Postingan

Menampilkan postingan dari Februari, 2012

ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය

Gambar
ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය දුර්වල කරනු වස් මත් ද්‍රව්‍ය ලක්දිවට ගෙන්වන ලදි. එහෙත් එය වටහා ගන්නට නොහැකි මොඩයින්  වැනි ලක්දිව මිනිස් සන්හතියම එයින් ඇතිවන අන්තගාමි තත්වය මැනවින් දැනහැදින එයම සිදු කරමින් ස්වකීය මානසිකත්වය හා නැණස දුර්වල කර ගෙන නොයෙකුත් දුරාචාරයන්ට නතුව කටයුතු කරමින් ස්වකීය විමුක්තිය දුර්මුක්තියක් බවට පත් කරගෙන ඇත. එයට වගකිව යුත්තේ ඔබම බව ඔබේ නැනසින් හා මනසින් මැනවින් වටහාගෙන කටයුතු කරන තාක්කල් ඔබට විදින්නට සිදු වන්නේ මන්ද මානසිකත්වයෙන් යුතු උන්මත්තකයෙකුම අයුරින් මිසක් යහපත් මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකු අයුරින් නම් නොවෙ. ඔබට යහපත් චින්තන ශක්තියක් ඔබේ උත්පත්තියෙන්ම හිමිවී ඇත. එහෙත් අද මේ වන විට ඒ චින්තන ශක්තිය විනාශයට පත් වී ඇත. ඒ කවරාකාරයෙන්ද යන වග අප මෙ අයුරින් විමසා බලමු.

අප සියල්ලෝම අපගේ සාර්ථකත්වයට

Gambar
අප සියල්ලෝම අපගේ සාර්ථකත්වයට විසදුම් සොයන්නට කටයුතු කිරීමේදී බොහෝ සෙයින් අසාර්ථක වනු ඇත. එහෙත් අපගේ අසාර්තකත්වයට පත්වීමට අප කිසිදු කාර්‍ය්යක නොනියැලෙයි. අප හැම මොහොතකම සොයන්නේ අපගේ දිවියට මානසික හා කයික සැනසීම පමණයී. ඒ සැනසීම මුලුමහත් ජීවිත කාලය තුළම විදින්නට ඇත්නම් කෙතරම් අගනේද? යන අදහසට කිසිවෙකුත් පත් නොවෙයී. එහෙත් අප මේ මැරි මැරී උපදිමින් ගෙවන මේ ජීවිතය තුළ සැබෑ සැනසීමක් සෑම මොහොතකම විදින්නට ඇත්නම් එයාපගේ මුලුමහත් මිනිස් ජාතියටටම සැනසීමකී.

අඳුරු වළාවක් දෙස බලන්නට කැමැත්තේ කවුරැන්ද?

Gambar
අදුරු වළාකුලු ඇති අහස දෙස බලන්නට කවරෙකු නම් කැමති වන්නේ ද.? කිසිවෙකුත් කැමති නොවෙයී. ඒ මන්ද යත්..? අදුරු අහසේ තරු හෝ තරුකා කිසිවක් නොපෙනෙන නිසාවෙනි. එහෙත් හද පායන වෙලවට හද පමනක් ඇත්නම් ඒ දෙස බලන්නටද එතරම් ප්‍රියක් නූපදී. එහෙත් ඒ සද අවට තරු ඇත්නම් අප සියල්ලෝම ඒ දෙස බලා සිතන්නට මෙන්ම කටයුතු කරන්නටමහත් වෙහෙසක් දරයී. එසේම ඒ දෙස බලා හිදිනුයේ මනා උවමනාවකින් යුතුවමය. එලෙසම අපේ ජීවිතඩහ ආලෝකමත් කරන්නට වෙහෙස විය යුතුයී. ප්‍රතමයෙන් අපෙ ජීවිතය මැනවින් ආලෝකමත් කරගෙන එය ආලෝකමත් කල අයුරු අන්‍යන්ට පැහැදිලි කරදී ඒ අයගේද ජීවිතද ඒ අයුරින් නිර්මාණය කරන්නට වෙහෙස විය යුතුය. එවිට අපවටා බොහෝ පිරිසක් ඒකරාශී වනු ඇත. ඒ කෙසේද යත්..? සද වටා එකතු වන තරු මෙන්ය. එවිට ඒ පිරිස අතරෙන් සමාජයට තවත් උපකාරයක් කරන්නට පිරිසක් බිහි වනු ඇත. එවිට තමන් යන මගට බොහෝ ගැටලු ඇති නිර්මාණය වනු ඇත. නින්දා අපවාද මෙන්ම තාඩන පීඩන නොයෙක් අයුරින් අප කරා එනු ඇත. එවිට අප නොසැලිය යුතුය. ප්‍රශංසාව අප වෙත පැමිණෙනු ඇත. එවිටද අප නොසැලිය යුතුය. එයට හේතුව මන්දයත්..? තමන්ට ප්‍රශංසා කරන කෙනාම නැවත තමාට අප්‍රශංසා කරන්නට පෙලබෙනු ඇත. එසෙම නින්දා කරන ක

සැනසුම සතුට පිරි දිවියක අරුත සොයා

Gambar
සැනසුම සතුට පිරි දිවියක අරුත              සොයා වැනසෙන මගට පිය නොමනිනු මැනවි       ඔයා දෙනයන වෙතට නැණයන ගෙන මනස      අයා සිත යන සියලු තැන විමසනු මැනවි           කයා දුටු දුටු රූප වෙත දිව යන සිතග                 අනේ රෑකුමට වෙහෙස ගෙනැවිත් නැණසකින්    මනේ සිටියොත් යෙහෙකි සතුටකි මුලු දිවිය        අනේ නැත්නම් එහෙම මහ විපතකි සසර            වනේ ලෝසත වසයී සිතු පැතු දේ               පස යනවා කරනා කියන කිසිවක් නොම             විමසනවා යහපත අයහපත ගැන නොම            සලකනවා එකළදි ලොවේ අනිසිම ඵල                විදවනවා

