Postingan

Menampilkan postingan dari Januari, 2012

ජීවිතය මැනවින් රෝපණය කරන්නට නම්

ජීවිතය මැනවින් රෝපනය කරන්නට නම් අනුන්ගේ දෝසාරෝපනයන්ට හෝ ගැරහුම් නින්දා අපවාදයන්ට හිත කලකිරෙන පුද්ගලයෙකු නොවිය යුතුයී. ඒ මන්දයත් ප්‍රකුර්ති ස්ව්භාවයෙන් පවතින් සිත විකුර්ති ස්වභාවයට පත්වීම තුලින් කිසිදු කාර්යක් තම්න් සතු බුද්ධියෙන් විමසා කරන්නට තිබෙන හැකියාව කෙමෙන් කෙමෙන් වියැකී යන් නිසාවෙන්මය. මේ සියලුම කරුනු කාරනා ගැන මැනවින් දැන හැදින් ජීවිතය එකිනෙක බාදක මැද ගොඩ නගන්නට අප වෙර දැරිය යුත්තේ නොසැලෙන අධිෂ්ටානයෙන් යුතුව ප්‍රඥාවේ ආලෝකය උදාකරලීමෙන්මය.

අප උපදින්නේ...

Gambar
අප උපදින්නේ හඩා වැටෙමින් හයක් හතරක් නොතේරෙන්නවුන් පරිද්දෙනි. එහෙත් යමක් කමක් තේරුම් ගත හැකි කාල පරාසයකට එලබි පසු ඔබ විසින් සමාජ ගත අන්‍ය සත්වයින්ට සලකන්නේ කවරාකරයෙන්ද? අප සියල්ලෝම එකොලොස් ගින්නකින් දැවි දැවී පිච්චෙමින් අලු දූවිලි බවට පත් වන්නට මෙතරම් වෙර දරන්නේ මන්ද? ඇයි අපට හිතන්න බැරි මේ ජීවත් වෙන කාලය තුල නිවැරදිව ජීවත් වීමට වෙර නොදරන්නේ කවර මානසික ගැටලුවක් නිසාද? ඔබගේ  මනස තුළ ඇති නොදැනීම නිසා බව නොදන්නේහිද? ඔබ එය මැනවින් දනී. එහෙත් ඒ ගැන් කිසිදු අවබෝදයක් ලබා ගන්නට වෙර නොදරන නිසාම දුකදුලුම හද තුල තුරුලු කරමින් එකොලොස් ගින්නක් තුලම වෙලෙන්නට වෙර දරයී.ඔබ මොහොතක් සිතන්න ඔබ ඉපදෙනකොට මේ කෘර,දරුණු, අදම සිතුවිලි ඔබේ මනස තුළ ගැබ් වී තිබුනා? ඒ ගැන මොහොතක් සිතා මනසින් හා නැණසින් කටයුතු කරන්න.එවිට ඔබට සැනසීමෙන් දිවි ගෙවිය හැකිය. එසේ නොවන්නේ නම් ඔබෙ නෙතු අග කදුලක්ම පමනක් රැදේ.       පිරිසුදු බුදු දහම වැරදිව අවබෝධ  කරගනු ලබන්නේ පිරිසුදු බුදු දහම වැරදිව අවබෝධ කරගනු ලබන්නේ යමෙක්ද ඔහු නයෙකුගේ වලිගයෙන් ඇල්ලුවාක් වැනිව විනාසයට පත් වෙයී. එය මැනවින් දැන හැදින් අප සියල්ලෝම බුදුන්

ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන් සිංහල ජාතියට

ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන් සිංහල ජාතියට ආවේනික වූ සිරිත් විරිත් වලින් අනිත් ජාතීන්ට වඩා පරිපූර්ණ වූ සහ කිසිවෙකුට හෙලා නොදැකිය හැකි සංස්කෘතියක් ඇත. එහෙත් එයට පරිබාහිරව සින්හල ජාතිකයන් කටයුතු කරන නිසාම නොයෙකුත් ගැටලු සහගත තත්වයන්ට මුහුන පාන්නට සිදු වී ඇත. එය හරියට තමන්ට යායුතු මග තිබියදී නොමගට ගොස් කිසිදු දැනුමක් නැති කාන්තාරයක අතරමන් වූවාක් හා සමානය. එහි වැලි රත්වෙන මොහොතට උඩ පැන පැන හඩ ගගා කෑගසයි. එහෙත් එය නොදැනෙන රැයට මොහොතකට එ කිසිත් මතක නැත. මෙයම නොවෙද අපෙ සිංහල ජාතියට වෙලා තියෙන්නේ? ඇයී එහෙම උනේ යායුතු මග තිබියදී නොමග ගිය නිසාම නොවේද? සමාජගත සත්වයාද තිරක් තියෙන තැන මැනවින් දැන තොරක් නැතිව අන්‍යන්ගේ සංස්කෘතීන්ට අවනත වෙන්නට සිතන පතන නිසාම සහ ඒ තුල ඇති ගුණ සහ අගුණ ගැන කිසිදු විමසීමකින් තොරව ඒ සියල්ලම වැලද ගන්නා නිසාම අකටයුතුකම් කරමින් සමාජය තුල පරාජිතයන් ලෙස බියගුලු ස්වභාවයක්   උසුලයී.                                          අප සියල්ලෝම කිසිදු මොහොතක නොසිතන එකම කරුණක් ඇත. එය නිසාම අපේ ජීවිත තුල නොයෙක් ගැටලු ඉක්මනින්ම නිර්මාණය වන

