Postingan

Menampilkan postingan dari Maret, 2012

ඔබ සතු ගැටළුව

Gambar
ඔබ සතු ගැටළුව ගැටළුවක් අයුරින් නොදකින්න එහෙත් එය ඔබේ දිවිය දිනවන අවස්ථාවක් කර ගන්න. ජීවිතය යනු සුන්දර අයුරින් නිමැවුනු රෝසමල් යහනාවක් නොවන බව අප සියල්ලෝම මැනවින් ප්‍රථමයෙන් අවබෝධ කොට ගත යුතුය. එසේ නොවන්නේ නම් සියලූම සත්වයින් ගමන් ගන්නා මාර්ගයන් සියල්ලක්ම අන්ධකාරයෙන් සැදුම්ලත් පරිසරයකටම උරුමකම් කියනු ඇත. අප සියලූම දෙනා සතුටින් පිරිපුන් මනා සැනසුමින්යුතු දිවියක් ගත කරන්නට උපතින්ම කැමැත්තෝ වෙමු. ඔබ හමුවට පැමිණෙන හැම ගැටලූවක්ම ජීවිතය ජය

අකාලයේ ඇද හැලෙන දිය බිඳකින් සැනසෙන්නට නම්

Gambar
අකාලයේ ඇද හැලෙන දිය බිඳුවකින් පොළොව තෙමී එහි තණ ගසක් පැලවන්නේ නම් එය කිසියම් සතෙකුට ආහාරයක් වනු ඇත. එසේ සිදුවන්නේද කලාතුරකිනි. එහෙත් සෑම දුවෙකු පුතෙකුම සිතිය යුත්තේ මම මෙලොව එළිය දුටුවේ තනියම නම් මම ජීවත් වන කාලය තුළ මා වටා නෑදෑ හිතවතුන් පිරිසක් සිටිය මුත් මොවුන් මා වටා සිටින්නේ මට යමක් ඇති තාක්කල් පමණි. එහෙත් මට දුප්පත්ව රැකියාවක් නොමැතිව දුක් විඳින්නට සිදු වුවහොත් ඔවුන් මා වටා රැඳේවිද? නැත දුවේ, පුතේ නැත. එසේනම් අප උත්සාහ ගත යුත්තේ මැනවින් අධ්‍යාපනය සම්පූර්ණ කොට තමාගේ අනාගතය තමාට හැකි උසස්ම අන්දමින් ගොඩනඟා ගැනීමය. එසේ නොවුනු තැන ඔබ පරාජිතයෙක්ව දුක් වන තත්ත්වයට පත්වනු ඇත.

රහමෙරෙන් මත් වෙලා

Gambar
රහමෙරෙන් මත් වෙලා  මෝහයෙන් තෙත් වෙලා  කාමයට ගිජු වෙලා නිතිරර දු ගිනි සිබින  සූදුවේ පැටලිලා පිරිහුමේ දොරට යන  ප්‍රේමයේ නාමයෙන් මරුගේ තුරුළටම යන  ලැජ්ජාව වියැකිලා  දුරාචාරයේ සැරිසරන  ම්විපියො වෙතට නිති  නොසලකා වෙනත යන  මව්පියන් ගුණය නිති  නොදකිනා මිනිසුනේ  මිරිගුවක් නැමති ඒ  කම් සැපය පස දුවන  මිරිගුවක් නැමති ඒ  ධනය පසු දිව යනෙන  ලෝකයා මගේ නෙතු  අභියසදි හඩන දින  කිමද ඔබ හඩන්නේ  මෙමා හට කියනු මැන

ජීවිතේ ඇති සොදුරු අභිමන්

Gambar
ජීවිතේ ඇති සොදුරු අභිමන් දකින මේ ජීවිත වලට යම්දිනක ගැටලුවක් පැමිණි සද එයින් මිදෙන්නට වන්නේ උමතු වූවෙකි ලෙසින්මය ලොව පටාචාරා,කිසාගෝතමි වැනියවුන් ලොව ආලයෙන් මත් වෙලා මොහයෙන් තෙත්වෙලා ජීවිතේ ඇති යථා තතු පෙර දිනක දුටුවා නම් එවැනි දුදසුන් නොමැවෙනු ඇත. එහෙත් එය නොදුටුම නිසා පසුව මහා දුක් ගිනි පැසක