කම්සැප විදිය යුත්තේ ණයක් ගත්තා යැයි සිතමිනි

Gambar
අපගේ දිවිය තුළ අප වෙත එළඹෙන සෑම මොහොතක්ම අප සතුටින් දිවි ගෙවන්නට කැමති නිසාම අප සතු පසිඳුරන් පිනවන්නට පෙළඹෙයි. ඇසට ප‍්‍රියකරන රූපයක් ඇස ගැටෙන්නේ යම් මොහොතකද? ඒ දෙස බලා එය තමන් සතු කර ගැනීමේ මහත් වෙහෙසක යෙදෙයි. කනට මිහිරි හඬක් ඇසෙන්නේද ඒ හඬ නැවත නැවත අසන්නට සහ තමන් සතු කර ගැනීමට පෙළඹෙයි. නාසයට යම් ප‍්‍රිය ගන්ධයක් දැනුන විට හැම මොහොතකම එය නැවත නැවත විඳින්නට මෙන්ම එය තමන් සතු කර ගැනීමට මහත් වෙහෙසක් දරයි. දිවට යම් රසයක් දැනෙයිද ඒ මොහොතේ පටන් නිතරම ඒ රසය භුක්ති විඳින්නට පෙරුම් පුරයි. එසේම අපගේ ශරීරයට යම් සුව පහසු ස්පර්ශයක් දැනෙන්නේ යම් මොහොතකද හය නැවත නැවත විඳින්නට මෙන්ම එය සැමදා තමන් සතු කරගෙන දිවිගෙවන්නට මහා වෙහෙස මහන්සියක් දරයි. මේ අයුරින් අප සතු මේ සියලූම ඉඳුරන්ට ගොදුරුවන සෑම ප‍්‍රිය අරමුණක් කෙරෙහිම නියැලෙනු ඇත. එහෙත් එය ඒ අයුරින් අප‍්‍රිය අරමුණු වලට ගොදුරු වන සඳ ඒ කෙරෙහිම නියැලෙන්නේ නැහැ නේද? අපගේ නෙතට අප‍්‍රිය කර රුවක් ඇති අංගවිකල ස්ත‍්‍රි රූපයක් හෝ මහත් කුෂ්ඨ රෝගයකින් පීඩිත ස්වභාවයට පත් වී දුගද හමන ස්ත‍්‍රි රූපයක් හෝ සුනක රූපයක් නෙත ගැටුනු සඳ අප පළමුව ප‍්‍රිය දසුනක් නෙත ගැටුනු

අප අපගේ අනාගතය වෙනුවෙන්

Gambar
wm ish¨u fokdg fkdfhl=;a wjia:djka ;=<oS fkdfhl=;a .eg¿ j,g uqyqKmdkakg fukau ta uqyqK mdk wjia:djka ;=<oS fkdfhl=;a wmyiq;djhkago ,lajkakg isÿjkq we;' tfy;a wm ta wjia:djka j,oS wmg ta .eg¿ we;sjkakg uQ,sl fya;=j l=ulao hk j. wmf.a keKiska úuid n,kafka keye fkao@ nqÿka jykafia úiska m%:ufhka foaYKd l< oïila mej;=ï iQ;%h ;=,ska foaYkd lrk ,oafoa l=ulao@ wm i;=jk iEu .eg¿jlgu fya;=jla we;s nj;a ta .eg¿jg úi÷u tu .eg¿j we;sjqkq fya;=j i;=ju we;s njhs' tkï wm ta .ek uekúka nqÿka jykafia úiska foaYs; oyug wkqj úuid n,uq'

අප ඉදිරියෙහි බාධකයක් ඇත්නම්

Gambar
wm ish¿u fokd hk .uka u. ;=< fkdfhla ndOl lïlfgd¿ weisrS we;' ta ndOl yuqfúoS wm ta jgd weúoskakg .shfyd;a wm miqmiska tk ;eke;a;d ta ndOlhg Wäka mekf.dia wmf.a oskqï lKqj lrd msh ukskq we;' tfy;a Tyqg m%:u ;uka hd hq;= kï ndOlh <Õ kej;S tfoi n,d ys|skakg fkdj ta jgd .uka lrkakg fyda lghq;= fkdl, hq;=hs' wm t;koS wmf.a ukig wjeis ish¿ Yla;sh uekúka keKfia Wmldrfhka f.k iqjmyiq isrerlska ndOlh Wäka mek fmrg hd hq;=hs'

ගීතය වනාහී ආර්‍යය විනයෙහී හැඩීමකි

Gambar
රුණ්ණමිදං භික්ඛවේ අරියස්ස විනයේ යදිදං ගීතං. " ගීතය වනාහී ආර්‍යය විනයෙහී හැඩීමකි " ලබන ලද මනුස්ස ජීවිතය තුළින් ඔබ ඔබට මෙන්ම අන්‍යය සත්වයින්ටද මහගු සේවයක් කරන්නට වෙර දරන්නේ නම් මේ සසර කතරින් එතෙර වන්නට එය මහගු කාර්‍ය්යක් බව ලොව සියල්ලෝම ඒ ගැන ප්‍රසං සාත්මක මුඛයෙන් කතා කරන්නට වැඩිමනක්ම නොවෙහෙසෙයී. එහෙත් ඔබ මුළු මහත් සමාජයටම පිළිලයක් වන අයුරින් කටයුතු කරයි නම් ඒ ගැන දෝෂාරෝපණය  කරන්නට තවත් බොහෝ පිරිසක් වෙහෙස දරයී.

ඔබ ශාරීරිකව දුර්වල වූවායැයී සිතා

Gambar
ඔබ ඔබේ ශාරීරික දුර්වලතාවයන් හමුවේ මානසිකවද දුර්වල වන්නේ නම් ඔබේ මුලු මහත් දිවියම දුර්වල වනු ඇත. එහෙත් ඔබේ දුර්වලතාවය මැනවින් ඔබ තේරුම් ගෙන කටයුතු කරන්නට පෙළබෙන්නේ නම් ඒ තුළින් ඔබට මහට් දිගු ගමන්ක් යන්නට හැකි බව මෙම නික් නැමති ශාරීරික දුර්වලතාවයෙන් යුතු පුද්ගලායා අපට පසක් කර හමාරය. ලෝකය තුළ අප ජීවත්වන විට අපට යන්නට මාර්ගය නිර්මාණය කර දෙන්නේ අසල් වැසියන් හෝ මිතුරන් නොවේ. ස්වකීය මානසික දියුණුවමයී. ඒ මානසික දියුණුව ඔබ මැනවින් ඔබ තුළින්ම නිර්මාණය කර ගන්නට වෙර දරන්න. ඔබ හැම මොහොතකම වෙර දැරිය යුත්තේ අද, හෙට හා අනිද්දා යන දිනයන්හීදී ජීවත් වීමට සුදුසු පාරිසරික වටපිටාවක් නිර්මාණය කරගැනීම නම් නොවේ.

ධර්මය වනාහි නුවණැතියන්ට පමණි..

