කැප්පෙටිපොල නිලමේගේ නියෝගය පරිදි වෙඩිබෙහෙත් තුවක්කු ආදී සියල්ලම ගෙනගොස් බදුල්ලේදී ඉංගී‍්‍රසීන්ට භාරදී ඔවුන් ප‍්‍රකාශ කලේ කැප්පෙටිපොල කැරලිකාරයිනගේ සිරභාරයට පත්වූ බවයි. නමුත් එය බොරුවක් බව ඉංගී‍්‍රසීන්ට නොවැටහුනා නොවේ.එහෙත් ඉංගී‍්‍රසීන් ප‍්‍රකාශ කලේ වෙඩිබෙහෙත් තුවක්කු ආදිය නැවත එවූ නිසා කැප්පෙටිපොල නියම වීරයෙක් බවයි. කැප්පෙටිපොල උතුමාණන් පටන් ගත් කැරැුල්ල එන්න එන්නම දෙගුණ තෙගුණ වෙමින් දිනන්නට විය. එයට බියපත් වූ ජෝනි දොයිලි එය නවතන්නට උපායක් සෙවීය. එය නම් සයිමන් සෝයස් සහ ඇහැලේපොළ අධිකාරම්තුමා එදෙසට පිටත්කොට හැරීමයි. එහෙත් ඔවුන් කියන ලද චාටු කතා කිසිවක් නොඇසූ සිංහලයින් සිය කාර්ය අකුරටම ඉටු කලෙන් අන්තිමට සුද්දටත්් ඇහැලේපොලටත් තමන්ගේ දිවිය රැුකගෙන පෙරලා එන්නට සිදු විය. සාකච්ඡුා මාර්ගයෙන් ප‍්‍රශ්ණය විසදගන්නට නොහැකි බව වටහාගත් ඩොයිලි විසින් ඉහල නිලධාරීන්ට පණිවිඩ යවන ලද්දේ මේ යුද්ධය සංසිදවන්නට නම් යුද්ධ හමුදාවක් සූදානම් කරන ලෙසයි. වෙල්ලස්ස,බිම්තැන්න,කොත්මලේ,උලපනේ,කොත්මලේ හා හේවාහැට කැරලි දුමාරයෙන් වැසීයත්ම මහා වර්ෂාවක් ඇදහැලෙන්නට විය. මේ වර්ෂාව කෙතරම් ඇතිවුවත් ඒ නිසා කැරැුල්ල කිසිදු දිනක නත