Friday, May 22, 2015

විඩාබර මනසකට අදිටනේ මග සොයා: පස් කම් සැපයකට යටවූ මිනිස් කය

විඩාබර මනසකට අදිටනේ මග සොයා: පස් කම් සැපයකට යටවූ මිනිස් කය

පස් කම් සැපයකට යටවූ මිනිස් කය

පස් කම් සැපයකට යටවූ මිනිස් කය
විස්කම් පෙන්නමින් කාමයෙ හැසිරෙතිය
දස්කම් කියා හැසිරී ඒ මිනිස් කය

වනසට සැමට උරුමයි මේ දහම් කය

සිටියා අදුරු පෙදෙසක් තුළ පලගැටියා
දුටුවා දුරම අවලෙන ගිනි ගොඩක් මෙයා
සිතුවා එදෙස පියඹා නෙතු පිනමි තියා
අයියෝ පහන් සිලුවෙන් ඌ දැවී ගියා

තුඹසින් එළිය වෙත නිතරම නොයෙන නයා
ඇසුනොත් නලා නාදය දෙසවනම අයා
කද බඩ කෙලින් කරමින් සිය පෙනය අයා
නටනා නාගයා හසු උනෙ සැපය සොයා

මල් වල රොන් උරන සිතුවිලි සිතේ තියා
ඇත්මද වැගිරෙනා ඇතෙකුගෙ මදය සොයා
මල් රොන් උරන විලසින් දෙනයනම පියා
ඇත්මද බොනා මීමැසි පරලොවම ගියා

දමනා විටදි ජලයට ඇම කටුව නිති
හමනා සුළග විලසින් මාලුවෝ එති
දිවයට පිනන රසයට සිත ලොබය ඇති
මාලුව නමුදු දිව පිනවා එලොව යති

ඇත්මද වැගිරෙනා කාලය එලඹි විට
හස්තිය මෙල්ල කරගන්නට නොහැකි කොට
ඇතිනිය ලගට කැදවා ඇතු වසග කොට
සිව්පා විලගුලා හනිකට බදිති වැට

ඇස කන නාස දිව සිරුරද පිනවගෙන
රිය සක පෙරලමින් අප සැම යන ගමන
පියවර අනුව දුක සැප අප හද දවන
එන බව සිතා පිනවන හැම පිනනු මැන


Saturday, May 02, 2015

කළ හොද නරක පසු පස එනවා

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති මෙකලදි පන්සල් යනවා මෙන්
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තව අපි විදවන්නේ.

       

 



මේ පද පෙළ අප කෙතරම් නම් අනුගමනය කරනවාද? විශ්වයේ නිර්මාණයක් වූ අපි අප විසින්ම පෙර කරන ලද කුශලාකුසලයන්ට අනුවම මෙලොව මව්පියන් සහෝදරයන් නෑ හිත මිතුරන් සමගින් අප උපත ලදිමු. ඒ උපත ලද අප අතර දිවි ගෙවන්නවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ මෙලොව ඉපදුනාට වඩා හොදයි නොඉපදුනා නම් යනුවෙනි. ඒ මන්දැයි විමසන විට ප්‍රකාශ කරන්නේ පුදුම කරුමයක්නේ ගෙවන්නේ මේ ලෝකෙ ඉපදිලා. මෙහෙමත් දුක් විදින්න පුලූවන්ද? මේ ආදී වදන් වැල් වලින් නිතරම අපේ දෙසවන් පිරී යයි. එහෙත් ඔවුන් ඇයි නොසිතන්නේ තමන් වපුල අස්වැන්නේම ඵලයන් පල දෙන බව...? අප සියල්ලන්ම සිතන්නට විමසන්නට නොයා හැම කි්‍රයාවක්ම සිදු කරයි. එහෙත් එයින් ජනිත වන ඵලය විදින්නට යන විට ඒ ගැන සිතන්නටත් විමසන්නටත් පෙළඹෙයි. නමුත් ඒ ඒ කි්‍රයාවන් සපුරන්නට ප්‍රථම විමසන්නේ නම් තමන් මේ කරන ක්‍රියාව නිවැරදිදි? යනුවෙන් ඉන් තමන්ට විදින්නට අත් වන දුක්ඛිත ඉර නම ගැන යම් හෝ ඉවක් දැනී එය නොකරන්නටද ඉඩ ඇත . එහෙත් එය එසේ සිදු කරන්නට අපට නොසිතෛයි. සංසාරය පුරාවටම අපේ මනසට හුරු පුරුදු කළ අයුරින්ම නිතරම කිසිදු පැකිලීමකින් හෝ තෝරා බේරා ගැනීමකින් තොරව සියල්ල සිදු කරයි.