Gambar
බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා විසින් අවබෝධ කරගනු ලැබුවා වූ චතු (සතරයි) අරිය (උතුම්) සච්ච (ඇත්තයී). මෙය පාලි භාෂා වට අනුකූලව නිර්වචනය කරන ලදි. තුන් ලෝකයේ ම දුක සහ සතුට එක ලෙසම හැම මොහොතකම නොවිදිමින් ජීවත්වන සත්වයන්ගේ  ඒ දුක සහ සතුට ඒ අයුරින්ම නොපවතින්නට මූලිකම හේතුව කුමක්දැයී මැනවින් දැන හැදින දේ ශනා කරන්නට කල්ප සියදහස් ගනනක් මුළුල්ලේ  පාරමීදම් පුරා  තුන්ලොව උතුරවා ලොව්තුරා බුද්ධ රාජ්‍යට පත්ව එය තුන් ලෝකයටම  පසක් කර දෙන ලදි. ඒ කෙසේ ද යත්...? දුක්ඛාර්‍ය් සත්‍ය                                 =               දුක දුක්ඛ සමුදයා‍ය්ර්‍ සත්‍ය                      =                දුක ඇතිවීමට හේතුව දුක්ඛ නිරෝදාර්‍ය් සත්‍ය                     =                 දුක නැති කිරීම. දුක්ඛ නිරෝදගාමිනි පටිපදාර්‍ය් සත්‍ය =                දුක නැති කිරීමේ මාර්ගය. මේ අනුව නැණසින් විමසන කල අපට පසක් වනුයේ මෙය බුදු දහමේ මූලිකම හරයයී. එනම් සෑම ගැටලුවක්ම විසදන මොහොතක අනුගමනය කලයුතු පිලිවෙල මේ තුල මැනවින් පෙන්වා දී ඇත. එනම්...? ප්‍රශ්ණය ප්‍රශ්ණයට හේතුව. ප්‍රශ්ණය වීසදීම. ප්‍රශ්ණය

අප සියලුම දෙනාට යන්නට බොහෝ

Gambar
අප සියලුම දෙනාට  යන්නට බොහෝ දුර ගමනක් ඇත. ඒ  ගමන යන්නට නම් අප සියලුම දෙනා මැනවින් අධිෂ්ටානයෙන්  යුතුව කටයුතු කල යුතුය. එසෙ නොඋන සද අපට අපෙ මුලු ජිවිතයම අකලයේ  විනාශ  වෙන දෙස දුකින් සහ තරහකින් යුතුව බල සිටින්නට සිදු වේ. නමුත් අප සියලුම දෙන කමති වන්නේ අපේ ජීවිතය විනස වන දෙස බල හිදින්නටද.....? නැත්නම් අපේ  ජීවිතය ලස්සන මල් මල් පිරුනු අනගතයක් ලෙස ගත කරන්ව දකින්නටද...? අප සියලුම දෙනා හැම මොහොතකම උත්සහ කරන්නෙ අපෙ ජිවිතය ලස්සනට ගෙවෙනව දකින්නටම නේද...? එසෙ නම් අප මන්වින් සිහි කලපනවෙන් යුතුව කටයුතු කරමු.. එලෙස කටයුතු කරන්නට මනස සකස් කර ගන්නා ඔබට තෙරුවන් සරනයී...

අප කිසිදු උවදුරකින් තොරව

Gambar
අප කිසිදු උවදුරකින් තොරව සිංහයකු  මෙන් නැගී සිටින්නේ නම් අප අසල හැම කෙනෙක්ම දිවි ගෙවයී. එහෙත් අප හිවලෙකු මෙන් පසු බසින්නේ නම් කිසිවෙකු අප අසලට නොයෙන්නාක් මෙන් අප දෙස මන විමසිල්ලකින් යුතුව නොබලයී. මෙය ලෝකයේ ස්වභාවයයී. ජීවිතය නැමති නෞකාව පදවන විට අපගේ දිවිය වෙතට එන බාදක අයුරින්ම රල පහරවල් මහා වේගයෙන් හැපෙයී. ඒ රල පහරවල් ගෙටෙන විට අප වැටිය යුතුද? නැහැ අප එවිට නොසැලී ඉදිරියටම යා යුතුයී. අප සියලුම දෙන බල පොරොත්තු වන එකම සැනසීම නම් කුමක්ද? ජීවිතයේ හැම මොහොතකම සතුටින් ජීවත වීමටම නොවෙද? එහෙමමයී. එහෙත් ඒ සතුට විදින්නට කැමති වන අප එය ලබා ගැනීමේ සහ විද ගැනීමේ අභිලාශයෙන් කුමක්ද මේ සිද්ද කරන්නේ..? සතුටම ලැබෙන කටයුතුද? එසේත් නැති නම් දුක තව තවත් වැඩිවන කටයුතුම නොවෙද? සැප සැප යැයි නිතරම හඩ ගා කියමින් අප දුකම පමන්යී වැලදගෙන තියෙන්නේ. දැන්වත් අප මේ අදුරු ගුහාවෙන එලියට ඇවිත් සැබෑ ලෝකය දිහා මනා විමසිල්ලෙන් යුතුව බලමු. එවිට මේ නිවැරදි සත්‍ය නොපෙනෙන දෑස් දැල් වේවී.

අනුන්ගේ නින්දා අපහාසයන් හමුවේ

Gambar
අනුන්ගේ නින්දා අපහාසයන් හමුවේ අප අධෛර්යමත් විය යුතු නැත. අප සියල්ලෝම අනුන්ගේ ගැරහුම් හා නින්දා අපහාස හමුවේදී නොසැලෙන ධෛර්යකින් යුතුව පෙරට යා යුතුය. කුමක් මෙන්දයත් යටිකුරු කරන ලද ගිනිහුල කිසිදු මොහොතක ඒ අයුරින්ම නොපැවතී උඩුකුරු වන්නේය. එපරිද්දෙන්ම දුදනන් සමග එකට කටයුතු කලත් ඔවුන්ට මැනවින් ගරු බුහුමන් කලත් ඔවුන් උත්පත්තියෙන්ම උරුමකරගත් දුදන ගති පැවතුම් වනසාලන්නට නොහැකිය. කුමක් මෙන්ද යත්..? අමුර්තය ඉස්සත් විස සහිත ගසේ හට ගන්නා ගෙඩි සියල්ලම විස ඇතුවම ඵල දරන්නාක් මෙනි. මේ සියලු කරුනු මැනවින් දැන හැදින මනාව සිත්තම් කරන සිත්තරෙකු විසින් මට සිලිටු වූ සිතුවම් පුවරුවක් තුල මැනවින් සිතුවම් කරයිද..? කදු හෙල් ඇල දොල ගන්ගා මේ සියල්ලක්ම සැබෑ ස්වරූපයෙන්ම මවා පාන්නේ නම් ඔහු මනා හැකියාවකින් යුතු සිතුවම් කරුවෙකු මිසක් නාමික සිතුවම් කරුවෙක් නොවේ.එ ලෙසමය දක්ෂයා තමා සතු වූ දක්ෂ තාවය නිසාම නැති දෙය වුවත් ඇති අයුරින් මවාපාන්නට කටයුතු කරයී. එය  සැබෑ දක්ෂ තාවය යී. ජීවිතය මැනවින් රෝපනය කරන්නට නම් අනුන්ගේ දෝෂා රෝපනයන්ට හෝ ගැරහුම් නින්දා අපවාදයන්ට හිත කලකිරෙන පුද්ගලයෙකු නොවිය යුතුයී. ඒ මන්දයත් ප

ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන්

Gambar
ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන් සිංහල ජාතියට ආවෙනික වූ සිරිත් විරිත් වලින් අනිත් ජාතීන්ට වඩා පරිපූර්ණ වූ සහ කිසිවෙකුට හෙලා නොදැකිය හැකි සංස්කෘතියක් ඇත. එහෙත් එයට පරිබාහිරව සිංහල ජාතිකයන් කටයුතු කරන නිසාම නොයෙකුත් ගැටලු සහගත තත්වයන්ට මුහුන පාන්නට සිදු වී ඇත. එය හරියට තමන්ට යායුතු මග තිබියදී නොමගට ගොස් කිසිදු දැනුමක් නැති කාන්තාරයක අතරමන් වූවාක් හා සමානය. එහි වැලි රත්වෙන මොහොතට උඩ පැන පැන හඩ ගගා කෑගසයි. එහෙත් එය නොදැනෙන රැයට මොහොතකට එ කිසිත් මතක නැත.මෙයම නොවෙද අපෙ සිංහල ජාතියට වෙලා තියෙන්නේ? ඇයී එහෙම උනේ යායුතු මග තිබියදී නොමග ගිය නිසාම නොවේද? සමාජගත සත්වයාද තිරක් තියෙන තැන මැනවින් දැන තොරක් නැතිව අන්‍යන්ගේ සංස්කෘතීන්ට අවනත වෙන්නට සිතන පතන නිසාම සහ ඒ තුල ඇති ගුණ සහ අගුණ ගැන කිසිදු විමසීමකින් තොරව ඒ සියල්ලම වැලද ගන්නා නිසාම අකටයුතුකම් කරමින් සමාජය තුල පරාජිතයන් ලෙස බියගුලු ස්වභාවයක් උසුලයී. අප සියල්ලෝම කිසිදු මොහොතක නොසිතන එකම කරුණක් ඇත. එය නිසාම අපේ ජීවිත තුල නොයෙක් ගැටලු ඉක්මනින්ම නිර්මාණය වනු ඇත. ඒ කුමක්ද? මත්ද්‍රව්‍ය ලක්දිවට හදුන්වා දුන්නේ ඇයී? ඒ තුලින් අනිත් රටවල් තු

නැණවත් වීමට ඔබ හෙට වන තුරු බලා නොසිටින්න.

Gambar
නැණවත් වීමට ඔබ හෙට වන තුරු බලා නොසිටින්න. ඒ මන්දයත් හෙට පායන හිරු ඔබ හමුවෙහි නොපායන්නට ඇති ඉඩකඩ මහත් විශාලය. ඒ අපේ සිතුවිලි නිවැරදි අයුරින් පාලනය කිරීමේ හැකියාවක් නිතරම එකම අයුරකින් නොපවතින නිසාමය. අප සියල්ලෝම අතර ජීවත්වන සියලුම දෙනා එකම මානසිකත්වයක නිතරම එල්බගෙන සිටින්නේ නැත. ඒ මනසේ සැබෑ ස්වභාවයයී. එහෙත් ඒ අයුරින් නොපවතින මනස එකම අයුරකින් පවත්වා ගන්නට උත්සාහ දරන්නේ නම් එය තමන්ටම මහත් උපකාරයක් වනු ඇත තමන් සතු සියලුම කටයුතු මැනවින් ඉටු කරගැනීම සදහාම. අප සියලුම දෙනා යන ගමන් මග තුල දකින්නට මෙන්ම විමසන්නට අවැසි දෑ මෙන්ම නොවැසි දෑ ඇති බව අප මැනවින් දනිමු. එහෙත් අප එය නොදන්නවුන් ලෙස කටයුතු කරන්නට සමහර අවස්තා තුලදී බොහෝ ලෙස පෙලබෙනු ඇත. ඒ පෙලබීම කෙතරම් දුරට සාර්ථක ද අසාර්ථක ද යන වග තීරනය කරන්නේ බොහෝ දෙනෙක් ඒ කාර්‍ය් අසාර්ථක   වූ පසුවමය. එහෙත් අප යම් කාර්‍ය්ක් කරන්නට අරබන්නට ප්‍රතම එය සිදු කළ යුතු අයුරු මැනවින් ප්‍රතමයෙන් නිර්මාණය කරගෙනම සිදු කරන්නට පෙලබෙන්නේ නම් මනා සාර්ථක ත්වයක් ලබන්නට හැකි වනු ඇත. පිපෙන්නට පෙර මල සතුව හෝ මල අයිති ගස සතුව කිසිදු හැගීමක් දැනීමක් නැති වුවත්

ඔබට දිගු ගමනක් යන්නට අවැසි නම්

Gambar
ඔබට දිගු ගමනක් යන්නට අවැසි නම් එ ගමන යන්නට අවැසි මාවතක් ප්‍රතමයෙන් ඔබෙ සිත තුල නිර්මාණය කර ගන්න. එවිට ඔබට යන්නට අවැසි තැනට යායුතු මාර්ගය නිතැතින්ම නිමැවෙනු ඇත. එය ඔබව මවිතයට පත් කරාවි. එසේම ඔබ සිතන්නේ පතන්නෙ යමක්ද? ඒ සියල්ල ඒ අයුරින්ම ලබා දෙනු ඇත. ජිවිතය නැමති නව්කාව පදවන විට ඔබව අපහසුතාවයට පත් කරන්නට නොයෙකුත් බාධක  රළපෙල නැගෙනු ඇත. ඒ රළපෙළ පරදන්න නම් ඔබ නිවැරදි අයුරින් නව්කාව පදවන්නට හුරුපුරුදු විය යුතුමය. ඔබට කදු මුදුනට නගින්නට අවැසි නම් පියෙන් පිය පිය නගන්න කදු මුදුන දෙසට. එවිට ඔබට කදුමුදුනට යන්නට හෙකිය. එහෙත් ඔබ එක රෑයකින් කදු මුදුනට යන්නට සිතන්නේ නම් එ නිසාම ඔබෙ දිවිය කෙලවර වන්නටද ඉඩ තිබේ.

