ජීවිතයෙන් බිදක්

  


මනසින් විමසුම් බුද්ධියට දොරගුලු හරින ජීවිත සරසවියේ අදුරු මෙන්ම සොදුරු පැතිකඩ


ස්වභාව දහම විසින් අපට මොන තරම් දේවල් ලබා දී තිබේද? මිනිසෙකු ලෙස ජීවත් වන්නට ඇස කන නාසය දිව ශරීරය කෙතරම් ලස්සනට ලබා දී තිබේද? මේ තම්යි ලොකුම දායාදය. ඒ සියල්ල කිසිදු අඩුවකින් තොරව ලබා දී තිබේ. එහෙත් අපි ඒ අංගයන් පාපී ක්‍රියාවන්ගෙන් විනාශ කරන්නේ ඇයී? මේ වටිනා ජීවිතයට කළ කිරීම් එපා වීම් වගේ ආකල්ප ඔබේ මනසට එකතු කර ගන්න එපා. මේ තරම් වටිනා නිකරුණේ විනාශ වී යන්නට ඉඩ නොහරින්න. මොහොතක් හිතන්න. අපිට වඩා අසරණ අය කී දාහක් ජීවත් වෙන්නට කෙතරම් වෙහෙස වෙනවද? සමහර අයගේ ඇස් පෙන්නෙ නැහැ, සමහර අයගෙ කකුල් නැහැ, අත, පය නැහැ.
 
ඒ අය ඔවුන්ගේ ජීවිත ගැට ගසා ගන්නට කොපමන වෙහෙසක් දරනවාද? ඒ අය එත් කොහොම හරි ජීවිතයට මුහුන දෙනවා. ඇස් නොපෙනෙන කෙනෙක්ට අපිට තියෙන මේ ඇස් දෙක කොපමන වටිනව ඇතිද? ඇයි අපි අපේ ජීවිත ගැන සුලුවෙන් හිතන්නෙ? ස්වභාව දර්මය ලස්සනට මවපු මේ ජීවිතෙ ඇයි අපි විහින් නිකරුණේ විනාශ කර දමන්නෙ? අපි තුල තියෙන නෑ බෑ කියන සෘන මානසිකත්වයෙන් මිදෙන්න. මේ ජීවිතෙට දෙන්න පුලුවන් ලොකුම වටිනාකම දෙන්න පුලුවන් වෙන්නෙ බාහිර ලෝකයාට නෙවේ. තමන්ටමයී. මිනිස්සු මාව ගනන් ගන්නෙ නෑ, මිනිස්සුන්ට මාව වටින්නෙ නෑ කියල හිතෙනව නම් හිතෙන්නෙ තමන්ට තමන් වටින්නෙ නැතිකොටයි. අපි බුද්ධිමත් වෙමු. අපේ ජීවිතෙ නිවැරදිව පෙල ගස්සමු. දෙමාපියො වැඩිහිටියො මොන විදියට ඔවුන්ගේ ජීවිතෙ වරද්දගත්තත් අපි අපෙ ජීවිතය අලුතෙන් ගොඩ නගමු. නෑදෑයො, සහෝදරයො, අසල් වැසියො ඔබව නොසලක හරිනව තමයි. ඒත් ඔබ ඔබව නොසලකා හරින්න එපා. ඔබ ඔබට සලකන්න. ඔබ ඔබට අත දෙන්න මැනවින් ගොඩ නැගෙන්නට. ඒ තුලින් ඔබට ජයටැඹක් වෙත යා හැකිය. ජීවිතයෙ යථාර්තය තේරුම්ගත් ඔය හිත්වලට තියෙනව ලොකු පිලි ගැනීමක්. සමාජය කොහොම බැලුවත් ඒ පිලිගැනීම තුල අපි නිවැරදිව ජීවත් වෙමු.


ජීවිත කතාවේ අලුත් පිටුවකින් යලිත් මතකයේ සැරි සරන තෙක් ඉදිරියට.....

Komentar

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::