පන්හිදක සේයා

 සැබෑ සැනසීමක් සොයා...........

සැබෑ සැනසීමක් සොයා තමන් සතු වූ සියලුම සැප සම්පත් පසෙකලා බෝසතානන් වහන්සේ කෙතරම් වෙහෙසක් දැරුවාද..? ඒ  වෙහෙස සොයාගෙන කෙතරම් නොමිනිසුන් පිරිසක් මිනිසුන් බවට පත් කලාද..? එය එසේ සිදු කරන්නට උන්වහන්සේ නැණස පහදා ගන්නාලද්දේ කවරෙකුගෙන්ද..? ගුරු හරුකම් දෙන ලද්දේ කවරෙකුද..? ඒ  සියල්ලම තමන් වහ්න්සේ විසින්ම පසක් කර ගන්නා ලද්දේ මනා උත්සාහයෙන් උතුව කටයුතුකර නැණස මැනවින් නිර්මාණය කළ නිසා නොවේද...? මේආදි කරුණු කාරනා ගැන අප මැනවින් සිතා බලා කටයුතු කල යුතුව ඇත. එසේ නොකරන්නේ නම් අපගේ ජීවිතය තුල සැනසීමක් ලබා ගන්නට කිසිදු මොහොතක හැකියාවක් නොවෙනු ඇත.එසේ හෙයින් අප මනසින් වෙහෙසී නැණස මෙහෙයවා අප සතු ක්‍රියාපටිපාටිය තුල ඇති සියලුම අඩුලුහුඩුකම් සකසා ගත යුතුව ඇත. එසේ වූ සද සැබෑ සතුටක් ලැබිය හැක.







විකසිත වෙන්නේ නැහැ හැම මල් එක ලෙසට....

විකසිත වෙන්නේ නැහැ හැම මල් එක ලෙසට
නිසිමග යන්න බැහැ හද දුක රෑදුනු විට
මාවත දකිනු බැහැ නෙතු යුග නොමැති විට
සනසමු සියලු සිත් කවියෙන් නැණින් සිට

සිතු දෙය නොසිදු වේ නොසිතුව දෙය සිදු වේ
අට ලෝ දහමකට අප සැම දෙන නතු වේ
යා යුතු මගක් දැන මිනිසුන් දුක හමුවේ
නවතත් දුකක් විද්මට වෙන අතක යැවේ

සතර අත පැතිර යන සියලු දුක් සිදලන්න
මිහිරි දම් පදයකින් සියලු සිත් සනසන්න
ලොවෙ අති උතුම් බුදු සමිදු දෙසු දම මෙන්න
මෙදම දැන සැම යනෙනු දහම් මග තුටු වෙන්න

මහනෙනි ඔබත් මා හා දුක නොම හැදින
ඇවිදින්නටම විය දුකකින් මග නොදැන
දැන් මම දනිමි යායුතු මග පිලි වෙතින
අනියත වෙන්ව මෙ සැම අප හා සිටින

හැකි වෙයි අපට එය නම් කෙරුමට යසට
එනමුදු කවුරු තෙරුම් ගනිතිද පිනට.
කම් නැත නැණින් හා මනසින් ඇති සැමට
ලියනෙමි කවියකට කවියක් දිවි මගට

අදුරුයී දිවි ගමන නැණසක් නොමැති විට
සොදුරුයි දිවි ගමන නැණසක් තියෙන විට
එය හා මනස බුදු දම හා ගැටුනු විට
හැකි වෙයී නසන්න්ට සසරේ බැදුනු ගැට

අප හා ඉන්න සියලුම සත්වගම ලොවේ
පෙර කල පිනෙනි ලබ ගත්තේ මිනිස් භවේ
එය දැන දැනත් සමහර අය මිනිස් භවේ
හිදිමින් කරයි තිරිසන් වැඩ සසර නැවේ

සත්වග විදින දුකදුලු නෙතු අගින් සිද
මීපැණි සදිසි සිරි සදහම් මගෙහි හිද
කළයුතු නොකළයුතු දෑ මනසින් දැනන් හිද
කළහොත් කෙසේ බබලයිදෝ දහම් සද





අනුන්ගේ වරදක් දැක.......

අනුන්ගේ වරදක් දැක තමන්ගේ ලේ කෝප කර ගනිමින් දොඩවනවාට වඩා ඔවුනොවුන් කරන කියන හැමදෙකම ප්‍රතිඵල ඔවුනොවුන්ම විදවාගනු ඇතැයී සිතා නිහඩව තමන්ගේ වැඩ නිවැරදිව සිදු කර ගන්නට ඒ මොහොතත් වැය කරන්නේ නම් එය මහගු සම්පතකි තමන්ගේ දිවියට. එසේ නොමැති නම් හැම මොහොතකම අනුන්ගේම වැරදි සොයමින් තමන්ගේ වැරදි මැනවින් සකසා ගන්නට නොහැකි අයෙකු අයුරින් නිර්මාණය වන්නටම සිදු වනු ඇත.එහෙත් අප උපතින්ම හිමි කරගත් නොදැනීම නිසා මේ ගැන මනා අවබොදයක් නොමැති අයුරින් කටයුතු කරන්නට පෙලබෙයී.එහෙත් ඉන් ඇති මානසික සැනසීමක් අපට කිසිදු මොහොතක නොමැති.ඒ නිසාවෙන්ම අප කල යුතු අන්‍යන්ගෙ අඩු ලුහුඩු කම් දැක තමන් සතුව ඒ අඩුලුහුඩුකම් ඇත්නම් එය මැනවින් සකස් කර ගෙන තමන් ලැබූ දිවිය සාර්ථකව ගෙවන්නටම පමනි. ඒ තුලින් මනා කායික මෙනම මානසික සැනසීමක් ලද හැකිය. 