ඔබට ඔබේ ජීවිතය සාර්ථකව

Gambar
ඔබට ඔබේ ජීවිතය සාර්ථක ව ගොඩ නගන්නට නොහැකි යැයී ඔබේ සිත තුල සිතු විල්ලක් ගොඩනගා ගෙන සිටිනාතාක්  ඔබට ගොඩ නැගෙන්නට නොහැකිය. එසේ නම් ඔබ නිතරම ඔබ සතුව ඇති දක්සතාවයෙන් ප්‍රයෝජනයක් ගන්නට වෙර දරන්න. ඔබ සතුව ඇත්තේ සුලු මුදලක්ද එය වැය කොට සුලුවෙන් මුදලක් උපයන රෑකියාවක් හෝ ඔබ අරබන්න.ඒ  තුලින් ඔබට ඉදිරියට යන්නට අවශ්‍යය අන්‍ය මාර්ගයන් විවර කර දෙනු ඇත. ඔබ කිසිදු මොහොතක කිසිදු අයුරකින් මට කිසිත් කර කියා ගත නොහැකි යැයි පසු තැවෙන්නට හෝ මන්දගාමී දුර්වල මානසිත්වයක් ගොඩ නගා ගන්නට වෙර නොදරන්න. එසේ වෙර දරන්නේ නම් එය ඔබගේ මුලු දිවියම අදුරු කරන සතුරාද වනු ඇත. ඔබට මේ ලෝකයේ කරන්නට නොහැකි කාර්‍යන් දෙකකි. එනම් අවශ්‍ය මොහොතක මරනය කර යාමටත් අවශ්‍ය මොහොතක ඉපදෙන්නටත් පමණි.අන්‍යය සියලුම කටයුතු කල හැකිය. අවශ්‍ය වන්නේ නොසැලෙන අදිස්ටානයෙන් ගොඩ නගන ලද නැණසක් පමණි.එය ඔබට ගොඩ නගන්නට හැකි නම් ඔබගේ මුලු දිවියම සාර්ථක වනු ඇත.

මිනිසුන් අසාර්ථක වන්නට සැලසුම් නොකලාට

Gambar
මිනිසුන් සාර්ථක වන්නට සැලසුම් නොකලාට සාර්ථක වන්නට සැලසුම් කරන්නට අසාර්ථක වෙනව. සෑම මිනිසෙකුගේම සිත තුල නිමැවෙන ආකල්ප වෙනස් කරන්නට අප වෙර දැරිය යුතුයී. එසේ ඔබගෙ සිත තුළ ඇති වන ආකල්ප වෙනස් කරන්නේ නම් ඔබේ මුලු මහත් ලෝකයම වෙනස් කරන්නට මහත් හැකියාවක් ඇත. ඇප සියල්ලෝම ඉපදෙන ඔහොතේ කිසිත් අප සතුව තිබුනාද? නැහැ. අප සතුව කිසිත් නොතිබුනි. එහෙත් අප ඒ ඉපදුන අයුරිනමද මේ මොහොතේ ජීවත් වන්නේ? නැහැ. අප සිටිය තත්වයට වඩා යම්තාක් හෝ ඉහල තැනකට පත්වී හමාරය. ඒ අප සතු වූ දෙමාපියන් විසින් යම්තාක් දුරට හෝ අපගේ සිත තුල නිමැවුනු ආකල්ප නිසා බව අප දනිමු. අප සතු දෙමාපියන් මුලින්ම අපගේ සිත තුල ඇති කළ ආකල්පය කුමක්ද? ප්‍රතමයෙන්ම ඇදුම් පැලදුම් පරිහරනය කිරීම නොවේද? එයමයී. අනතුරුව ඔබගේ වාග් වීලාසයද වෙනස් කොට කිසිදු වදනක් නොතෙපලූ දරුවා කතාකරන තත්වයට පත්කොට ඇත. ඒ ඒ අයුරින් බොහෝ ආකල්ප ප්‍රමාණයක් නිමවමින් සමාජගත සත්වයින්ගේ ආකල්ප නිවැරදි අයුරින් මෙනම වැරදි අයුරින් නිමවා ඇත. ඒ නිසාම දුක් විදින සහ සැප සම්පත් විදින මිනිසුන් ප්‍රමාණයක් නිමැවී ඇත. ඔබ ඔබගෙ සාර්තකත්වය කරා පිය නැගිය යුත්තේ ඔබගේ මනස විවේකී සුවයෙන් යුතුවමය
Gambar
               එක් ඉඩම් හිමි ලෝභී මිනිසෙක් එක් ඉඩම් හිමි ලෝභී මිනිසෙක් විය. මොහුට අවශ්‍යය වුනේ ඒ පලාතේම ලොකුම ඉඩම් හිමි අයිතිකාරයා වීමටය. ඒ නිසාම ඔහු හැම අස්සක් මුල්ලක් නෑරම ඉඩකඩම් මිලදී ගන්නට විය. මොහුට එක දිඅනක් අරන්චියක් ලැබිනි. ඒ කුමක්ද? ඒ රටේම එක පලාතක බොහෝ ඉඩම් ප්‍රමාණයක් විකුණන බවය. මෙය අසූ මේ පුද්ගලයා රන් කාසී මල්ලකුත් අරගෙන ඉඩම් විකුණන ස්ථානයට ගොස් එම පලාතේ ප්‍රධානියා මුන ගැසිනි. එහිදී එම මුලා දැනියා ප්‍රකාශ කළේ ඔබ මේ ගස ලග ඔය රන් කාසි මල්ල තබා ඔබ අවශ්‍ය ඉඩම් ප්‍රමාණයක මායිමේ ඇවිද ගොස් නැවත ඉර බැස යන්නට ප්‍රථම මේ ගස ලගට ආයුතු බවයී. ඔහුගේ දැඩි ලෝභකම නිසා මහත් විශාල ප්‍රදේශයක ඇවිද හති දම දමා ඉර බැස යන්නට ප්‍රථම අර රන් කාසි මල්ල තැබූ තැන මැරී වැටිනි. ඔහු එහාට මෙහාට පෙරලා බැලූ ගමේ නායකයාට වැටහුනේ ඉඩම් කට්ටියේ ඇවිද මහන්සියටම මියගොස් ඇති බවයී. අනතුරුව එතන සිටි සේවකයන්ට කතා කොට විමසන ලද්දේ මැරුනු පුද්ගලයෙකුට දිය යුතු ඉඩමේ ප්‍රමාණයයී. ඒ අනුව ඔහුට අඩි 6ක කොටසක් හිමි විය. අවසානයේදි ඔහුට ඉඩමවත්, මුදල්වත් ජීවිතයවත් නොමැති විය. ඒ සියල්ල සිදු වූයේ ඔහුගේ දැඩි ලෝභය නිසා බ

