Postingan

Menampilkan postingan dari April, 2012

ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම්

Gambar
ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම් පථමයෙන් ඔවුන් සතුව නිදහස් නිවහල් හා නිවැරදි මානසිකත්වයක් හා චින්තනයක් තිබිය යුතුය. එසේ නොවන්නා වූ සෑම පුද්ගලයෙකුගේම මනස තුළ සතුට රජ යන්නට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොසැලසෙනු ඇත. අප සියලූම දෙනා මේ විශ්වය තුළ ජීවත් විය යුතුවා සේම ඒ ජීවත්වීම තුළින් අන්‍යයන්ද ජීවත් කරන්නට වෙර දැරිය යුතුයී. එසේ නොව්නේ නම් ඒ ජීවත්වීමෙන් කිසිවෙකුට කිසිදු ඵලයක් නොලද හැකිය.

ඔබ ඔබේ ජීවිතයේ දියුණවට බාධකයක් නොවන්න එහෙත් සාධකයක්ම වන්න

Gambar
අඳුරු වළාවකින් මිදි සඳ තුළ කෙතරම් ආලෝකයක් ඇත්තේද? එසේම ඒ සඳ දෙස බලා කෙතරම් පිරිසක් සිත සනසා ගන්නේද? එලෙසම ඒ ආලෝකය දෑස් නොපෙනෙන්නවුන්ට මෙන්ම පෙනෙන්නවුන්ට තම තමන්ගේ කටයුතු මැනවින් සිදු කර ගැනීමට කවරාකාර නම් පිටු වහලක් සලසන්නේද? අප සතු ජීවිතයද එලෙසම නිර්මාණය කරගන්නට අපට හැකි නම් ඒ හා සමාන මහඟු කාර්යයක් තුළින් ලැබිය හැකි සතුටක් තවත් වෙනත් එකදු කාර්යක්වත් කිරීමෙන් ලද නොහැකිය. කෙනෙකු තමන්ගේ අතට ගන්නා ලද අවියක් මැනවින් පරිහරණය කරන්නට, ප්‍රථමයෙන් කිසිදු හැකියාවක් නැත. එහෙත් එය නිතර නිතර පරිහරණය කිරීම තුළින් මනා හැකියාවක් නිතැතින්ම ඇති වෙයි. ඒ තුලින් අප සතු කාර්යන් මැනවින් සිදුකර ගැනීමට හැකි වෙයි. එහෙත් තමන් සතු අවි ආයුධ සියල්ල පසෙක තබා තමන්ද පසෙකට වී මෙයින් කටයුතු කරන්නේ කෙසේදැයි සිතමින් සිටියහොත් ඒ අවි ආයුධ නිරපරාදේ විනාශ වී යන්නට හෝ සොර සතුරෙකු විසින් පැහැර ගන්නට තිඛෙන ඉඩකඩ මහා විශාලවනු මිසක් කුඩා නොවේ.

අවමන් කලත් ධෛර්යය සම්පන්න තැනාත්තාගේ බුද්ධිය පිරිහෙයිද?

Gambar
උපන් දිනයේ පටන් ගෙවන ජීවිතය තුළ අපගේ දිවියට ගැටුම් වැටුම් හා හැලහැප්පීම් වලින් ලැඛෙන පන්නරය තරම් වටිනා ආලෝකයක් වෙන කිසිදු  අයුරකින් නොලද හැකිය. ඒ මන්ද යත්, පුංචි අවධියේ අප දණගාමින් ඇවිදින විට බිම වැටුනොත් එතන සිටින කවරෙකු හෝ අපට උජෝ  වඩන්නේ නම් එවිට අප වහා නැගිට ගොස් ඔහු හා ගැටෙන්නට වෙර දරයි. එසේම දෙමව්පියන් යමක් නොදෙයි නම් හා බිම පෙරලී හෝ එය ගන්නට වෙරදරයි. ඒ කුමක් නිසාද? පුංචි අවධියේදී පසු බසින්නට අකමැති නිසාවෙන්මය. අප සියලූම දෙනා නිතරම දිනනන්ට කැමැත්තෝම වෙමු. පිරිසක් මැද කෙලින් හිටගෙන පෞර්ෂයකින් යුතුව කතා කරන්නට, එසේම විශාල ආයතනයක අධිපතිකම දරාගෙන සේවකයන් පිරිසක් මැනවින් පාලනය කරන්නට කැමැත්තෝම වෙමු. එහෙත් මේ සියල්ල කළ යුත්තේ කෙලෙසකද? අප එය සිතා බලමු. අපට එය සිදුකළ නොහැකිද? නැහැ අපට ඒ සියල්ලම සිදුකිරීමට හැකියි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? නොසැලීමෙන් යුතු ධෛර්යය පමණි.

තමන් සිටින අඳුරෙන් මිදෙන්නට ආලෝකය නිර්මාණය කර ගත යුත්තේ කවුරුන්ද?

Gambar
අප සියල්ලෝම නිතරම අඳුරු කුටියක් තුළ දිවිගෙවන්නට කැමැත්තෝද? නැත. අප කිසිවෙකුත් එයට කැමැත්තෝ නොවෙමු. අප සියළුම දෙනා උත්සහ කරනුයේ මෙන්ම කැමැති වන්නේ ආලෝකයෙන් යුතු මෙන්ම අලංකාරයෙන් ගැවසීගත් පරිසරයක දිවි ගෙවන්නට පමණි. ඒ මන්ද යත්? අප සියළුම දෙනාට වටපිට බලා සතුටු වන්නට මෙන්ම එකිනෙකා හා නොයෙකුත් සම්බන්ධතා පවත්වන්නට අවැසි නිසාවෙනි. එහෙත් ඒ පරිසරය අපට නිර්මාණය කර දෙන්නට අපගේ දෙමව්පියන් හෝ යහළු මිතුරෙකු මෙන්ම අසල්වැසියෙකු සමත් වන්නේද? නැත.