බුදිනා විටදී මී අඹයක          රසය             මුවින්
නොපෙනේ පනුවො සිටියත් රස නහර ලොබින් 
දුටුවොත් පසුව රසකර     කෑ පනුවො     බැවින්
වමනය යනව මිස   කිසිවක් නොවෙති    ඉතින් 

තිලොවග පියාණන් තිලොවට සෙතම දෙන
දෙසු දම් පදය           හැමදාමත්    හද රැදුන
අමතක කර      දමා  අනියත       රස විදින
මිනිසා  විදිති        දුකදුලූ     සසරේ නිතින

පාලූව කාන්සිය        කියමින්   මත් වන්නේ
වාරුව නැතිව මුලූ   සිරුරම   ලෙඩ වන්නේ
පාරුව පිණිස දෙසු සදහම් නොදැනෙන්නේ
මිනිසා සසර     කතරේ   නිති    විදවන්නේ

වෛරය ක්‍රෝධ    ඉසිකෝමානය      හදට
ලන්කර ලොවේ අනියතවූ     කම්   සැපට
දුවනා මුවන් වැනි    මිරිගුව දැක    පෙරට
මිනිසුන් නොමිනිසුන් වන්නේ පෙර පවට

ජීවය මලකි සැනෙකින් එය    පර වෙනවා
මාවත නොමැති තැන සැමදා තනිවෙනවා
ලෝකය විෂම අයුරින්    දස කැරකෙනවා
පිං පව් අනුව දුක හා     සැප      විදවනවා

සත්වග විදින    දුකදුලූ         කැට නෙතේ      රදා
සිත්තුළ රදන ඉසිකෝමන්    නොගෙන        බදා
සන්තක සිතට        දම්දිය නද      දෙයත      මුදා
ඛෙදමින් සැවොම සැනසෙනු මැන සැවොම සදා

අද මුලූ ලෝකයේම විද්‍යාවේ දියණුවත් සමග මහා වෙනසක් මිනිස් සිත් වල මෙන්ම ශරීර වලද සිදුවී හමාරය. එහෙත් ඒ වෙනස්වීමට අනුගත වන්නට ස්වභාව දහම කිසිදු කැමැත්තක් නැත . ඒ මන්ද ස්වභාව දහම අගයන්නේ මෙලොව වසන ජීවී අජීවී සියලූම සත්වයින්ට හා වස්තූන්ට එක හා සමාන අයිතිවාසිකම් වලින් සැදුම්ලත් මනසකින් යුතු මිනිසුන් නිසාවෙනි. කවරෙකු හෝ ඒ සිතුවිල්ලට පරිභාහිරව ගමන්ගන්නේ නම් ඔවුන් සියල්ලන්ටම දිවයෙන් සමුගන්නට සිදුවන්නේ ස්වභාව දහමේම දඩුවම් තුළිනි. ඒ දඩුවම් දීම පෙර කිසිදු දැනුම් දීමකින් සිදුකරන්නටද නොපසු බට වන්නේය. එය සර්වසාධාරණය. ඒ මන්දයත්? අප සියල්ලෝම නිමවන්නේද ස්වභාව දහමෙන්ම නිසාවෙනි.
මේ විශ්වයේම ස්වභාව දහමට අනුගතව දිවී ගෙවූ හා උපත ලද එකම ශ්‍රේෂ්ඨ උත්තමයානන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මුලූ විශ්වයම ස්වකීය මනස තුළින් පාලනය කල බව අප දනිමු. එය ඒ අයුරින් සිදුකරන්නට තරම් ශක්තියක් ලැබුනේ උන්වහන්සේ විසින් ස්වභාව දහම සමග බැදුනු අසීමිත බැදීම නිසාවෙනි. අද ලෝකයේ සෑම රෝගයකටම ඖෂධ නිමවන්නට පරිහරණය කරන්නේ ස්වභාව දහම සතු ශාක කොටස් බව අප දනිමු. එහෙත් ඒ පරිසරය අප අදවන විට විනාශ කොට දමා කෘතිම ඖෂධයන් පරිහරණය කරමින් මේ මිනිස් සිරුර තව තවත් නානප්‍රකාර රෝගකාරකයන් සමූහයකට ඇද දමා ඇත . එහෙත් අප තවමත් බුදුන් වහන්සේ දේශණා කළ දහම අනුගමනය කරන්නේ නම් ඒ රෝගකාරකයන්ගෙන් මිදිය හැක. ඒ කෙසේදැයි ඔබ ඔඛෙන්ම විමසන්න...................?