Postingan

Menampilkan postingan dari September, 2014

පිපෙන මල් සියුමැලිය

Gambar
දකින දසුනට නෙත ඇදී යන සිතන සිතුවිලි පසම දිව යන ඇසෙන සුමිහිරි වදන් හමුවේ ළමා මනසයි පහන් වූවේ දෙමාපිය සෙනෙහසේ අභිමුවේ හිදින දරුවෝ නියම මංපෙත වෙතට දිවයයි එහෙත් සෙනෙහසක් නැති සද නොමග යයි මුලූ ලොවම සැනෙකින් පුංචි කළට පුංචි සිතට සුරතල් බස් කියා නැලවූ ලෙස දැන් දරුවන් නලවනවද සොයා පෙරදින රැුදි සිරිත් සැවොම වැලලී ඇති නිසා අද දරුවන් වල්මත්වී සෙනෙහස නැති නිසා පුංචි අවධියේදී අප සියලූම සත්වයින් දෙමාපිය සෙනෙහස අභිමුවේ හිදිමින් කෙතරම් සුන්දර දිවියක් ගත කළාද? ඒ අවධියේ දෙමාපියන් දරුවන් නැලවූයේ කෙසේද? ඒ නැලවූ ආකාරයේ වෙනස නිසාම දැන් අවුරුදු 40 පමණ ප‍්‍රමාණයේ සිටින වැඩිහිටියන් ඔවුනොවුන්ගේ දෙමාපියන්ට බොහෝ ලෙස ගරු බුහුමන් කරයි. එසේම පුද සැලකිලිද දක්වයි. නිතර නිතර ඔවුනොවුන්ගේ  ඕනෑ එපාකම් ගැන සොයා බලයි. දෙමාපියන් පුංචි අවධියේ දුන් අවවාද අනුශාසනාවන් ගැන නිතරම සිහි කරයි. එහෙත් අද දිවිගෙවන දරු දැරියන් ස්වකීය දෙමාපියන් දෙන අවවාද අනුශාසනාවන්ට දක්වන ප‍්‍රතිචාරය කුමක්ද? ඒ අම්මගෙ තාත්තගේ කාලේ. මේ අපේ කාලේ යැයි කියා ගනිමින් ස්වකීය ජීවිතය අයාලේ යවන නාමික දරුවන් විලසින් දිවිගෙවන මරුවන් පිරිසක් අද දිව

දැවෙන මනසට සිංහල කවියෙන් බෝධි පූජා

Gambar
දැවෙන මනසට නිවෙන මංපෙත සොයන මනුසත වෙතට නැණසින් සදන ලෙස ලොව සදා සුවසෙත පෙරවදන මිනිසා යනු ස්වකීය චින්තය තුළ රැදුුනු හැම දුක් ගැහැටක්ම ස්වකීය චින්තන නිර්මාණයන් තුළින් ව්ශ්වයට මුදාහල උතුම් ජීව්යෙකි. එහෙත් ඒ ජීව්යා අදවන ව්ට ඒ ස්වකීය නිර්මාණයන්ගෙන් තොරව මානසික සහනයක් සලසාගත නොහී මහත් මානසික මෙන්ම කායික දුබලතා රාශියකට මුහුණ පා ඇත. ඒ නිසාම නොසන්සුන්කාරී පීඩිත චේතනාවන්ගෙන් ග්‍රහණය වූ නාමික මිනිසුන් පිරිසක් අයුරින් නිමැවී ඇත. ඒ අභියස අප බෞද්ධයින් ව්සින් වැදුම් පිදුුම් කළ ගරු බුහුමන් කළ පුද සැලකිලි කළ යම් පූජනීය වස්තුවක් ව්ය. එනම් බෝධියයි. බුදුුරජාණන් වහන්සේ බුදුුවන මොහොතේ සීතල සුලගින් හා සෙවනින් උන්වහන්සේට උපකාර කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පූජා පැවැත්වීම පෙර පටන් අප සිදුුකරන ලද්දකි. එය පාලි ගාථා බන්ධනයන්ගෙන් ප්‍රකාශ කරවන්නාක් මෙන්ම අපට මැනව්න් සිතට දැනෙන වදන් වලින් ප්‍රකාශ කරන්නට සිතිනි. එහි යහපත් ප්‍රතිඵලයක් ලෙස මෙම ගත නිමැව්නි. මෙය මැනව්න් පරිශීලනය කරන්නට වෙරදරන සියලූ සත්වග මොහදුරෙන් මිදේවා. නැණස පහදා මනස පැහැදෙන සිතුව්ලිම දැනේවා.