ලෝකයම අදුරු වූ මං පෙතක් තුළ

Gambar
ලෝකයම අදුරු වූ මං පෙතක් තුළ ඇවිද යන විට ඔබ පමණක් හෝ එලිය ඇති සොදුරු මාවතක් තුළ මැනවින් පිය මනින්නට වෙර දරන්නේ නම් ඒ ඔබ යන මග තුළ ඔබ මානසිකව වින්දනය කරන ලද සැනසීම දෙස බලා අන්‍යයන්ද ඒ මග අනුගමනය කරන්නට පෙළබෙනු ඇත. ඒ මන්දයත්? ගතානුගතිකත්වය අද දිවි ගෙවන්නාවූ බොහෝ පිරිසක් අනුගමනය කරන නිසාවෙනි. හැබැයි ඔබ ගමන් ගන්නා මාර්ගය අන්‍යයන්ට දැනෙන්නට අනුගමනය කළ යුතුමය. අප උපත ලද්දේ විශවයේ යථාර්තාවබෝදය ලබමින් මැරි මැරී උපදිමින් දුක් විදන්නට නොවේ යන වග ඔබ නිතරම සිහියෙහි තබගෙන කටයුතු කළ යුතුය. එහෙත් ඒ අවබෝධය ලබන්නට ඔබ කෙතරම් වෙහෙසක් දරනවාද? ඔබ හැම මොහොතක සිද්ද කරනුයේ පසිදුරන් පිනවමින් ජීවත්වන කාල පරාසය සතුටින් හෝ දුකින් නිම කර දැමීමට නොවේද? ඒ තුළින් අපි තව තවත් මේ සසර කතරේ ඇවිද යන්නට මාවතක් නිර්මාණය කර ගනු මිසක් විවර කරගත් මාවත් වැසීමක් සිදු නොකරයී. සිදුහත් කුමාරයාට කොපමණ නම් වස්තු සම්භාරයක් මෙන්ම සැප සම්පත්තියක් වින්දනය කර මියැදෙන්නට ඉඩ ප්‍රස්ථාවක් තිබුණාද? එහෙත් උන්වහන්සේ සිදු කළේ කුමක්ද? මුලු මහත් ලෝක සත්වයාම මහලු වෙමින්, ජරාවට පත් වෙමින්, මැරෙමින් දිවි ගෙවන්නා වූ දිවියේ සැනසීමක් සොයා ගන්නට කෙත

අදහම දහම ලත් තැන දුබලය

Gambar
අදහම දහම ලත් තැන දුබලය                      අදය දෙනයන යනෙන සැම තැනකම           සිත යැවිය ලොවතුළ නියත අනියත දම              නොනවතිය යන බව නොදැන පස් ඉදුරන්                 පිනවතිය සත වෙත පතල ගුණයෙන් රන් කදක්             සම ගුණ ඇති බොහෝ ආයුධයකි මිනිස්                කම එනමුදු එදැන දැන දැනමත්                      මිනිස්දම වනසා ලොවේ නොමගට යති මිනිස්               හැම රාගය සිතේ ජනිතව පසිදුරන්                          අයා යනවා දෑත දිගු කර ආදරෙයි                          කියා සිතු ලෙස රාග සිතුවිල්ලේ සිරුර                    අයා සතපනු නොහැකි තැන් ගැටුමකි නැණස        පියා මනසට නැණස ගැලපෙන ලෙස                හැසිරීම සිදුකළ විටදි ලැබගත හැක                       සැනසීම ආලය ඇතිව නැණසක් නැති                     හැසිරීම සිදුවන විටදි එතනදි ඇත                         වැනසීම රාගය ඇති තැනදි මෝහයෙ                පැටලෙනවා කළයුතු කිමද යායුතු මග               නොපෙනෙනවා මාවත කිමද කවරෙකු හෝ                  පෙන්වනවා එනමුදු එමග රාගයෙ ගිනි                    ඇතිරෙනවා

සැනසුම සොයන නිවැරදි මග සොයනු මැන.

Gambar
සැනසුම සොයන නිවැරදි මග සොයනු    මැන වැනසෙන දේ දුකයි නොතිරයී සිතනු      මැන යහ මග ගියොත් නිවැරදි මග නැණින්      දැන සැනසුම මිසක දුකදුලු නැත සියලු           තැන සතුටක් සොයා නොමගට ඔබ යන්න      එපා එවිටදි විපත ඔබ හමුවේ දිලෙති             සිපා සන්සාරයේ ඇති දුකදුලු නැණින්           කපා වනසනු පිණිස සැරසෙනු ඔබ මනස        දපා ආදරයේ පහස සොයා රාගයේ ඇලලෙන්න      එපා සන්සාරයේ ඇවිද ඇවිද දුකදුලු විදවන්න           එපා නිවැරදි මග සොයන් මිසක් වැරදිම මග යන්න එපා ඔබ හට ඔබ මිසක් තවෙකෙකු ඇත සිතනු        එපා ඔබ හට පිහිට ඔබ හැර වෙන කෙනෙකු         නැත ඒ ගැන සිතුම ඔබ හට අද කළ                      හැකිද නොසිතුව නමුදු එය සැබැවකි මෙමනු             සිත වෙනවා වෙනස් එනිසා එය සිතනු                    සත ඔබ හට පිහිට ඔබ හැර ලොව වෙන               කවුද යනුවෙන් සිතුම ඔබ හට අද කළ                 හැකිද එලෙසින් සිතුවිල්ල ඔබ අද                 නොසිතුවද ඔබමයි ඔබේ ලොව එලික්ල එකම                  සද දුකදුලු රෑදුන විට සතුටක් සිතන                       අප ඇයි ඒ දුකට හැතුව ගැන නොසිත                   සිප විදවන සසරෙ ඉපදී

ලෝකයේ ජිවත් වන්නා වූ අප සියලුම දෙනා

Gambar
ලෝකයේ ජිවත් වන්නා වූ අප සියලුම දෙනා කැමති තමන්ගේ සිතින් උපදින සිතුවිලි ධාරාවන්ට අනුකූලව දිවි ගෙවන්නට මිසක් තවෙකෙකු යටතේ දිවි ගෙවන්නට නොවේ. එසේ නම් ඒ අයුරින් ජීවත් වෙන්නට වෙර දරන ඔබ ප්‍රතමයෙන්ම කළ යුතු කුමක්ද? ඔබට අනු ගමනය කරන්නට හැකි හා සමාජය විසින් හොදයී යහපතී යනුවෙන් සම්මත කරන ලද ප්‍රතිපදාවන් සමූහයක් අනුගමනය කිරීමයී. ජීවිතය මෙලොව නිමැවුනු මොහොතේ පටන් සිදු වන්නේ එකම ක්‍රියාවලියකි. එනම් කුමක්ද? ඉපදීම හා විනාශවීමම නොවේද? මේ අතර ගතවන කාලය මනුස්ස ලෝකය තුල ඉන්නවුන්ට මහා විශාල දින ගණනක් අයුරින් දිස්වෙන නිසා සියලුම දෙනා හිතාගෙන සිටිනුයේ අප කිසි දිනක නොමැරෙන්නවුන් අයුරිනි. ඒ නිසාම ලෝකය තුළ දිවි ගෙවන ලද බොහෝ පිරිසක් නිවැරදි මග තිබියදි වැරදි මගක් අනුගමනය කරමින් දුක්ඛිත අන්ත අසරණ ජීවිත ගත කරයී. අප උපතින් මෙලොවට ගෙන පැමිණියේ ඇදිවත පමණි. අනතුරුව දෙමාපියන් විසින් අපව රක්ෂාකොට මේ ලෝකය තුල මේ කයේ පැවත්ම රදා පවත්වාගෙන ඉදිරියට යායුතු අයුරු එකිනෙක කියාදෙමින් මහා ශක්තිමත් සත්වයෙකු බවට පත් කරයී. අනතුරුව ඔවුනොවුන් එකිනෙකාගේ සිතැගි පරිදි සියල්ලම මැනවින් මෙන්ම නොමැනවින් ඉටු කර ගනී. එහි ඵලයද ඔවුනොවුන්