රාගයෙන් මත් වෙලා

Gambar
රාගයෙන් මත් වෙලා මෝහයෙන් තෙත් වෙලා ආලයක් නැමති ඒ රුදුරු මරු අබියසෙහි හිද සොදුරු හැගුමින් රෑගුම් පාමින් හදද බොලද කර සිතද සසල කර

නොමියෙනා බව සිතාගෙන අප

Gambar
නොමියෙනා බව සිතාගෙන අප සැරිසරා යන දිවියෙ හැම තැන තිබෙන රාගයෙ ගින්න අවුලන සියලු සොහොයුරු සිත් සතන් හැම අවදි කරගෙන මනසකින් ඔබ විදු පහන් සිල දල්වමින් සිට නොදුටුවොත් මේ සසර මන්පෙත විදින්නට වේ රුදුරු දුකදුලු. හිමි වීම අහිමි වීමක් අයුරින් සේම අහිමි වීම හිමි වීමක් අයුරෙනුත් දකින්නට හැකිනම් යම් සිතකට ඔබ

අත මිට ඇති දාට කවුරුත් ලගම ඇත.

Gambar
අත මිට ඇති දාට  කවුරුත්     ලගම ඇත රූ සපු ඇතිදාට එය තව    දෙගුණ වෙත මේ හැම නැතිදාට ලෝසත එරෙහි වෙත එවිටදි මෙමනු ලෝකය නම් අපිය වෙත උන්නත් හැඩට සලුපිලි    හැද සතුටින්නෙ කලකදි මෙකය වැහැරී එය වියැකෙන්නෙ එකලදි තරුණකල කළ    දේ සිහිවන්නෙ එවිටදි මෙකල සිටි     අය නෑ සලකන්න අටලෝ දහම ලොව   ඇති අනියතේ පැති පෙන්වා දෙතත්  පස්ලෝ සුර කරේ වෙති කිමදැයි මෙයට හේතුව    මම හැදින ගති මිසදිටු මගක    සැමදෙන පිය නගයි නිති

තමන් වැළපෙන දෙස බලා ………

Gambar
තමන් හිනැහෙන දෙස බලා සිනාසෙන්නට අය සිටියත්, තමන් වැළපෙන දෙස බලා සිනාසෙන්නට මිසක් වැළපෙන්නට කිසිවෙකුත් අප අසල නැත. එය ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින්ම දේශිතය. තමන්ගේ ඇසුරු කිරීම සඳහා තමන්ගේ ගුණ යහපත්කමට අනුකූල වූ මිතුරෙකු හමු නොවන්නේ නම් තමන් තනිවම වාසය කිරීම ඉතාම යහපත් බව දේශනාකොට ඇත. එහෙත් එය මැනවින් සිතෙහි දිවි ගමන තුළ හැසිරෙන නිසාම සමහර යහළු මිතුරන් අතර දිවි ගෙවා යහළුවන් සමඟ සතුටින් හිඳ දුකක් ඇති වූ සඳ තනිවම වැලපෙන්නට හේතු සාධක යෙදී ඇත. මෙය ස්වභාව ධර්මය විසින් අප සියළුම දෙනාට ලෝකයේ අනිත්‍යතාවය මැනවින් පෙන්වාදෙන්නටම නිර්මාණය කරන ලද්දකි.

ජීවිතය යනු කුමක්දැයි වටහා ගත යුතු කලදී

Gambar
මිල මුදල් තිඛෙන පලියට අත දිග හැර වියපැහැදම් කිරීම ඉතා අනුවණ ක්‍රියාවකි. බුදු රජාණන් වහන්සේ එය දිඹුල් කන්නෙකුට උපමා කොට ඇත. ඕනෑම පුද්ගයෙකුගේ ක්‍රියාකාරකම් තීරණය වන්නේ ඔහුගේ ශක්ති ප්‍රමාණය හා දැනුම මතය. එයට උදාහරණයක් ලෙස බුදුන් දවස දිවිගෙවූ කිසා ගෝතමිය හා පටාචාරා දැක්විය හැක. ඔවුන්ගේ සිහි විකල්වීමට බලපෑ කරුණු මොනවාද?

