Postingan

Menampilkan postingan dari Maret, 2016

නොසැලෙන අධිෂ්ටානය වනාහී

Gambar
නොසැලෙන අධිෂ්ටානය වනාහී    නැණසේ දියුණුවයි. එබැවින් ඔබ කිසිවිටක ඔබ සතු උත්සාහයන් හා අධිෂ්ටානයන් අත් නොහරින්න. එය කවර මොහොතක හෝ සඵල වනු ඇත.එතෙක් ඔබ නොසැලී ඉදිරියටම යන්න. පිපාසිතයෙකුට එම පිපාසය සංසිදුවාගන්නට නම් දිය පොදක්ම අවැසි බව අප දනිමු. එහෙත් කාන්තාරයකදී දිය දෝතක් සොයන්නට කෙතරම් වෙහෙසිය යුතුද? එහෙත් මහා කාන්තාරයක් මැද වුවත් දිය සෙවීමට මනා ස්ථානයක් සොයා කැනීමක් කරන්නෙකුට දියද ලද හැකිය. මේ විශ්වය තුළ අප සියලුම් සත්වයින්ගේ සියලුම අවශ්‍යතාවයන් මැනවින් දැලිවී ඇත. අප කළ යුතුවන්නේ ඒ අවශ්‍යතාවයන් සියල්ල මනා අවබෝධයකින් යුතුව අර පරිස්සමින් යුතුව පරිහරණය කිරීම මිසක් හිතුමතේ පරිහරණය කොට උස්මුරුත්තාවට පැමිණිම නොවේ. එහෙත් අප අද සිදු කරන්නේ එයයි. අප ඇවිදින මේ සසර දනව්වද ඒ හා සමානය. දුක හා සතුට සමාන අසමානකම් වලින් තොරව භජනය කරන්නෙමු. එහෙත් ඒ සියල්ල වෙනස් කරන්නට අප වෙර නොදරන නිසා කෙතරම් අසහනකාරී මානසික වටපිටාවක් ගොඩ නැගී ඇත්ද?