Postingan

Menampilkan postingan dari April, 2015

රකිනු පන්සිල් ලබනු අනුසස් මේ ලෙසින්

Gambar
සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස ජීවය බිල්ලකින් සැමදා යදින අය බුදුහිමි විසූ දවසත් ලොව වැසූ අය සාරය නොදත් නොමිනිසුන් ඔය කල පව් කමේ දුක්ගිනිදැල් විදිතිමය ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම ජව සම්පත්තියෙන් යුක්ත වීම මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම මුදු මොළොක් සිරුරක් ලැබීම පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම සූර වීර ගති ඇත්තෙකු වීම මහා බලවන්තයෙකු වීම නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම කාටත් ප්රිකය මනාප පුද්ගලයෙකු වීම පහ කළ දොස් ඇත්තෙකු වීම කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම තැති නොගත් කෙනෙකු වීම විනාශ නොකළ හැකි උතුමෙකු වීම පර උපක්රිමවලින් අකල් මරණයට පත් නොවීම අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව සුරූපී පුද්ගලයෙකු වීම මනා සටහන් ඇත්තෙකු වීම අල්ප ආබාධ ඇත්තෙකු වීම ශෝක නොකරන්නෙකු වීම ප්රිශයයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම දීර්ඝායුෂ ලැබීම මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස මහා ධනවතෙකු වීම බොහෝ ධන ධාන්ය ලබන්නෙකු වීම අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම නූපන් වස්තු උපදවීමට පුණ්ය ශක්තිය ඇත්තෙකු වීම ඇත්තා

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

Gambar
නිඛිල ජනමන පුණ්ඩරීකවන සණ්ඩමණ්ඩිතප්‍රවරාදිත්‍යය ඝණතර තිමිර තේජෝභිරාම ඝෝරමාර මත්ත මාතංඝ කදම්බ තුම්බ චුම්බිත සම්භේදන පංචවර්ණ රේඛත්‍රයානු රංජිත ශ්‍රීමත් ශ්‍රී ඝණ සුගත තථාත වරධර්ම චක්‍රවර්තී ස්වාමී වූ තිලෝක තිලක තිලෝගුරු භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේ විසින් ආසනාරූඩව තුන්ලොවට සුරතුරක්මෙන් පාතුර්භූතවී වැඩවදාරන්නාවූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපදිනායුරු කෙසේදයත් යනවග මෙසේ දේශණාකොට වදාළ සේක. එසේ හෙයින් ඒ මතු බුදුවෙන මෛත්‍රී බුදුන් උපදිනායුරු කෙසේදයත?්. මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විසින් පර්ෂද් මධ්‍යයෙහිදී මේ සත්වයෝ යටගිය දවස ගෞතම නම් බුදුන්ගේ ශාසනය පවත්නා කල්හී ශ්‍රද්ධාවන්තව පර්ණශාලා ධර්ම ශාලා භෝජන ශාලාදිය කිරීමෙන්ද ධර්ම දේශණාදිය  පැවැත්වීම් බොහෝ වශයෙන් බොහෝ පිංකම් කොට එතැන් පටන් මෙතැන් දක්වා මෙබදු දිව්‍ය මනුෂ්‍ය සම්පත් විදිමිින් ආවාහුයැයි වදාරන බවමුත් අන් කිසිවෙකු විසින් කියා නිමවාලිය නොහැක්කාවූ ආනිශංස ඇත්තේමැයි.  එසේ හෙයින් ඒ මතු බුදුුවෙන මෛත්‍රී බුදුන් උපදිනා පිරිදි කෙසෙදයත්. මේ ගෞතම බුදුන්ගේ ශාසනය පංචප්‍රකාරයකින් අන්තර්ධානව අන්ත රහිතව ඇතිකල්හී මෘග සංවර්ෂාවකින් මේ සත්වයෝ වි

ඔබ නැණවතෙකි එහෙත් ඔබ....................................?

Gambar
දිනන්නට මිස පරදින්නට අප කිසිවෙක් මේ විශ්වය තුළම අකැමැත්තෙමු. එහෙත් අප නිතරම එකම කි්‍රයාවලියක නියැලෙමින් හිද අපේ අනාගත බලාපොරොත්තු මල්ඵල ගන්වන්නට හැකිදැයි ඔබ ඔබගෙන්ම සිතන්න. ඒ මන්ද? ඔබ නීතීඥයෙක් වන්නට නම් එයට අදාල දැනුම ලද යුතුය. එසේම ගුරුවරයෙක් වන්නට නම් එයට අදාළ දැනුම මැනවින් ලද යුතුය. ගොවියෙකු වන්නට නම් එයට අදාළ දැනුමද මැනවින් ලද යුතුය. සොරෙකු වන්නටද ඒ දැනුම ඒ අයුරින්ම නොලදහොත් කෙදිනක හෝ හිරේ විලංගුවේ වැටෙන්නට අවකාශය ලැබුණත් එයටද මනා දැනුමක් නොලදහොත් ඉක්මනින්ම හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවේ. එසේමය අනිකුත් වෘත්තීන්හී නියැලෙන්නටද මනා දැනුමක් නොලබන්නේ නම් තමන් මහා ගැටලූ රාශියක හිමි කාරයෙකි. එසේමය සමාජය තුළ මැනවින් යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වන්නට නොදන්නේ නම් එවිටද මහා ගැටලූ රාශියකි. අප නිතරම දතයුතු යම් අදහසක් ඇත . එනම්? ඔබ එකම කි්‍රයාවලියක් තුළ නියැලෙමින් හිද වෙනත් ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න. එසේ බලාපොරොත්තු වන්නේ නම් ඔහු උමතු පුද්ගලයෙකි. එහෙත් ඔබ අනුගමනය කරන ක්‍රියාවලිය වෙනස් කරන්නේ නම් අනාගතේ ලැඛෙන ප්‍රතිඵලයද වෙනස් වේ. ඒ තල වපුරා තලම ලබන්නාක් මෙනි.  අද බොහෝ පිරිසක් සුන්දර අ