නැගිටිනු සිහලුනේ මේ සිංහල ඔබේ රට

Gambar
කතා කරන්නට කටක් තියාගෙන කෙලින් හිටගන්නට පුලුවන් කකුල් දෙකකින් යුතු කොන්දක් තියෙන තෙක් ජාතිය, ආගම වෙනුවෙන් ඕනෑම  ජා තියක කෙනෙකු කතා කළ යුතුයී. ඒ අයුක්තියට හා මිත්‍යා මතයන්ට නතු නොවෙමින්ය . ඇස් දෙක තියාගෙන ඇස් දෙක නොපෙනෙන මිනිසුන් අයුරින් කටයුතු කරන්නේ පස්කම් සැපය ගැන පමණක් සිතා තම තමන්ගේ බඩ වියත   ගැන පමණක් හිතන පුද්ගලයන්මය. ඔබ ඔබගේ සිතට එකගවම විමසා බලන්න ඔබ සතු අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය නිවැරදිද කියල. කවුරු කොහොම මොනව කීවත් යුක්තියට හැම මොහොතකම සහනය ලැබෙනු ඇත. එතෙක් ඔබ නිවැරදි ආචාර ධර්ම පද්ධතියක් සතු නම් එය මැනවින් ඇරක්සා කරන්න. එය මැනවි ඔබගේ දිවියේ සැනසුම සලසනු පිණිස.

~ ~ සිහළ පුතුණි ~ ~

Gambar
උතුමනි අගාරික අනගාරික අපගේ සිහිවෙයි ඔබේ කියුමන් ලක සැම සිතගේ සිහිඋන නමුත් බිහිකර ඇති දුදනන්ගේ නැලවෙන සිතට පණදෙන මග නොමැත හැගේ යටකර සිතේ දම් සිතුවිලි මුදලකට වටකර තිබේ කම්සැප නෙක දුකින් සිට වටකුරු ලොවේ තතු නොසොයා ඉදන් සිට විදවන හරිය ටික දොහොකින් පෙනේ මට

සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවිතේ

Gambar
සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවන මන්පෙත තුළ අසුන්දර වූ මහත් විඩාබරව ඇවිද යන්නට සිදුවන මංපෙත්ද මුන ගැසෙනු ඇත. ඒ මංපෙත් ඔබෙ මුව අබියස හිදිමින් ඔබව ඒ මාර්ගය තුළ ඇවිදවන්නට කිසිදු උත්සාහයක් ඔබ සතු මනස තුළ කිසිදු මොහොතක ඇති කරනවාද? නැහැ එය කිසිදු මොහොතක කිසිදු අයුරින් සිදු නොකරන්නක් සේම සිදු නොවන්නක් බව අප මැනවින් සිතිය යුතුයී. එසේම අපට යන්නට දිගු ගමනක් ඇති බව සිතා කෙතරම් දුෂ්කර මාර්ගයක් තුල උවත් පෙරට නොසැලී යන්නට වෙර දරන්නේ නම් එහි අවසානයේදී මනා සැනසීමක් ලද හැකිය.

නිවැරදි සතුට යනු කුමක්ද?

Gambar
සතුට යනු තමන්ට මුලින්ම මැනවින් සිදුකොට නිමා කරන්නට නොහැකි යැයි අරඹන ලද කටයුත්තක් මැනවින් සිදුකිරීමෙන් පසුව ලබන මානසික සැනසීමයි. එය අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝකයටම මැනවින් පසක් කර දෙන ලදී.      සත්හට වන නියා දුක නැහැ     කෙලවරක එනමුත් ඒ දුක නැතිකළ       යුතුමයි දිනක නැතිනම් වේ අප සැමදා      ගිනියම් පැසක දැවි දැවි පුපුරු ගහමින්          විඳවයි පවක

