Tuesday, May 15, 2012

ඔබ සතු නිවැරදි චින්තනය

wm ks;ru l,amkd lrkafka wmf.a uki ieye,a¨fjka yd i;=áka fukau tald.%;djfhka hq;=j mj;ajdf.k hkakg fkdfõo@' tfiauhs' tfy;a ta is;=ú,a, is;=ú,a,lgu muKla iSud jkafka ljrdldrhlskao@


Saturday, May 12, 2012

අප සියල්ලොම උපතින් ...

අප සියල්ලොම උපතින් යම් යම් ශාරීරික අඩු ලූහුඩුකම් වලින් පිරී ඉතිරී උත්පත්තිය ලබන්නටත් උපතින් පසු යම් යම් වැරදීම් තුළින් ස්වකීය ශාරීරික අවයවයන් අහිමි වන්නටත් නොයෙකුත් අවස්ථාවන් තුළදී එළඹෙනු ඇත. ඒ හැම අවස්ථාවක්ම අප පිලිගත යුතතේ ශෝකාකූල මුහුණුවරකින් හෝ දුක්ඛිත මානසිකත්වයකින් නොවේ යන අදහස මා මුලින්ම ඔබට සිහිපත් කරන්නට කැමැත්තෙමි.


Friday, May 04, 2012

ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ

ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ ප්‍රඥාව හා ශීලය පමණක් බව අප දනිමු. ඒ දැනෙන සියල්ල ඒ අයුරින්ම ක්‍රියාවෙහි යොදවන්නට අප වෙර දැරිය යුතුය. ඒ කටයුතු කළයුතු අයුරු සෝණදණ්ඩ සූතුය තුළ මැනවින් දේශිතව ඇත. මෙම දම් දෙසුමට හේතු වූ කාරණා සහ දහම් කරුණු මෙතැන් සිට විමසා බලමු.


ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ

ලෝකයේ දිවි ගෙවන්නා වූ අප සියලූම දෙනාට අවශ්‍ය වන්නේ ප්‍රඥාව හා ශීලය පමණක් බව අප දනිමු. ඒ දැනෙන සියල්ල ඒ අයුරින්ම කි්‍රයාවෙහි යොදවන්නට අප වෙර දැරිය යුතුය. ඒ කටයුතු කළයුතු අයුරු සෝණදණ්ඩ සූතුය තුළ මැනවින් දේශිතව ඇත.
මෙම දම් දෙසුමට හේතු වූ කාරණා සහ දහම් කරුණු මෙතැන් සිට විමසා බලමු. එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂූන් වහන්සේ සමඟ අඟු රට පිඩු පිණිස හැසිර, චම්පා නම් නුවරට වැඩසේක. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගග්ගාර නම් පොකුණු තෙර වාසය කරති .එකල සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් මගධ දේශයෙහි රජවූ බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස ලබනලද්දාවූ චම්පා නගරයෙහි ප්‍රධානියාව වාසය කරයි.

චම්පා නුවර වැසි බමුණු පවුල්හි ප්‍රධානීහු, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂු සංඝයා වහන්සේ සමඟ චම්පා නුවරට වැඩි බව අසා උන්වහන්සේ සහ මහසඟන දැකීමට යෑම සඳහා පිටත් වූහ. මේ පිරිස දුටු සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ඒ පිළිබඳ විමසා කරුණු දැන, බුදුරදුන් දැකීමට තමාත් එන බව පැවසීය. ඒ වන විට නොයෙක් රාජධානින්ගෙන් කිසියම් කටයුත්තක් සඳහා පැමිණි පන්සීයක් පමණ බමුණෝ චම්පාවෙහි වාසය කරති. ඔවුහු සෝණදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරදුන් දැකීමට යන බව අසා ඔහුගේ ගමන වැළැක්වීම සඳහා විවිධ උපක්‍රම කළහ. ඔවුහු සෝණදණ්ඩ බමුණාගේ ගුණයන්ද බුදුරජාණන් වහන්සේගේ අගුණයන් ද ප්‍රකාශ කළහ.

