Postingan

Menampilkan postingan dari November, 2013

තමහට පිහිට තමන්ම මිස වෙන කවුද

තමහට පිහිට තමන්ම මිස වෙන කවුද යනුවෙන් සිතුම ඔබහට අද කළ හැකිද මනුසත එලෙස සැමදින අද නොසිතුවද සිතුමට කාලයකි මම හැර වෙන කවුද අඹුදරු වස්තු තිබුණත් අපමන දසත ධනයත් තිඛෙති සැමතැන අපහට සුපත පෙරකළ පිනට ලැබුනේ මෙකළදි සැපත යනුවෙන් සිතුම කළයුතුවෙයි සැම සතත අඹුදරු සිටියමුත් නොවෙනව මට පිහිට ධනමහ වස්තු තිබුණත් නොවෙනව පිහිට මෙ හැම නොමැතිකළ දුකවෙයි ලෝ සතට භාහිර වස්තුවෙන් පිහිටක් නොමැත මට ගුරුවරු නිතර යහමග සුව පෙන්වනවා ඒ මග දැනුම අප සැම කළයුතු වෙනවා බාධක නොදින ජීවිත නොම බබලනවා බාධක දිනුවෙතින් ජීවිත බබලනවා සාගර දියේ පැදයති ඔරු දසදෙසට මාවත එසේමුත් නොපෙනෙති තම ඇසට දළ රළ පෙලත් නැගඑති පෙර කළ පවට මාවත තවත් නොපෙනෙති එනිසා නෙතට සාගරයක්ය සැමටම ජීවිත ගගුළ ආකරයක්ය සැමටම දුක්ගිනි පතුළ මාවත තිඛෙති සැමතැන සාගර ගගුළ නිසිමග ගියොත් හමුවෙයි සාගර වෙරළ මාවත නොදැන යන බව ඔබ දන්නවද මාවත නොදැන ගියොතින් කිම වන්නේද දුක්වන්නටම සිදුවන බව දන්නවද එය දැන දැනත් නොමගට ඔබ ඇදෙනවද