ඔබ දකින සිහිනය මැනවින් සැබෑ කරගත යුතු තැනැත්තා ඔබමය

Gambar
සසර මග නිතර අප ඇවිදිමින් යනෙන විට නොයෙක් බලාපොරොත්තු සිතුම් පැතුම් පොදි බඳිමින් ගමන් කරයි. එසේම ඒ දකින සිහිනයන් සැබෑ කර ගන්නට සිහිනය දකින මොහොතේ තිඛෙන වෙහෙස මහන්සිය යොදනවාද? නැහැ නේද? අප අපගේ ජීවිතය රෝස මල් යහනයක් අයුරින් නිර්මාණය කරන්නට සිතමින් උත්සහ දරනවා මෙන්ම සිහින දකිනවා. එසේම ඒ රෝස මල් යහන නැත්නම් ලස්සන ජීවිතය නිර්මාණය කිරීම  තුලදී පැන නඟින ගැටළුකාරී පරිසරය ගැනද සිහිපත් කරයි. ඒ සිහිපත් කරමින් අප හමුවට එන ගැටඑ නසන්නට නිවැරදි මග කුමක්දැයි විමසන්නට මනා වෙහෙසක් දරයි. එහෙත් ඒ දරන වෙහෙස මනසට සහ නැණසට වෙහෙස නොවන අයුරින් නිර්මාණය කරගන්නට උත්සහ දැරිය යුතුමය. එසේ නොවන්නේ නම් ප්‍රකෘති මනස සතු වන නිවැරදිව සිතීමේ ශක්තිය කෙමෙන් කෙමෙන් වියැකී ගොස් කිසිදු කාර්යක් මනා සිහි කල්පනාවෙන් කළ නොහැකි පුද්ගලයෙකු අයුරින් නිර්මාණය වනු ඇත. එවිට අපට අපගේ සිත තුල උද්දීපනය වන කිසිදු අරමණක් නිවැරදිව ඉටුකර ගැනීමට හැකි නොවනු ඇත. එසේ නම් ඒ තත්වය ඇතිකර ගත්තේ කවරුන් විසිනද? තමන් විසිනම නොවේද? අපගේ සිත තුල උපදින්නේ යම් අරමුණක්ද? ඒ අරමුණ වෙත මැනවින් පිය නගන්නට අපගේ නොසැලෙන උත්සහය පෙරටු කර ගනිමින්ම වැඩ කළ යුතුයී.

මලක් පිපෙන්නට පෙර වියැකෙන්නට යන්නේ කෙසේ ද..?

Gambar
වර්තමාන සමාජය තුළ දරු දැරියන් ආදරය කරනවා යනුවෙන් කරන්නේ කුමක්ද? කිසිදු අරමුණකින් තොර පුහුදුන් ක්‍රියාවකි. එනම් මොවුන් සිදුකරන්නේ නොයෙකුත් ඉඳුරන් පිනවීමේ කාමාශාවන් පසුපස හඹා යෑමකි. නැතහොත් කාමාතුරයන්ගේ අසීමිත ආශාවන්ට ගොදුරුවීමකි. එම ආශාවන් විඳගන්නට හැකිතාක් කල් එම ආදර සබඳතාවයන් පවතිනු ඇත. නමුත් වැඩිහිටියන් දැනගත් පසු හෝ වෙනත් ඛේදණීය ඉරණමකින්  මෙම ආදර කතාවන් නිමාවනු ඇත. දුවේ, පුතේ, ඔබ ඔබගේ සිත තුළින් ම අවංකවම විමසා බලන්න,