 කිසිදු උවදුරකින් තොරව.......

අප කිසිදු උවදුරකින් තොරව සිංහයෙකු මෙන් නැගී සිටින්නේ නම් අප අසල හැම කෙනෙක්ම දිවි ගෙවයී. එහෙත් අප හිවලෙකු මෙන් පසු බසින්නේ නම් කිසිවෙකු අප අසලට නොයෙන්නාක් මෙන් අප දෙස මන විමසිල්ලකින් යුතුව නොබලයී. මෙය ලෝකයේ ස්වභාවයයී. ජීවිතය නැමති නෞකාව පදවන විට අපගේ දිවිය වෙතට එන බාදක අයුරින්ම රල පහරවල් මහා වේගයෙන් හැපෙයී. ඒ රල පහරවල් ගෙටෙන විට අප වැටිය යුතුද?නැහැ අප එවිට නොසැලී ඉදිරියටම යා යුතුයී. අප සියලුම දෙන බල පොරොත්තු වන එකම සැනසීම නම් කුමක්ද? ජීවිතයේ හැම මොහොතකම සතුටින් ජීවත වීමටම නොවේද? එහෙමමයී. එහෙත් ඒ සතුට විදින්නට කැමති වන අප එය ලබා ගැනීමේ සහ විද ගැනීමේ අභිලාශයෙන් කුමක්ද මේ සිද්ද කරන්නේ..? සතුටම ලැබෙන කටයුතුද? එසේත් නැති නම් දුක තව තවත් වැඩිවන කටයුතුම නොවෙද? සැප සැප යැයි නිතරම හඩ ගා කියමින් අප දුකම පමන්යී වැලදගෙන තියෙන්නේ. දැන්වත් අප මේ අදුරු ගුහාවෙන එලියට ඇවිත් සැබෑ ලෝකය දිහා මනා විමසිල්ලෙන් යුතුව බලමු. එවිට මේ නිවැරදි සත්‍ය නොපෙනෙන දෑස් දැල් වේවී.



තමන් දිනවන තැනැත්තා මෙන්ම 
  
තමන් දිනවන තැනැත්තා මෙන්ම පරාජයට පත් කරන තැනැත්තාද තමන්මය. එය මැනවින් දැන තමන් දිනවන්නටම කැමති නම අප සියල්ලෝම සිත මැනවින් දමනය කරගෙන නිවැරදි දිවි මගක් ගෙවන්නට වෙහෙසිය යුතුය. ගිනියම් වූ ගිනි හුලක් දෙස බලන්නට අප සියල්ලෝම බියපත් වෙමු. එසේමය අපද සමාජයේ රත් වූ යවටක් වැනි ගිනි හුලක් මෙන් නැණසින් මෙන්ම මනසින් නැගී සිටින්නේ නම් එය අපගේ දිවියෙ ජයග්‍රහණය වෙත පිය මනින මාවතට පිවිසෙන එක් දොරටුවකි. තමන් ලත් දිවිය දිනවන්නට තමන්ට ම්නා හැකියාවක් ඇත.ඒ හැකියාව මැනවින් වැඩි දියුණු කර ගැනීම තමන් සතු කාර්‍ය්කි. එසේම ඒ හැකියාව මොට කරගෙන අමනයෙකු ලෙස කටයුතු කරමින් තමන්ගේ පරාජය සිදු කර ගන්නා හතුරාද තමන්ම වනු ඇත. මෙය මැනවින් දැන තමන්ගෙ හතුරෙක් වන්නට තමන්ගේ දිවියේ ජය ටැබ කොතනද? එතනට නැණැසින් මෙන්ම මනසින් පිය නගන්නට වෙර දරන්න.





සතුටක් තියෙන විට


සතුටක් තියෙන විට දුක ගැන නොසිතු      නිසා
වැලදුනි දුකක් හදතුල ඇති සතුට               නසා

දුක මෙන් සතුට මේ සසරේ විදින             නිසා
යමු අපි දහම් මග සසරේ දුකම                  නසා

ජීවන ගමන් තුල ඇති සතුටක්             විදින්නට
පළමුව ඉගෙන ගනු මනවින් නැණින්           සිට
පසුබට උනොත් ජීවන ම්ග යමින්                සිට
දුකදුලු මිසක සැපයක් නැත                මනසකට

සතුටක් තිබේ ජීවන මග තුල                     නිතින
එසතුට විදින්නට මනසින් යනු                  තුටින
සෙපතක් කිය කම් සප වෙත ලදි            වෙමින
සිටියොත් සමට දුකදුලු පමන්ක්              ලැබින

සතුටක් ලබා ගන්නට සිතමින්                  නිතර
මනසක් අවුල් කරගන්නේ ඇයි                මිතුර
ජීවන ගමන බියකරු නොදකින                 යතුර
සොයමින් යන්න සැනසෙන්නට දිවි         කතර













 

Komentar

  1. තව තවත් මෙවැනි දේ කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා..බුදු සරණයි

    BalasHapus
  2. ඔබ සියලු දෙනාටම මෙයට එකතු විය හැක.ඔබ සියලුම දෙනාට තෙරුව්න සරනින් යහපතක්ම වෙවා.

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::