තමන්ට තමන්ගෙ ජීවිතය තුල විදින්නට අවශ්‍ය

තමන්ට තමන්ගෙ ජීවිතය තුල විදින්නට අවශ්‍ය යැයී තමන්ගෙ මනසට දැනෙන සතුට හා සැනසුම තමන් තුලින්ම ඇති කර ගත යුතුයී. එය ඇති කරගන්නට තමන්ගෙ මනස නිරවුල්ව නිර්මාණය කර ගන්නට වෙහෙස විය යුතුයී. එසේ නොවන්නේ නම් තමන්ගේ මනස නොයෙක් අයුරින් වි‍කෘති කරගත් උම්මත්තකයෙකු අයුරින් කිසිදු සැනසිල්ලකින් තොර දිවියක් ගත කරන්නට නිතැතින්ම සිදු වනු ඇත. එය ස්වභාවයෙන්ම තමන් විසින් උරුම කර ගන්නක් මිසක් වෙන කිසිදු හේතුවක් මත සිදු වන්නක් නොවේ. අප සියලුම දෙනා සමාජය තුල කරන ක්‍රියාකාරකම් සියල්ලම නිවැරදි නම් අපගේ මනසට ඒ හා සමානම සැනසීමක් ලද හැකිය. එසේම සමාජය තුල වැරදි යැයී සම්මත යමක් කරන්නේ නම් ඒ තුලින් අපගේ මුලු මහත් ජීවිතය තුලටම කිසිදු සැනසීමක් ලද නොහැකි වනු ඇත.

තමන්ගේ සිත තුලින් සිතන්නේ යමක්ද?

තමන්ගේ සිත තුලින් සිතන්නේ යමක්ද? පතන්නේ යමක්ද? එය ඒ අයුරින් ඉටු නොවෙන හැම මොහොතකම අපගේ සිත තුලට නොයෙක් දුක් ගැහැට විදින්නට සිදු වෙයී.එහෙත් මෙය අප අපගේ සිත තුල මැනවින් රදවාගෙන කටයුතු කරන්නට පෙලබෙන්නේ නම් එතනදි අපගෙ සිතට දැනෙන හැම දුකක්ම මනසේ මෙහෙය වීම තුලින් මැනවින් නිරාකරනය කරගත හැකිය. ජීවිතය නැමති නෞකාව තුල ගමන් යන විට දිය තුල ඇති වෙන නොයෙකුත් හේතු නිසා ආපදාවන්ට ලක් වන්නට සිදු වෙයී. ඒ ආපදාවන් ඇති වෙන බව මැනවින් දැනගෙන නැණස මෙහෙය වීමෙන් දිවි මග ගමන් කරන්නේ නම් හැම ගැටලුවකටම විසදුමක් අපට ඉක්මනින්ම සොයා සපයා ගත හැකිය. එසේ නොවන්නේ නම් අප සියලුම දෙනාට නොයෙකුත් මානසික අසහනකාරී තත්වයන්ට මුහුන පාන්නටම සිදු වෙයී. නිතරම තමන්ගෙ සියලුම වැඩ කටයුතු තනිවම කර ගන්න පුද්ගලයෙකුට ගොඩක් හිතවත්ව ලගින් ඇසුරු කරන්නට කවුරු හරි කෙනෙක් හමු උනොත් එතනදි ඔහු සතු සියලුම තතු ඒ තැනැත්තාට ප්‍රකාශ කරයී. එසේ උවත් එය එතරම් වටිනා කාර්‍ය්ක් නොවේ. එහෙත් නැවත ඒ පුද්ගලයාගෙන් ඒ තැනැත්තා කවර හෝ හේතුවක් මත වෙන් වුවහොත් එතනදි තමගේ සිතට දැනෙන පීඩනය මහා විශාලයී. ඒ නිසාම අප සියල්ලෝම අන්‍යන්ගෙන දිවි මගට ගත යුතූ උපදෙස

කෙනෙකු ස්වකීය ලැබීම්ට අමතර.....