කෝප වී සිතේ ප්‍රකෘති ස්වභාවය වනසාලන්නා

Gambar
අප දිවිගෙවන කාල පරාසය තුළදී නොයෙකුත් ගැටළු සහගත මානසිකත්වයන් අප හමුවේ ගොඩනැගෙයි. ඒ ගොඩනැගෙන සෑම මොහොතකම කිසිදු අරමුණකින් තොරව අප කෝපයට පත්වන්නේ නම් එතනදී අපගේ චින්තන ශක්තිය සහමුලින්ම වියැකී යන්නේය. එයට හේතුව මන්දයත්? අප සියලූම දෙනා සෑම කාර්යයක් කරන්නටම මූලික අඩිතාලම සකසා ගනු ලබන එකම ආයුධය වනුයේ සිතයි. එවැනි බලගතු වෙන කිසිදු විද්‍යාඥයකු විසින් මුළු විශ්වය තුලින්ම තවමත් සොයාගෙන නොමැත. එහෙත් ඒ පිළිබඳව තුන් ලෝකයටම අසහාය ඇසක් බඳු වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් මැනවින් දේශනාකර ඇත. අප හමුවට නොයෙකුත්  අවස්ථාවන් තුළදී නොයෙක් ගැටළු පැන නැගුනත් ඒ ගැටළු හමුවේ අප කෝපවිය යුතුද? නැත කිසිදු මොහොතක කෝපවිය යුතු නැත. එයට හේතුව නම් ඒ ගැටළුව සමඟම පිළිතුර ඇති නිසාවෙනි. බුදුන් මග යන පිරිසක් අයුරින් හැඩගැසෙනා අප උන් වහන්සේගේ දහමට අනුකූලව කටයුතු කරන්නේ නම් කිසිදු මොහොතක කෝපවිය යුතු නැත. බුදුන් වහන්සේ හමුවට නොයෙකුත් දුනුවායන් මෙන්ම නාලාගිරි ඇතු හා දෙව්දත් පැමිණ නොයෙකත් තාඩන පීඩන කරන්නට කෙතරම් උත්සාහ දැරුවාද? එහෙත් ඒ උත්සාහයන් ඔවුන්ට සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුනාද? නැහැ, ඇයි ඒ? බුදුන් වහන්සේ කිසිදු

කෙනෙකු ශිෂ්ඨාචාරයෙන් ඉහළව උපන්නත්

Gambar
මනුෂ්‍යයා සතුව ලෝකයේ ඉහළම ශිෂ්ඨාචාරයක් පවතී. එහෙත් එයට අනුකූලව කටයුතු කරන ප්‍රමාණය තුළ නොයෙකුත් අඩු ලූහුඩුකම් සිදුවීම නිසා වැරදි කරන්නට පෙළඹෙන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ගෙල තුළ රත්තරනින් මෙන්ම මැණික්වලින් හා දියමන්ති වලින් කරවන ලද ආභරණයක් දිලෙන විට මතකයේ තියෙන තාක්කල් එය රැකගැනීමේ මහත් පරිශ්‍රමයක එය පැළදූ තැනැත්තා නියැලෙයි. එසේම එය නැති වුනහොත් එය නැවත ලබා ගැනීමේ පරිශ්‍රමයක් තුළද බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙයි. එසේම එය තමන් විසින් කරන ලද යම් අකටයුත්තක් නිසා පළුදු වුවහොත් එය නැවත තිබුණ අයුරින්ම නිර්මාණය කරන්නට තවත් වෙහෙස මහන්සි වෙයි. නමුත් ඒ අයුරින්ම   තිබී අන්සතු වූ මනුෂ්‍ය ගුණධර්ම දැක ගැනීමට හෝ එය යම් යම් අවස්ථා තුළදී තමන්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා කඩතොලූ වුවහොත් නැවත සකස් කරගන්නට ඇති හැකියාව තිබුනත් ඒ වරද තමන් විසින් සිදුකලා යැයි සෑම මොහොතකම මතකයේ රැඳී පවතී.

ජිවිතය පටන් ගන්න නම් බාධකයක් තිබිය යුතුයි

Gambar
සංසාරය නැමති සාගරයේ ඒ මේ අත පිහිනමින් සිටින අප සැවොම ඉන් එතෙර වන්නට කෙතරම් වෙහෙසක් දරන්නේදැයි අපගේ මනසින් විමසන කල්හි සුදුසු පිළිතුරක් ලද හැකිය. එහෙත් ඒ වෙහෙස අපගේ ජීවිතය කෙතරම් සාර්ථකව නිර්මාණය කරන්නේද? කෙතරම් නිර්මාණය කරන්නේද ?අප අපගෙන්ම විමසා නැණසින් වටහා ගෙන මේ ගමන නිවැරදිව ගමන් කරන්නට වෙහෙස විය යුත්තේ  මන්ද යත්? අපගේ ගමන් මග තුළ නොයෙකුත් බාධක හමුෙවි සැලෙන්නට සිදුවන නිසාවෙනි. බොහෝ පිරිසක් තමන් යන ගමන් මග තුළ කවර හෝ ගැටළුවක් පැන නැගෙන සෑම මොහොතකම සිදු කරන එකම කාර්යය කුමක්ද? ගැටළුව සමීපයට වී මම මේ ගැටළුව නිරාකරණය කර ගන්නේ කෙසේදැයි විමසන එකද? එසේත් නැතිනම් ඒ ගැටළුව හමුෙවි නොයෙක් සන්තාපයට පත් වී තව තවත් තමන්ගේ මනසේ ක්‍රියාකාරකම අඩපණ කරන එකද? අප එවැනි තත්වයකට මුහුණ පා තිඛෙන්නේ ඇයි? එයට හේතුව කුමක්ද? 