“භවත් සෝණදණ්ඩයෝ බොහෝ දෙනාගේ ගුරුවරයාද ගුරුවරයන්ගේ ගුරුවරයාද වූහ. තුන්සියයක් මාණවකයන්ට වේද මන්ත්‍රය කියවති. පින්වත් සෝණදණ්ඩයන් වෙත වේද මන්ත්‍ර ඉගෙන ගැනීමට කැමැති බොහෝ තරුණයෝ නොයෙක් රටින් නොයෙක් ජනපදයෙන් පැමිණෙති. භවත් සෝණදණ්ඩ තෙමේ පැරැණි කුලයෙන් පැවතෙන ශීලාචාරාදියෙන් වැඩුණු බොහෝ කල් ඉක්මවු දෙතුන් රාජ පරම්පරාවක් ඉක්මගිය පැසුණු වයසට පැමිණියෙක. මහණ ගෞතම තෙම් තරුණ වූයේ, තරුණ පැවිද්දෙක් වේ. මෙකී කරුණු නිසාද භවත් සෝණදණ්ඩයෝ මහණ ගෞතමයන් දැකුම් පිණිස පැමිණීමට නුසුදුස්සෝය. ගෞතමයෝම සෝණදණ්ඩයන් දැකීමට එනු සුදුසුය. “ ආදී වශයෙන් ඔවුහු සෝණදණ්ඩ බමුණාගේ ගුණයන්ද බුදුරජාණන් වහන්සේගේ අගුණයන් ද ප්‍රකාශ කළහ.

ඒ බමුණන්ගේ කථාව අසා සෝණදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගුණයෙන් සීලයෙන් හා ප්‍රඥාවෙන් තමාට වඩා උසස් බවත් ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙසේ ප්‍රකාශ කළේය. “පින්වත් මහණ ගෞතම තෙමේ මවු පාර්ශ්වයෙන්, පිය පාර්ශ්වයෙන් යන දෙපාර්ශ්වයෙන් මැනවින් උපන්නේය. පිරිසිදු මවුකුසින් උපන්නේය, සත්වැනි පරම්පරාව දක්වා අවනම්බුවෙන් තොරව ලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරන ලද්දේය. මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකුමට පැමිණෙන්නට සුදුස්සෝ වෙමු. ශ්‍රමණ ගෞතමයෝ මහත් ධන, මහ භෝති ඇති මිශ්‍ර නුවූ,ක්‍ෂත්‍රිය නම් උසස් කුලයෙන් ගොස් මහණ වූ කෙනෙක, ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් යම් යම් දේ අසා දැනගන්ට අන් රට වලින්ද ජනපද වලින්ද ජනයෝ එති. බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ ගෞතමයන් ජීවිතය ඇතිතෙක් සරණ කොට ගියහ.”

“ශ්‍රමණ, භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු මහත් කීර්ති ශබ්දයක් විශේෂයෙන් උස්ව පැන නැංගේය. කෙබඳුදයත්, උන්වහන්සේ සංසාර චක්‍රයෙහි බැම සින්දහ. අර්හත්හ. හැම ලෙසින් දත යුතුදේ තමන්ම දත්හ. නුවණ අටෙන් හා සීල ධර්ම පහළොවින් යුත්හ. හරිම මාර්ගයේ ගියහ. ලෝකය හොඳාකාර දත්හ. සිල් ආදි ගුණෙන් ප්‍රදානය. මිනිසුන් දමනය කිරීමෙහි සමත්හ. දෙවි මිනිසුන්ට ගුරුවරයෙක් ය. සියල්ල දත්හ. කෙලෙස් නැති කළහ. “ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සෙගේ් ගුණයන් ප්‍රකාශ කළේය. සෝණදණ්ඩ බ්‍රාහ්මණයා මෙසේ බුදුරදුන්ගේ ගුණ ප්‍රකාශ කිරීමෙන් පසු බුදුරදුන්ට දොස් නැගූ බමුණෝද බුදුරදුන් දැකීමට යෑමට කැමැති වූහ. ඉන් පසු සියලු දෙනාම බුදුරදුන් දැකීමට යෑමට පිටත් වුහ.