කෙනෙකු ස්වකීය ලැබීම්ට අමතර වෙනත් ලැබීමක් සොයා යන්නේ නම් ඔහු ඔහුටද නොදැනී මහත් විශාල දුක් කරදර සමූහයකට පත් වනු ඇත. එය ලෝකයේ ස්වභාවය බව අප සියල්ලෝම සිතෙහි තබා ගනිමින් කටයුතු කරන්නේ නම් මැනවි. එසේ නොවන්නේ නම් ඔබගේ දිවියේ විනාශය කෙදිනකද යන වග ඔබටවත් සිතා ගත නොහැකි අයුරින් සිදු වනු ඇත.

අම්මෙක් තාත්තෙක් නොමැති ජීවිතයක්

අම්මෙක් තාත්තෙක් නොමැති ජීවිතයක් ජීවත් කරවන්නේ කෙසේද? ඒ  ජීවිතයට අවැසි ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, ආදර්ශය, ලබා ගන්නේ කොහොමද? ඒ කවරාකාරයෙන්ද? අප සියලුම දෙනා මේ සැප සම්පත් ලබන්නට නිතැතින්ම කැමැත්තෝ වෙමු. එහෙත් ඒ සැප සම්පත් ලබන්නට නොහැකි කෙතරම් ජීවිත ප්‍රමාණයක් මේ ලෝකය තුල මානසිකව මෙන්ම කායීකව දුක් විදිනවාද? ඒ දුක් වේදනාව නිමා වෙන්නේ කවර නම් මොහොතකද? ඒ අයුරින් දෙමවුපියන් අහිමිව උපදින්නේ ඇයී? ස්වභාව දහම විසින් ඇයී ඒ අයුරින් මිනිසුන් නිර්මාණය කරන්නේ? කවර නම් කරුණක් පදනම් කරගෙනද?ඒ අයුරින් දෙමවුපියන් අහිමිව ලොවට දායාද වන සමහර පුද්ගලයින් සමාජය තුල මනා පිලි ගැනීමකට පාත්‍ර වන චරිතයන් අයුරින් මෙන්ම අප්‍රිය චරිත අයුරිනද නිර්මාණය වනු ඇත. ඒ ඔවුනොවුන්ගේ මානසිකත්වය අනුවමය. ජීවිතයක් තනන්නෙකු මිසක් ජීවිතයක් වනසන්නෙකු වන්නට අප කිසිදු මොහොතක නොසිතිය යුතුයී. ඒ මන්ද යත් අප මේ ලෝකයට තනිවම ඉපදුනා නම් ඒ තනිවම ඉපිද තනිවම දිවි ගෙවන්නට අවැසි වන වස්තු සම්පත් අපට ස්වභාව දහම විසින්ම දායාද කොට ඇත. එයද උපයෝගී කොට ගනිමින් ජීවිතය ඉදිරියට ගෙන යන්නට වෙර දැරිය යුතුයී. එහෙම නැතුව මට දෙමවුපියො නැහැ යැයි සුසුම් හෙලමින් හිදී

ජිවිතෙ හැමදාම හැම මොහොතකම....

ජිවිතෙ හැමදාම හැම මොහොතකම ගත කරන හැම තත්පරයකම ඔබ ඔබ වෙනුවෙන් යමක් සිදු කරනව මෙන්ම අන්යන්ටද ඉන් යහපතක් විය යුතුයී. ඒ යහපත තුලින් බොහෝ පිරිසකට මහත් සැනසීමක් ලද හැකි නම් එය මහත් සැනසීමකී. මිනිසුන් බොහෝ පිරිසක් ස්වකීය සැනසුම සොයන්නට ලද මේ මිනිස් දිවිය තුල ඔවුනොවුන්ගේ වැනසුම නිමවා ගන්නට මහත් වෙහෙසක් දරන බව අප සියල්ලෝම නිතරම නෙත ගටන කාලයක ඒ වැනසුම සැනසුමකට පමුණ වන්නට අප වෙර දැරිය යුතු කාලය අද හෝ හෙට නොවේ එය මේ මොහොතෙම ස්වකීය මනස තුලින් මෙහෙය වීමෙන් කළ යුතුමයී. එය මැනවින් සිදු කරන්නේ කෙසේද යන වග මේ තුලින් මැනවින් පැහැදිලි කර දෙන්නට වෙර දරමු.