ඔබ මැනවින් නිමවෙන්නට නම්

Gambar
මේ ලෝකයේ මුලාවට පත්වූ සියලූම සත්වයන්ට සත්‍යය කුමක් ද? යන වග පහදා දෙන ලද්දේ අපවැනි මිනිසකුව උපත ලද පුද්ගලයෙකි. නමුත් ඒ මහා පුරුෂයාට මෙයයි සත්‍යය, මෙයයි අසත්‍යය යන වග හෙළිකරදෙන්නට කිසිවකුත් නොසිටියේය. ඔහු තනිවම සියලූ සත්‍යයන් අවබෝධ කොටගෙන බුද්ධත්වයට පත්ව දුක්විඳි ලෝක සත්වයාටම සැනසීම කුමක්ද යන වග පහදා දී ලෝකයේ දිවි ගෙවූ දුප්පත්, පොහොසත්, කුළීන, කුළහීන සෑම කෙනෙකුටම විමුක්තිය උදාකර දුන්නේ නම්, ඔබට නිවැරදි මග කුමක්දැයි හෙළි කරන්නට, පෙන්වාදෙන්නට නියමුවන් සිටියදීත් ඒ මග නොදැක නොමග ගොස් දුක් විඳින්නට උත්සාහ කරනවාද? එසේත් නැතිනම් සැප සම්පත් විඳින්නට මං පෙත් විවර කරගන්නවාද? මෙය අප සෑම දෙනෙකු විසින්ම මැනවින් විමසිය යුතු කරුණක්ව පවතී. මේ කාරණය නොසිතන නිසාවෙන් අද අප රට තුළ විවිධාකාරයේ ගැටළු පැන නැගී ඇත.

ඔබ සතු සෘණාත්ම්ක සිතුවිලි තුළම නියැලෙන්නේ නම්

Gambar
ඔබට සමාජය තුළ යම් මට්ටමකට පත්විය නොහැකියැයී නොසිතන්න. ඒ මන්ද ඔබේ මානසිකත්වය එතනින් එහාට කිසිදු මොහොතක එසේ සිතූ පසු රෑගෙන යන්නට නොහැකිවන නිසාවෙනි. ඔබව සමාජය තුළින් කිසිදු පිළි ගැනීමකට පත්නොවන්නෙකු යැයී ඔබ නොසිතන්න. ඔබ හැම මොහොතකම සිතන්න මම අනිත් අයට වටින්නෙ නැති උනාට මට වටිනව. එසේම ඒ පුද්ගලයන් නොදන්නා කුමන හෝ යමක් මා දනිමි යනුවෙන්. එවිට ඔබ සතු සෘණාත්මක මානසික චින්තනය මග හෑරී ධනාත්මක සිතුවිලි නිර්මාණය වනු ඇත.

නොමැතිය දෙමාපිය හදවත් ඇරුනේ

Gambar
ගහකොළ අහස නිල් නෙතු අග      ගැටුනමුද  මව්පියො කරපු වරදින් මම          මෙතන අද.  ඒ ගැන සිතුනමුදු කිරිකැටි                බිලිදු හද. නොමැතිය දෙමාපිය හදවත්        ඇරුනෙ අද. වෙනස්වන ලෝකයක් තුළ දිවිගෙ වන්නා වූ අප සියලුම දෙනා කිසිදු මොහොතක නොවෙනස්වන්නේ යැයි සිතින් මවාගත් මායා ලෝකයක් තුළ එහෙ මෙහෙ අතගාමින් අන්ද මන්දව ඇවිදිති. ඒ ඇවිදිම තුළ ඔවුනොවුන්ට කිසිදු අවබෝධයක් ලබාගත නොහැකි වන්නේ ගතානුගතික මානසිකත්වයක නියැලෙන නිසාවෙන් බව ඔවුන් කිසිදු මොහොතක පිළිනොගනී. එය පිලිගන්නා දවසට ඔබ යායුතු දුක්ඛිත අන්ත අසරණ තත්වයට පත්වී හමාරය. නිදහස් හා නිවහල් මානසිකත්වයක් ඔබගේ අනාගතය වෙනුවෙන් ඔබට නිමවාගත යුතු නම් එය ඔබ විසින්ම තනිවම නිමවා ගත යුතුවා මිසක් ඔබ අසල ඇති තවෙකෙකු තුළින් එය නිමවාගත නොහැකිවනු ඇත.