මේ යන අතරතුර සෝණදණ්ඩ බ්‍රාහ්මණයාට මෙබදු සිතිවිල්ලක් ඇති විය. එනම් බුදුරජාණන් වහන්සේ, තමාගෙන් පිළිතුරු දීමට අපහසු ප්‍රශ්නයක් ඇසුවහොත් තමා අසීරුතාවයට පත්වන බවත් පිරිස අතර ලජ්ජාවට පත්වීමෙන් කීර්තිය පිරිහෙන බවත්ය. ඔහුට බුදුරදුන් හමුනොවී ආපසු යෑමට සිත් වුවද එයද කළ නොහැකි නිසා බුදුරදුන් පිළිතුරු දීමට පහසු ප්‍රශ්නයක් අසත්වා “ යි යන සිතින් බුදුරදුන් වෙත එළඹියේය. ඔහුගේ සිතෙහි වූ මේ විතර්කය නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ සතුටු සාමීචි කථාවෙන් අනතුරුව පිළිතුරු දීම පහසු ප්‍රශ්නයක් විචාළේය. “බ්‍රාහ්මණය, බමුණු දහමෙහි සඳහන් පිරිදි නියම බ‍්‍රාහ්මණයෙකු වීමට “ බ්‍රාහ්මණ “ කියන පුද්ගලයා කරුණු කීයකින් සමන්විත විය යුතුද? යනුවෙන් විචාළේය.

තමන්ගේ දහමට අයත් පහසු ප්‍රශ්නයක් විචාරීම නිසා අතිශය සතුටට පත්ව සෝණදණ්ඩයෝ උස්ව හිස නමා පිරිස නැවත නැවත බලා බුදුරජාණන් වහන්සේට මෙසේ පිළිතුරු දුන්නේය. පින්වත් ගෞතමයන් වහන්ස, යමෙක් “ මම බ්‍රාහ්මණ වෙමි “ යි හරි ආකාර කියන්නට නම්, ගතිගුණ පහකින් සම්පූර්ණ විය යුතු යැයි බමුණෝ ප්‍රකාශ කරති. ඒ පහ මෙසේය.”

1.උභය කුල පවිත්‍රවීම, (බ්‍රාහ්මණ වංශයට අයත් යමෙකු මවුපිය දෙපසින් යහපත්ව උපන්නේවේද, පිරිසිදු මවුකුසින් බිහිවූයේ වේද, සත්වන පරම්පරාව දක්වා අවනම්බු නොලබන ලද්දේ වේද. ජාතිවාදයෙන් අවනම්බු නොකරන ලද්දේ වේද ඔහු බ්‍රාහ්මණයෙකු ලෙස බමුණු දහම පිළිගනී) මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය පළමු කාරණයයි.

2.වේදයෙහි පරතෙරට පත්වූවෙකු වීම (බෞද්ධයන්ගේ ත්‍රිපිටකය මෙන් බමුණන්ගේ ඍග්, යජුර්, සාම යනුවෙන් ප්‍රධාන වේද තුනක් ඇත. මේ වේදයන් පිළිබඳ මනා අවබෝධයකින් යුතු අයෙකු වේ නම් ඔහු බ්‍රාහ්මණයෙකු ලෙස බමුණු දහම පිළිගනී. ) මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය දෙවන කාරණයයි.

3.මනාරූප සම්පත්තියෙන් යුක්තවීම. මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය තෙවන කාරණයයි.

4.සීලයෙන් යුක්තවීම (සිල්වත් වීම) මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය සිවුවන කාරණයයි.

5.නුවණැති පණ්ඩිතයෙක් වීම (නැණවත් වීම ) මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය පස්වන කාරණයයි.

