::: මාධ්‍යයෙන් මොනවද ආගම දහම වෙනුවෙන් කරන්නේ අද? :::
![Gambar](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg64paOuW2rTSU7GHXbva1gbTWuc7nZjze8SWNqQXyNEraMoTv4eSKTvcmNcCc18Tu6muUu30lu4pSYZmjwN_U0DC5mMo7dy6C1uir87HTQwbG9Bv_UXLDMDFppn6mVNkgiJH20KnM6dmY/s1600/Anagarika_Dharmapala.jpg)
යහපත යහපත අයුරින්ද? අයහපත අයහපත අයුරින්ද දකින්නට යමෙක් වෙර දරන්නේ නම් ඔහු මනා සැනසීමෙන් මුලූ මහත් දිවියම ගෙවනු ඇත. එහෙත් එය ඒ අයුරින් නොදකින්නේ යමෙක්ද? ඔවුන් සියල්ලෝම වැනසීමක්ම ලබයි. මනුෂ්‍යයෙක් මනුස්සයෙක් අයුරින්ම හැසිරෙන්නටත් හසුරන්නටත් මුලින්ම ස්වකීය පවුල තුළින් ආභාසය ලබයි.එහෙත් අද දෙමාපියන් සහ දරුවන් එකට එකතුව නරඹන්නේ කවරාකාර රූප රාමූන්ද? කිසිදු විලි බියකින් තොරව රංගනයන් තුළ නියැලෙන්නවුන්ගේ කාමුක දර්ශන නොවේද?