ලෝකය දකින්න, ලෝකය ගැන කතා කරන්න

Gambar
ලෝකය දකින්න, ලෝකය ගැන කතා කරන්න වගේම ලෝකය ගැන අහන්න ආශා කරන උදවිය කෙතරම් නම් මේ ලෝකය තුළ හිදිනවාද? එහෙත් ඒ අයට මේ ලෝකය දෙස දකින්නටත් කතා කරන්නටත් මේ ලෝකය ගැන අසන්නටත් වරම් නොලැබෙන කල නෙතට මෙන්ම සිතටද කෙතරම් දුකක් හා පීඩාවක් දැනෙනවාද යන වග වැටහෙන්නේ මේ ලෝකයේ කෙතරම් සීමිත පිරිසකටද?

පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ සිතුවිලි

Gambar
පිරිමියා නිතරම ආහාර ලුහු බදින්නා හා ජීවිතාරක්සකයා ලෙස කටයුතු කිරීම සදාහා ඔහුගේ මොළය නිර්මාණය වී ඇත. එසේම ගැහැනිය දරුවන් වදන්නී හා ඔවුන් පෝසණය කරමින් ආරක්සකයා ලෙස නිවස තුළ රෑදී සිටින්නියක් අයුරින් ඇයගේ මොළයේ ක්‍රියා කාරිත්ය නිමැවී ඇත. එහෙත් මෙය තේරුම් ගෙන කටයුතු නොකරන නිසා නූතන සමාජය තුළ දිවි ගෙවන්නවුන්ගේ මානසිකත්වය තුළ නොයෙකුත් මානසික පීඩනයන් නිමැවී ඇත. බොහෝ පිරිමි ප්‍රමාණයක් සිතගෙන සිටිනුයේ තමන්ගේ නිවැරදිව සිතන මානසිකත්වය අවුල් සහගත තත්වයකට පත් කරන ඇල්කොහොල් පරිහරණය කළ නිසාම ගැහැනුන් තම තමන්ගේ වසගයට නතු වෙයි යනුවෙනි. එහෙත් එය පුහු මානසිකත්වයකි.එසේම කාන්තාවන් සිතගෙන සිටින්නේ ස්වකීය ශාරීරික අවයවයන්ගේ දෘස්ඨිය තුලින් හා බුද්ධිය තුළින් සියලුම පිරිමින් වසගයට පත් කළ හැකි බවයී. නැහැ මේ කියන සෑම අදහසක්ම වැරදි අදහස් බව ජීව විද්‍යාත්මක සාධක තුළින් හෙලි කර ඇත. එහෙනම් ඒ කවර කරුණුද?

ඔබ ධාර්මිකව ජීවත්වන තාක්කල්

Gambar
ඔබ ධාර්මිකව ජීවත්වන තාක්කල් ඔබට නිවැරදි සතුටින් පිරි දිවියක් ගතකළ හැකිය. ඔබගේ පිහිට පිණිස සිටින්නේ ඔබම පමණි. එය අප මේ අයුරින් දත යුතුය. තමහට පිහිට තමන්මය. තමන්ට පිළිසරණත් තමන්මය. එය මැනවින් දැන අශ්ව වෙළෙන්දෙකු යහපත් අශ්වයෙකු සුරකින අයුරින් තමාද සුරෑකිය යුතුයී.