මෙම කාරණා පහෙන් යුක්ත වූ පුද්ගලයා නියම බ්‍රාහ්මණයෙකු ලෙස බමුණු දහමෙහි සඳහන් වන බව ඔහු බුදුරදුන්ට පැවසීය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ බමුණාට මෙසේ පැවසූහ. “ බමුණ මේ අංගපහෙන් එකක් සම්පූර්ණ නොවූ කළ බමුණෙකු යැයි පිළිගැනීමට නොහැකිද? “ යනුවෙනි. එවිට බමුණා “ භාග්‍යවතුන් වහන්ස, බමුණෙකු වීමට මේ අංග පහම අවශ්‍ය නොවේ. උභය කුල පවිත්‍රවීමෙන් ඇති ඵලයක් නැත. එය නැතිව වුවද බමුණෙකු විය හැකිය” යනුවෙන් ප්‍රකාශ කළේය.

නැවතත් බුදුරජාණන් වහන්සේ බමුණෙකු වීම සඳහා ඉතිරි අංග සතරම අවශ්‍ය දැයි බමුණාගෙන් විමසීය. එවිට බමුණා “ ස්වාමීනි, වේදයෙහි පරතෙරට යෑමෙන් ඵලක් නැත. එය නැතිව වුවද බමුණෙකු විය හැකිය “ යනුවෙන් ප්‍රකාශ කළේය. නැවතත් බුදුරජාණන් වහන්සේ බමුණෙකු වීම සඳහා සෙසු අංග තුනම අවශ්‍ය දැයි බමුණාගෙන් විමසීය. එවිට බමුණා, “ ස්වාමීනි, මනා රූසපුවෙන් යුක්තවීමෙන් ඵලක් නැත. එය නැතිව වුවද බමුණෙකු විය හැකිය “ යනුවෙන් ප්‍රකාශ කළේය.

සෝණදණ්ඩ බ්‍රාහ්මණයා මෙසේ ප්‍රකාශ කළ කල්හි සෙසු බමුණු පිරිස “ සෝණදණ්ඩවේදයට විරුද්ධව යන්නේයැ”යි ඔහුට දෝෂාරෝපණය කරන්නට වූහ. එවිට බුදුරජාණන් වහන්සේ ඒ ඝෝෂාකරන බමුණු පිරිසට මෙසේ වදාළහ. “ බ්‍රාහ්මණයෙනි, සෝණදණ්ඩ බමුණුතෙමේ මා සමඟ වාද කරන්නට අසමර්ථයැයි නුඹලා සිතන්නෙමි නම් කැමැති කෙනෙක් මා සමඟ වාදයට එන්න “ යනුවෙනි. එවිට සෝණදණ්ඩ බමුණා “ ස්වාමීනි, මා සමඟ පැමිණි මොවුන්ට මම්ම පිළිතුරු දෙන්නෙමි. ඔබ වහන්සේ වෙහෙස නොවන්න “ යැයි බුදුරදුන්ට පවසා බමුණු පිරිස අතර සිටි සිය බෑණාවූ අංගක මානවකයා උපමා කොටගෙන එම පිරිසට මෙසේ ප්‍රකාශ කළේය. “පින්වත්නි, අපගේ බෑණනුවන් වූ මේ අංගක නම් මාණවකයා නුඹලා දකින්නාහුද? “එසේය, පින්වත” යනුවෙන් බමුණු පිරිස පිළිතුරු දුන්හ.

