Wednesday, June 17, 2015

රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ

ගිය විට ඉකුත්වී මැදියම් රැය උදයේ
හිරු රැස් මැදින් මල් පිබිදෙයි හිමිදිරියේ
ඒ මල් රොනට ලොබ බදිමින් කඩි මුඩියේ
රාගයෙ වෙලුනු අප තවමත් සිගමනයේ



කලහැකි වැඩක් කාලයෙ මම කරපු වැඩ
නොකලැකි මතක් ඒ හැමදේ පාප වැඩ
එනිසා මෙමා එරුනේ මේ සසර මඩ
පිහිටක් සොයමි යන්නට මම සසර මැඩ

නෙත් යුග අසල කදුලැලි නෙක ගැලුවමුද
අත් දෙක අසල ගැවසුනි කුණු කසල කද
සිත්තුළ පෙරදි ගැවසුනි නම් පිරුනු පද
අද මම මෙතන නැත සත්තයි නිවන මැද


Friday, June 12, 2015

නිවෙනා මාවතම මනසින් සොයාගෙන

නිවෙනා මාවතම මනසින් සොයාගෙන
යනෙනා මාවතේ ඇති පව් නසාගෙන
සිටිනා ලොවැසි සියලුම සත්වයන් වන








Wednesday, June 10, 2015

සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා
















රාගය ද්වේශ මෝහය හද තිඛෙන තුරු
නෑ සැනසුමක් ජීවන මග ගෙවෙන තුරු
පාවෙන විලස සිතුවිලි සිත ගැටෙන තුරු
යා වෙයි වෙනස් යැයි සිතමින් සමග මරූ

ජීවන මගේ කදුලැලි නෙක පිරී ඇත
මාවත කොතැන ඇතිදැයි අද වැසී ඇත
රාගය දේවේශ මෝහය හා ගැටී ඇත
මරුවට කදිම රුකුලක් ඉන් සැදී ඇත

මිනිසා රාගයෙන් වෙලෙනා මොහොතකම
නෑ සැනසුමක් දිවියේ ඇති හැම තැනම
වාරුව රැගෙන ලොව රාගික සිතට හැම
සිදුවන වෙනස ගැන සිතමුද හද ගැටුම

රූ සපුවකට සිතුවිලි නෙකිනෙක බන්දා
යන්නට එපා සැනසුම් නැත ඇත නින්දා
සංයත මනසකින් සිතුවොත් මන බන්දා
රූපය දුකයි මොහොතින් වැනසෙන හින්දා

ලස්සන කියා ලෝකයේ කිසි දෙයක් නැත
ගැස්සෙන සිතග සිතුවිල්ලක පලක් ඇත
ගස්සා දුවන අසරුවමුත් වැටී ඇත
තුන් ලෝ තලේ කාමයෙ සැනසුමක් නැත

සිත්තුළ රැදුන ආශා දම් වැල හින්දා
දුක් විදිනවා මනුලොව තුළ නව නින්දා
පත්වන විපතකින් ඉරනම දුටු හින්දා
පෙරකළ බුදුන් දෙසුවා දම් පද බන්දා

නෙත් යුග අසල ගැටෙනා හැම එකෙනෙහිම
සිත් තුළ එවිට දුකදුලූ කැට ඇත ගැල්ම
සන්තක සිතක් තුළ නොදැනුම් සුවගැන්ම
වැනසෙන්නට මිසක සැනසුම නැත පිම්ම