ඔබට අහිමි වූයේ ශාරීරික අවයව පමණි

Gambar
ඔබට අහිමිවූවේ ශාරීරික අවයව පමණි. ඔබ සතුව මානස හා නැනස ඔබට අවැසි අයුරින් කටයුතු කලහැකි අයුරින් පිහිටා ඇත. එය ඔබ උපයෝගී කරගනිමින් මනා දිවියක් වෙතට යන්න වෙර දරන්න. ඔබට අහිමි වූ සියල්ල නැවත ඒ උත්සහය තුළින් ලදහැකි බව තරයේම ඔබේ සිතතුළ ගැබ්කර තබන්න. ඒ තුළම දිවි හසුරවන්න. එය ඔබට යහපතකම සිදුකරනු ඇත. ඔබ සිතන්නේ යමක්ද? පතන්නේ යමක්ද? එය ඉටු කර ගන්නට ඔබ අනුගමනය කරන්නේ කවර නම් ක්‍රියාමාර්ගයක්ද? ඔබ උපතින්ම මේ තත්වයන් තුළ සිටින්නේ යැයී සිතන්න.

කෝපවී සිතේ ප්‍රකෘති ස්වභාවය වනසාලන්නේ නම්

Gambar
අප දිවිගෙවන කාල පරාසය තුළදී නොයෙකුත් ගැටළු සහගත මානසිකත්වයන් අප හමුෙවි ගොඩනැගෙයි. ඒ ගොඩනැගෙන සෑම මොහොතකම කිසිදු අරමුණකින් තොරව අප කෝපයට පත්වන්නේ නම් එතනදී අපගේ චින්තන ශක්තිය සහමුලින්ම වියැකී යන්නේය. එයට හේතුව මන්දයත්? අප සියලූම දෙනා සෑම කාර්යයක් කරන්නටම මූලික අඩිතාලම සකසා ගනු ලබන එකම ආයුධය වනුයේ සිතයි. එවැනි බලගතු වෙන කිසිදු විද්‍යාඥයකු විසින් මුළු විශ්වය තුලින්ම තවමත් සොයාගෙන නොමැත. එහෙත් ඒ පිළිබඳව තුන් ලෝකයටම අසහාය ඇසක් බඳු වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් මැනවින් දේශනාකර ඇත. අප හමුවට නොයෙකුත්  අවස්ථාවන් තුළදී නොයෙක් ගැටළු පැන නැඟුනත් ඒ ගැටළු හමුෙවි අප කෝපවිය යුතුද? නැත කිසිදු මොහොතක කෝපවිය යුතු නැත. එයට හේතුව නම් ඒ ගැටළුව සමඟම පිළිතුර ඇති නිසාවෙනි. බුදුන් මග යන පිරිසක් අයුරින් හැඩගැසෙනා අප උන් වහන්සේගේ දහමට අනුකූලව කටයුතු කරන්නේ නම් කිසිදු මොහොතක කෝපවිය යුතු නැත. බුදුන් වහන්සේ හමුවට නොයෙකුත් දුනුවායන් මෙන්ම නාලාගිරි ඇතු හා දෙව්දත් පැමිණ නොයෙකත් තාඩන පීඩන කරන්නට කෙතරම් උත්සාහ දැරුවාද? එහෙත් ඒ උත්සාහයන් ඔවුන්ට සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුනාද? නැහැ, ඇයි ඒ? බුදුන් වහන්සේ

ඔබ සතු චිත්තවේගික හැගීම් පිටකර ගන්නේ කෙලෙසද?

Gambar
ඔබ සතු චිත්තවේගික හැගීම් පාලනය කර ගැනීමේදි අනුගමනය කරන ක්‍රියාවන් මොනවාද? පිරිමියාට සහ ස්ත්‍රියට මෙය දෙයාකාරයකින් බලපානු ඇත.බොහෝ පිරිමින්ට සිත් තැවුලක් පැමිණි සද කරන්නේ 90%ක්ම මත්ද්‍රව්‍ය පරිහරනය කිරිම හෝ නිහඩව සිටීමය. මෙය මිනිසාගේ ආරම්භයේ පටන්ම සිදුවුන කාර්‍ය්යකි. එසේත් නැත්නම් එම ගැටලුව නිර්මාණය කළ පුද්ගලයා සොයගෙන ගොස් ඔහු විනාශ කරන්නද පෙලබෙනු ඇත.