“පින්වත්නි, අංගක තරුණයා ප්‍රාණඝාත කරන්නේය. නුදුන් දෙය ද ගන්නේය, අන් භාර්යාවන් වෙතටද යන්නේය, බොරු ද කියන්නේය, රහමෙර ද පානය කරන්නේය, පින්වත්නි, දැන් මෙසේ ඇති කල්හි, ජාතිය කුමක් කරන්නේද? මන්ත්‍ර හෝ වංශය කුමක් කරන්නේද? රූපය කුමක් කරන්නේද? පින්වත්නි, බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක පටන් සිල්වත් වූයේ, වඩන සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්ත වේද?, නුවණ ඇති පණ්ඩිත වූයේ වේද, පින්වත්නි, මේ අංග දෙකින් යුක්ත වු පුද්ගලයා බමුණු වෙමි’යි කියන්නේ නම් ඔහු සත්‍ය ප්‍රකාශ කරන්නේය. බොරු කීමට නොපැමිණෙන්නේයයි බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරතියි” යනුවෙන් බමුණූ දහමෙන්ම උදාහරණ ගෙනහැර දැක්වීය. ඉන්පසු බමුණෝ සියලුදෙනාම නිහඬ වූහ. ඉන්පසු නැවතත් බුදුරදුන් හා සෝණදණ්ඩ බ්‍රාහ්මණයා අතර සංවාදය ඇති විය. නැවතත් බුදුරජාණන් වහන්සේ බමුණෙකුවීම සඳහා ඉතිරි අංග දෙකම අවශ්‍ය දැයි බමුණාගෙන් විමසීය. එවිට බමුණා, “ස්වාමීනි, ගෞතමයන් වහන්ස,මේ කාරණය නම් කිව නොහැකිය. භවත් ගෞත්මයෙනි, නුවණ ශීලයෙන් පිරිසිදු කරන ලද්දේය. ශීලය නුවණින් පිරිසිදු කරන ලද්දේය.

යමෙකු කෙරෙහි ශීලය වේද ඔහු කෙරෙහි නුවණ වේ. යමෙකු කෙරෙහි නුවණ වේද ඔහු කෙරෙහි ශීලය වේ. ශීලය ඇත්තා හට නුවණ ඇතිවේ. නුවණ ඇත්තා හට ශීලය ඇතිවේ. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උතුම් යැයි කියනු ලැබේ “ යනුවෙන් ප්‍රකාශ කළේය.

එවිට බුදුරජාණන් වහන්සේ , “ බමුණා එය එසේමය, වෙනස්කළ නොහැකිය . ඔබ නුවණැත්තෙකි. මගේ ධර්මයෙහි ද එය එසේමය” යනුවෙන් සෝණදණ්ඩ බමුණු තෙමේ අගය කොට එය අනුමත කරමින් මෙසේ වදාළහ. “එවමෙතං බ්‍රාහ්මණ සිලපරිධොතාහි බ්‍රාහ්මණ පඤ්ඤා පඤ්ඤා පරිධොතං සීල යත්ථ සීලං තත්ථ පඤ්ඤා යත්ථ පඤ්ඤා තත්ථ සීලං, සීලවතො පඤ්ඤා පඤ්ඤාවතො සීලං සීලපඤ්ඤානඤ්ච පන ලොකස්මිං අග්ගමක්ඛයති “ “බ්‍රාහ්මණය, නුවණ ශීලයෙන් පිරිසිදු කරන ලද්දේය. ශීලය නුවණින් පිරිසිදු කරන ලද්දේය. යමෙකු කෙරෙහි ශීලය වේද ඔහු කෙරෙහි නුවණ වේ. යමෙකු කෙරෙහි නුවණ වේද ඔහු කෙරෙහි ශීලය වේ. ශීලය ඇත්තා හට නුවණ ඇතිවේ. නුවණ ඇත්තා හට ශීලය ඇතිවේ. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උතුම්යැ”යි දේශනා කළහ. තවදුරටත් බුදුරජාණන් වහන්සේ සීලයෙහි හා ප්‍රඥාවෙහි ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව මෙසේ වදාළහ. “බ්‍රාහ්මණය දකුණු අත සේදීමට වම් අත උපකාරී වන්නේය. වම් අත සේදීමට දකුණු අත උපකාරී වන්නේය. එලෙසින්ම සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසිදු වන්නේය. එය පොත්තට ගසත් ගසට පොත්තත් මෙන් අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින්නේය “ යනුවෙන් දේශනා කළහ.

මේ දම් දෙසුම අපේ ජීවිත වලටත් සම්බන්ධකරගෙන ප්‍රඥාවෙන් සීලයත්, සීලයෙන් ප්‍රඥාවත් පිරිසිදු කරගනිමින් නිර්වාණාවබෝධය සඳහා කටයුතු කරමු.