වාසනාව ඔබ කරා පිය මනිනු ඇත ඔබ වාසනාව කරා පිය මැනිය යුතු නැත

Gambar
දුක් කම්කටොළු වලින් ග්‍රහණය වුණු පරිසරයක දිවි ගෙවන යම් දරුවෙකු ඒ දුක් කම්කටොළු මැනවින් තේරුම් ගෙන තමාගේ ළමා කාලය තුළදී සිදු කළ යුතු යමක්ද, ඒ සිදු කළ යුතු සියළුම ඉගෙනීම් කටයුතු මෙන්ම භාහිර කටයුතුද මැනවින් ඉෂ්ඨ සිද්ධ කළ යුතුය. ඒ සියල්ල මැනවින් කිසිදු අඩු ලූහුඩුකමකින් හා අප්‍රමාදයකින් තොරව මැනවින් සිදු කරයි නම් ඔහු වෙතට වාසනාව ඉබේටම පැමිණෙනු ඇත. මේ සඳහා අප කළ යුතු එකම දෙයක් ඇත. ඒ කුමක් දැයි විමසා බලමු.

යහගුණ දැනුම ඇති හින්දලූ මිනිස්සූ

Gambar
දුක් ගිනි නොබොන්නට මං පෙත්    සැලැස්සූ ලැව්ගිනි වගේ කම්සැප නොම          ඇවිස්සූ සත්ගුණ දහම හද මැදුරෙහි               ගැවිස්සූ යහගුණ දැනුම ඇති හින්දලූ              මිනිස්සූ ආශා නැමති වනරොද මැද වැතිර         හඩා කම්සැප විඳී දුක්විඳිමින් වෙමින්          විඩා දුක්විදි සතුට එළියක් කළ අඳුර           කඩා හිමි දෙසු දහම සැපදෙයි  කම් සැපට    වඩා කමිසැප   විඳින්නට මනුසත ගිජුම           වෙලා සම්පත් සොයන්නට  සැමදින වෙහෙස    වෙලා කමිපා කරන් තවමත් හඳ පොළාව        නොලා       දුක්ගිනි විදිති මනුසත පැත්තකට             වෙලා

නිවැරදිව ගොඩ නැගෙන්නට නම්..?

Gambar
තමන්ගේ මා පිය දෙපළ, කුඩා කාලයේදී තමන්ට කවා පොවා පෝෂණය කර පාසලට යවනුයේ මැනවින් ඉගෙනීමේ කටයුතු කොට රටට සමාජයට වැඩදායක සත්පුරුෂයකු වේය යන පරමාර්ථයෙනි. එසේ වුවත් ඔවුන් පාසලට ගොස් සිදු කරනුයේ කුමක්ද? ඔවුන් සිදුකළ යුත්තේ කුමක්ද? තමන්ගේ ළමා කාලය තුළදී සිදු නොකළ යුතු සෑම අකටයුත්තක්ම සිදු කරන දූ දරුවන් අවසානයේදී රටට සමාජයට මෙන්ම දෙමාපියන්ටද කරදරයක් බවට පත්වන්නේ කුමක් නිසාද? එයට වගකිවයුත්තේ කවුරුන්ද? මව්පියන් ද? දූ දරුවන්ද? පාසලේ ගුරුවරුන්ද? මිතුරන්ද? මෙය මැනවින් විමසා බැලිය යුතු කාරණයකි.

෴ මිනිසුන් පිරිහෙන්නේ මේ හින්දලු ෴

Gambar
සංයමයෙන්  යුතුව පැවති අසංයමයෙන් යුතු චිත්තයන් තුළ ඇති වන සිතුවිලි නිසාම සෑම සත්වයෙකුටම දුක්ඛිත මෙන්ම පීඩිත මානසිකත්වයෙන් යුතු ජීවිත ගත කරන්නට විශ්වයේ ආරම්භයේ පටන් දැනුදු විදින්නට සිදුව ඇත. ඒ සියල්ල ඒ අයුරින් සිදු වී ඇත්තේ මිනිසුන්ගේ සිත තුළ උද්දීපනය වන අසීමිත අතෘප්ති කර ආශාව නිසාම බව මැනවින් විමසා බලන්නෙකුට පසක් වනු ඇත. දිළිදු පුද්ගලයන්ට ඒ තත්වය හිමිවූයේ අසීමිත ආශාවන් සංතර්පනය කර ගන්නට ගොස් ස්වකීය වස්තු සම්පත් වැරදි අයුරින් භුක්ති විදීම නිසා බව අපට පැහැදිලිය. එසේම වත් පොහොසත්කමින් කිසිදු අඩුවක් නැති මිනිසුන් ඒ අයුරින් දිවි ගෙවන ලද්දේ ඒ පුද්ගලයන් විසින් පොහොසත් කම් වළින් පරිපූර්ණ වනු වස් නොයෙක් වෙහෙස මහන්සියක් දරා ධාර්මික දිවියක්ම ගත කරන්නට කටයුතු කළ නිසාම නොවේද? දැනුදු ලෝකයේ පවතින ස්වභාවය එයම නොවේද?