ඔබ ගමන් ගන්නා මග

Gambar
ඔබ ගමන් ගන්නා මග වලකන්නට බොහෝ අය පෙලගැසී ඇත. ඒ සියලුම දෙනා ඔබට අත හිත දෙන්නට කිසිදු මොහොතක පෙළ නොගැසෙනු ඇත. එහෙත් ඔබ යන මගට කෙලෙසක හෝ දඩු මුගුරු මෙන්ම ගල් මුල්ද ඇද දමන්නට පෙල ගැසෙනු ඇත. ඔබ ඒ තුලින් බිය වී පසු පසට නොයන්න. ඔබ පෙරටම යන්න වෙර දරන්න. අප සමාජයෙ වෙර දැරිය යුත්තේ මහත් වියතෙකු මෙන්ම උගතෙකු අයුරින් මිසක් එයට වඩා හාත් පසින්ම වෙනස් ස්වරූපයක් අනුගමනය කරමින් නම් නොවේ. ඔබ එයට වඩා වෙනස් ස්වරූපයක් අනු ගමනය කරන්නේ නම් ඒ අනුවණ කමින් යුතු මානසිකත්වයකි. එය කිසිවෙකුට උචිත නොවන්නකි.

ඔබ සතු නිවහල් මානසිකත්වය

Gambar
ඔබ සතු නිවහල් මානසිකත්වය එකම අයුරකින් පිහිටුවා ගන්නට නොහැකි මන්දැයි ඔබ කිසිදු මොහොතක විමසන්නේද? නැහැ. ඔබ සතු මානස නිවැරදිව පිහිටුවා ගන්නට නොහැකි ඔබ සතු පසිදුරන්ට හසුවන අරමුණු හමුවේ ඒ අරමුණු සඵල කරලන්නටම මනස හා නැණස වෙහෙස වෙන නිසාවෙනි. ජීවිතයේ සෑම මොහොතකම ඔබව අසරණ මානසිකත්වයකට ඇද දමනුයේ කිසිදු මොහොතක තෘප්තිමත්භාවයේ අගකට පත් නොවන්නා වූ පසිදුරන්ම බව ඔබ මනසෙහි තැන්පත් කර තබා එයට අනුගතව කටයුතු කරන්න. එසේ නොවන්නේ නම ඔබ සිතන පතන අයුරින් කිසිදු කටයුත්තක් සිදු නොවන්නේ නම් ඔබේ මානස හා සිරුර වෙහෙසට පත්වීමම පමනක් සිදුවෙයි. මෙය ලෝකයෙ සැබෑ ස්වභාවයයී. පඨවී, ආපෝ, තේජෝ, වායෝ නැමති සතර මහ භූතයන්ගේ සංයුතියෙන් නිමැවුනාවූ සියලුම වස්තූන් අප සිතන පතන අයුරින් පවත්වාගෙන යන්නට නොහැකි බව අප නිතර නිතර සිතිය යුතුවාසේම ඒ ගැන මෙනෙහි කරන්නටද වෙර දැරිය යුතුවම ඇත. එසේ නොකරනතාක් කල් ඔබ මහා උමතු පුද්ගලයෙකු අයුරින්ම හැසිරෙනු ඇත. ඒ උමතු බව මග හරවන්නට ඔබ අද පටන් වෙහෙස වන්නේ නම් මැනවි. එය ඔබගෙ යහපත පිණිස මෙන්ම සාර්තකත්වයට මනා පිටු වහලක්ම වනු ඇත.

අපෙ ශරීරයටද මෙය මේ අයුරින්ම සිදුවන බව වටහාගන්නට

Gambar
අපෙ ශරීරයටද මෙය මේ අයුරින්ම සිදුවන බව වටහා ගන්නට ඔබ මෙපමන අකැමැති මන්ද? මේ පසිදුරන් පිනවීමට තිබෙන ආශාව නිසාම නේද? එහෙත් මේ පසිදුරන් පිනවීමෙනෙ කෙදිනක හෝ සැනසීමක් ලද පුද්ගලයෙකු මේ ලෝකය තුළ සිටිනවද? නැහැ. එයින් කිසිදු මොහොතක මෙතනින් නිමැවිය යුතුයි යන සැනසීමේ අවසානයක් දැකීමට නොහැකිය. මේ නොදැනෙන කාරණය අපගේ මනසට වටහා දෙන්නට නිතරම වෙර දරන්න. එය ඔබගේ මුලු මත් දිවියම ආලෝකමත් වන පහන් සිලුවක්ම වනු ඇත. ඔබ ජීවත්වන්නේ අවුරුදු 120 නම් දින 43800කී. එහෙත් ඔබ ජීවත් වන්නේ අවුරුදු 60ක් හෝ 70ක් පමණි. එසේ නම් ජීවත් වන්නේ දින 22000ක් පමණ සුලු කාලයක් නොවේද? එහෙත් ඒ ජීවත් වෙන කාලය ඔබ වැය කරන්නට ඔබේ මනස හා නැණස වෙහෙසවන්නේ නිවැරදිවද? වැරදිද යන කාරනය පිලිබදව නැවත නැවතත් සිතන්නට සුදුසු කාලයයි මේ.

ජීවිතය ගැටගසන්නට ....

Gambar
ජීවිතය ගැටගසන්නට මෙ දරුවා කෙතරම් වෙහෙසක් දරනවද කියල ඔබ මොහොතක් සිතින් හා නැණසින් සිතන්න. එසේම මේ දරුවට ඇති කායික හා මානසික දුබලතාවක් අප සතුව තිබෙනවාද? එහෙත් අප මේ අයුරින් කටයුතු සිදු කරන්නට වෙර දරනවාද? නැහැ නේද? ඒ මන්ද? අපට ඉගෙනීම පිළිබදව කිසිදු උවමනාවක් නොමැත. ඔබටමුදල හදල් නොමැතිකම මත ඔබ වැරදි මන්පෙත් අනුගමනය කරන්නට පෙලබෙන වාර ගනන අපමණය. එහෙත් ඉන් අවසානයෙ ලබන ප්‍රතිඵලය දුක්ඛිතය. එය ඔබට ප්‍රතමයෙන් වැටහුනා නම් ඔබ වරදට නොපෙලබෙනු ඇත. එහෙත් ඔබට අත් වී ඇති ඉරණම යැයී ඔබ සිතනතාක් නිවැරදි මන්පෙතක් දකින්නට නොහැකි වනු ඇත. ඔබ යම් කටයුත්තක්  අරඹන්නට මුල පුරන මොහොතේම විමසන්නේ එය සිදු කරන්නට හැකි ලෙහෙසිම මග කුමක්ද යනුවෙනි. එහෙත් අප නිතරම සෙවිය යුත්තේ යමක් කරන්නට හැකි ලෙහෙසි මග නොවේ අපහසු මගමය. එවිට අප ඉදිරියට එන සෑම ගැටලුවකටම පිලිතුරු සැපයිය හැකිය.

සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවන මන්පෙත තුළ

සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවන මන්පෙත තුළ අසුන්දර වූ මහත් විඩාබරව ඇවිද යන්නට සිදුවන මන්පෙත්ද මුන ගැසෙනු ඇත.ඒ මන්පෙත් ඔබෙ මුව අබියස හිදිමින් ඔබව ඒ මාර්ගය තුළ ඇවිදවන්නට කිසිදු උත්සාහයක් ඔබසතු මනස තුළ කිසිදු මොහොතක ඇති කරනවාද?නැහැ එය කිසිදු මොහොතක කිසිදු අයුරින් සිදු නොකරන්නක් සේම සිදු නොවන්නක් බව අප මැනවින් සිතිය යුතුයී.එසේම අපට යන්නට දිගු ගමනක් ඇති බව සිතා කෙතරම් දුස්කර මාර්ගයක් තුල උවත් පෙරට නොසැලී යන්නට වෙර දරන්නේ නම් එහි අවසානයේදී මනා සැනසීමක් ලද හැකිය. ජීවිතය සුන්දරයී මලක් මෙන් සුපිපෙන විට.එහෙත් ඒ මල සුපිපෙන්නට අවැසි සුදුසු පාරිසරික වටපිටාවක් තිබිය යුතුය.එසේ නොමැති නම් කිසිදු මලක් හෝ පැලයක් කිසිදු ස්තානයක් මැනවින් රෝපනය නොවනු ඇත.ලෝකයේ සාර්තකත්වයට පැමින ඇති බොහෝ පිරිසක් ඔවුන්ගේ සාර්තකත්වයට හේතුව විමසන කල්හි එකහෙලාම ප්‍රකාශ කරන්නේ කුමක්ද?මම මට යායුතු යැයී අරමුණු කළ ස්තානයට එළ්බෙනතුරු නිවැරදිව මා සතු මනස හා නැණස මෙහෙයවීමී.ඒ තුළින් මා මාගේ සාර්තකත්වයට් පැමිණියෙමි.ලෝකය වටකුරු වුවත් ඒ ලෝකය තුළ දිවි ගෙවන්නා වූ බොහෝ පිරිසක් උඩු කුරු වන්නටම වෙර දරා එහි සාර්තකත්වය දැක ඇත්තෙ නොසැලෙන අදිස්ට

මොහොතක් සිතන්න....

Gambar
ඔබ සතුව ඇත්තේ උපතේ පටන් මේ පංචස්කන්දය පමනී. එය ඊට වඩා වැදගත් වස්තුවක් අයුරින් ලෙල දෙන්නට නම් ඔබගෙ මනස හා නැණස මැනවින් රෝපනය කළ පුද්ගලයෙකු අයුරින් නිමැවෙන්නට වෙර දරන්න. ඔබ උපදින මොහොතේ ලබා ගත් ශාරීරික අවයව වලට වඩා දැනුමක් ඔබ මේ මොහොත වෙනකොට ලබා ඇත්නම් ඒ ඔබගෙ උත්සාහය මතයී. එසේ නම් ඔබ නැවත නැවතත් ඔබෙ සිතින් සිතන පතන සියල්ලම ලැබ ගන්නට වෙරදරන්න. යමක් කරන්න ප්ලෑන් කරන්න. එය ඒ අයුරින්ම සිදු කරමි යැයි සිතන්න. ඒ තුලින් ඔබෙ සියලුම බලාපොරොත්තු සපල කරගත හැකිම වනු ඇත. ලෝකයේ දිවි ගෙවන්නාවූ අප සියල්ලෝම එන විට ගෙනා දෙයක් නැත. ඇත්තේ මේ ලෝකයට පැමින සිදුකර ගත් දේම පමණි. එය ඔබේ මනසින් හා නැණසින් සිතා කටයුතු කරන්නට මේ සුදුසු කාලයයී. අප මේ පරිහරනය කරන සියලුම බඩුබාහිරාදිය තෙවෙකෙකු විසින් ඔහුගේ මනසින් හා නැණසින් ක්‍රියාත්මක වීමතුලින් සිදු කරන ලදි. එසේ නම් ඒ සියල්ලම මුල් කරගෙන අපට අපගෙ දිවිය සාර්ථකව නිමවාගන්නට නොහැකිද?මේ ගැන මොහොතක් සිතා කටයුතු කරන්න.

තමන්ගේ විමුක්තිය පසක්කර....

දැන උගත් බුද්ධිමත් පඬිවරයකු යෑයි නම් පට බැඳ ගන්නට පළමුව තමන් විමසා බැලිය යුත්තේ තමන් සතුව එම ගුණ දම් තිබේදැයි යන වගය. එසේම අප සෑම කෙනකුම ලබන ලද ඉගෙනුම තුළින් හෝ ඉඩකඩම් මුදල් හදල් තුළින් හෝ ලැබිය හැකි විමුක්‌තිය තාවකාලික වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස්‌ පන්සියයකට ඈත ඉතිහාසයේ දී දේශනා කොට ඇත. උන් වහන්සේ නොමඟ ගිය සියලු සත්වයින් යහ මඟට ගැනීමේ පරමාර්ථයෙන් දේශනා කෙරුණු කාරණා සියල්ල සර්වකාලීනය. එතෙකුදු වුවත් මුදල් පසුපස හඹා යන සමාජයක්‌ ඇතිවීම හේතුවෙන් අද දිවිගෙවන මිනිසුන් කරන්නේ කුමක්‌ද? කළ යුත්තේ කුමක්‌ද? යන කරුණු කාරණා දැන දැනත් නොදන්න පුද්ගලයන් ලෙස දිවි ගෙවන්නේ අන්ත අසරණ දුක්‌ත ස්‌වභාවයෙනි   බුදුන් වහන්සේ "අලගද්දුපම" සූත්‍රයෙන් දේශනා කරන ලද්දේ සර්පයාගේ වලිගයෙන් ඇල්ලු පසු දෂ්ඨ කරන බව දැන දැනත් එයම කරන්නේද යනුවෙනුයි. එහෙත් එය දැන දැනත් එසේ කරන මිනිසුන් අප සමාජ තලය මත දිවි ගෙවන්නේ සැපයෙන් ද යන කරුණු කාරණා අප අපම විමසා බැලිය යුතුය. බුදුන්