සත්‍යය ලොවේ සඟවාගෙන මනසේ

Gambar
සත්‍යය ලොවේ  සඟවාගෙන මනසේ සත්‍යය ලොවේ  සඟවාගෙන මනසේ පස්කම් සුව විදිනා යුක්ති දරුමෙ මුදලට යට කරමින් අනියත රස සොයනා භවය පුරා ඉපදී මැරෙමින් අප ඇවිදින මේ සසරේ කෙළවර කොතැනද නෑ අප දුුටුවේ මොහඳුුර මැද ලතවේ මේ රුදුු ලෝකේ සැනසුම කොතැනද නැහැ අප තව සෙව්වේ වැනසුම පසුපස පියමනිමින් ලොව  සුසුම්ලමින් වැනසේ..........// සත්‍යය ලොවේ  සගවාගෙන මනසේ පස්කම් සුව විදිනා.... යුක්තිය දරුමය සත්‍යය සගවා සැනසෙන්නට සිතනා මනුසත අද මේ ලෝතුළ තැවෙමින් දිටුදම් ඵල විදිනා.........//

යුක්තිය නැත ලෝකේ

Gambar
යුක්තිය නැත ලෝකේ යුක්තිය නැත ලෝකේ - බලයට සැම යටවේ දුප්පත් වූ අසරණයා සැමතැන පාගා වනසනවා අදමිටු මිසදිටු නුගුණය නිවටුන් හදතුළ පුබුදනවා නැතිබැරි නිලබල නැති හැම ගුණවත් මිනිසුන් වැලපෙනවා.....// නැණ ඇතිමුත් හදවත් නැති මිනිසුන් මුදලට යටවෙනවා මව්පියො ¥දරු සොහොයුරු නාමය පමණක් ලියවෙනවා ගුණ නැති නුගුණය රජයන ලෝකේ නිවටුන් රජවෙනවා.....// දුසිරිත රජයන ලෝකය සැමදා අඳුරට යටවෙනවා නිසිකල වසිනා වැසිදිය බිඳුවද අපහට නොලැබෙනවා සුළු පිරිසක් කළ පාපයකින්  මුළු ලෝකය වැනසෙනවා.....//

නිසල බුදුු නෙත නෙතට ගැටෙනා විටදි සැනසුම සොය සොයා

Gambar
නිසල බුදුු නෙත නෙතට ගැටෙනා විටදි සැනසුම සොය සොයා අසල ඇති අන් සියලු සැපයන් අත්හරින්නට සිතෙනවා කසල මඩ දිය මතද නිලූපුල් කුසුම් නෙක පිපෙනවා විකල කෙලෙසුන් සපිරි සතහට නියත අනියත දෙසනවා ලතෙත් නොවෙනා මහා ගල්කුලු තුළද රූසිරි මවමිනේ තිලොව සනසන එකම නැණ නෙත මුනිදු නෙත් යුග යාවුනේ දැවෙන තැවෙනා තිලොව මන නෙත තුළට සැනසුම සොය සොයා දිලුනි යනමග විලස පුන්සද මුනිදුු බුදු බව ලැබුවදා සසර කතරේ නොදුටු පරතෙර දකින මංපෙත නැණ අයා දෙසූ ගීතය මිහිරි ස්වරයකි සසර වෙදැදුුරු නැණ අයා ඉපිද සසරේ ගෙවන දිවියේ මනින පිය අග මරණය දුුකින් අනියත අත්බවක් නැති තිපදයකි ලොව වැනසුම

නොසැලෙන්න නොගැටෙන්න නොතැවෙන්න එයසල ජයග‍්‍රහණය ඇත,

Gambar
මුලූු විශ්වය තුළම දිවිි ගෙවන්නාවූ අප සියලුම සත්වයින් කායිකව හා මානසිකව දුර්වල වන්නේ යම් මොහොතකද අන්න ඒ මොහොතේ පටන් අප සියලූුම සත්වයින්ගේ මුලූු ජීවිිතයේම විිනාශය නිර්මානය වනු ඇත. එබැවින් අප සියල්ලෝම හැම මොහොතකම ගැටලූුවක් පැමිණි විගසම කේන්තිගෙන හෝ කළබලයෙන් විසදුම් සොයන්නට වෙහෙසෙන්නේ නම් ඒ විසදුුම මුලූ ජීවිත කාලයම දුුකක් මිස සතුටක් ගෙන නොදෙනු ඇත . එහෙත් ඉක්මන් තීරණයකින් තොරව කායික මානසික සැහැල්ලුවෙන් යුතුව තීරණයක් ගන්නට වෙර දරන්නේ නම් ඒ තීරණය නිසා මුලූු ජීවිිත කාලයම සැනසුම් සුසුම් හෙලන්නට හැකිය. මේ ලෝකය තුළ නිර්මාණය වී ඇති හා නිර්මාණය කරන ජීවී අජවී සියලුම වස්තූන් හැම මොහොතකම වෙනස්වීමට භාජනය වන බව අපි දනිමු. එහෙත් ඒ වෙනස ඒ අයුරින් දකින්නට අපි අකමැති නිසා පෙර තිබූ අයුරින්ම දකින්නට අපි වෙර දරමු. ඒ වෙර දැරීම අසාර්ථක වන්නේ යම් මොහෙතකද එයසල ඇත්තේ පරාජයෙන් යුතු කනස්සල්ලක් මිස වෙන කිසිවක් නොවේ.  මේ විශ්වය තුළ අප හැම මොහොතකම වෙනස යන්න පරිසරයෙන් පමණක් දැක වටහා ගත නොහැක. එය මුෂ්‍යයා තුළද නිතරම සිදු වන්නකි. හැම සත්වයෙක්ම උපතේ පටන් විපත දක්වාම වෙනස් වෙමින් ඉදිරියට දිව යන ගමනේ ඒ වෙනස්වීම මද