සියල්ලෝම මැනවින් ප්‍රථමයෙන් අවබෝධ කොට ගත යුතුය. එසේ නොවන්නේ නම් සියලූම සත්වයින් ගමන් ගන්නා මාර්ගයන් සියල්ලක්ම අන්ධකාරයෙන් සැදුම්ලත් පරිසරයකටම උරුමකම් කියනු ඇත. අප සියලූම දෙනා සතුටින් පිරිපුන් මනා සැනසුමින්යුතු දිවියක් ගත කරන්නට උපතින්ම කැමැත්තෝ වෙමු. ඔබ හමුවට පැමිණෙන හැම ගැටලූවක්ම ජීවිතය ජය

අකාලයේ ඇද හැලෙන දිය බිඳකින් සැනසෙන්නට නම්

Image
අකාලයේ ඇද හැලෙන දිය බිඳුවකින් පොළොව තෙමී එහි තණ ගසක් පැලවන්නේ නම් එය කිසියම් සතෙකුට ආහාරයක් වනු ඇත. එසේ සිදුවන්නේද කලාතුරකිනි. එහෙත් සෑම දුවෙකු පුතෙකුම සිතිය යුත්තේ මම මෙලොව එළිය දුටුවේ තනියම නම් මම ජීවත් වන කාලය තුළ මා වටා නෑදෑ හිතවතුන් පිරිසක් සිටිය මුත් මොවුන් මා වටා සිටින්නේ මට යමක් ඇති තාක්කල් පමණි. එහෙත් මට දුප්පත්ව රැකියාවක් නොමැතිව දුක් විඳින්නට සිදු වුවහොත් ඔවුන් මා වටා රැඳේවිද? නැත දුවේ, පුතේ නැත. එසේනම් අප උත්සාහ ගත යුත්තේ මැනවින් අධ්‍යාපනය සම්පූර්ණ කොට තමාගේ අනාගතය තමාට හැකි උසස්ම අන්දමින් ගොඩනඟා ගැනීමය. එසේ නොවුනු තැන ඔබ පරාජිතයෙක්ව දුක් වන තත්ත්වයට පත්වනු ඇත.

රහමෙරෙන් මත් වෙලා

Image
රහමෙරෙන් මත් වෙලා  මෝහයෙන් තෙත් වෙලා  කාමයට ගිජු වෙලා නිතිරර දු ගිනි සිබින  සූදුවේ පැටලිලා පිරිහුමේ දොරට යන  ප්‍රේමයේ නාමයෙන් මරුගේ තුරුළටම යන  ලැජ්ජාව වියැකිලා  දුරාචාරයේ සැරිසරන  ම්විපියො වෙතට නිති  නොසලකා වෙනත යන  මව්පියන් ගුණය නිති  නොදකිනා මිනිසුනේ  මිරිගුවක් නැමති ඒ  කම් සැපය පස දුවන  මිරිගුවක් නැමති ඒ  ධනය පසු දිව යනෙන  ලෝකයා මගේ නෙතු  අභියසදි හඩන දින  කිමද ඔබ හඩන්නේ  මෙමා හට කියනු මැන

ජීවිතේ ඇති සොදුරු අභිමන්

Image
ජීවිතේ ඇති සොදුරු අභිමන් දකින මේ ජීවිත වලට යම්දිනක ගැටලුවක් පැමිණි සද එයින් මිදෙන්නට වන්නේ උමතු වූවෙකි ලෙසින්මය ලොව පටාචාරා,කිසාගෝතමි වැනියවුන් ලොව ආලයෙන් මත් වෙලා මොහයෙන් තෙත්වෙලා ජීවිතේ ඇති යථා තතු පෙර දිනක දුටුවා නම් එවැනි දුදසුන් නොමැවෙනු ඇත. එහෙත් එය නොදුටුම නිසා පසුව මහා දුක් ගිනි පැසක

රාගයෙන් මත් වෙලා

Image
රාගයෙන් මත් වෙලා මෝහයෙන් තෙත් වෙලා ආලයක් නැමති ඒ රුදුරු මරු අබියසෙහි හිද සොදුරු හැගුමින් රෑගුම් පාමින් හදද බොලද කර සිතද සසල කර

නොමියෙනා බව සිතාගෙන අප

Image
නොමියෙනා බව සිතාගෙන අප සැරිසරා යන දිවියෙ හැම තැන තිබෙන රාගයෙ ගින්න අවුලන සියලු සොහොයුරු සිත් සතන් හැම අවදි කරගෙන මනසකින් ඔබ විදු පහන් සිල දල්වමින් සිට නොදුටුවොත් මේ සසර මන්පෙත විදින්නට වේ රුදුරු දුකදුලු. හිමි වීම අහිමි වීමක් අයුරින් සේම අහිමි වීම හිමි වීමක් අයුරෙනුත් දකින්නට හැකිනම් යම් සිතකට ඔබ

අත මිට ඇති දාට කවුරුත් ලගම ඇත.

Image
අත මිට ඇති දාට  කවුරුත්     ලගම ඇත රූ සපු ඇතිදාට එය තව    දෙගුණ වෙත මේ හැම නැතිදාට ලෝසත එරෙහි වෙත එවිටදි මෙමනු ලෝකය නම් අපිය වෙත උන්නත් හැඩට සලුපිලි    හැද සතුටින්නෙ කලකදි මෙකය වැහැරී එය වියැකෙන්නෙ එකලදි තරුණකල කළ    දේ සිහිවන්නෙ එවිටදි මෙකල සිටි     අය නෑ සලකන්න අටලෝ දහම ලොව   ඇති අනියතේ පැති පෙන්වා දෙතත්  පස්ලෝ සුර කරේ වෙති කිමදැයි මෙයට හේතුව    මම හැදින ගති මිසදිටු මගක    සැමදෙන පිය නගයි නිති